අරගලයේ නියුතුව සිටි ඉදිරිපෙළ තරුණයන් 150 දෙනකුගේ ලයිස්තුවක් පොලිසිය මගින් සකස් කොට ඇති බව ‘ලංකාසර’ වෙබ් අඩවිය වාර්තා කොට ඇත.
ඒ අනුව මෙම අරගලකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට සියල්ල සූදානම් කොට ඇති බව එම වෙබ් අඩවිය අනාවරණය කරයි.
පොලිස් කණ්ඩායම් 4ක් යොදා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිත බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.










