චීනයට අයත් පර්යේෂණ යාත්‍රාවක් බීජිංහි සිට ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබීම හේතුවෙන් ඉන්දීය රජය සිය ආරක්ෂක කටයුතු තර කොට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් වාර්තා වේ.
මෙසේ හම්බන්තොටට පැමිණීමට නියමිතව ඇත්තේ ‘යුවාන් වැන්ග් 5’ නැමැති පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවකි.
මෙම යාත්‍රාව දින 5ක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා සිටිනු ඇති බව දැනගන්නට ඇත.
“ඉන්දියාවේ ආරක්ෂාව සහ ආර්ථික අවශ්‍යතා කෙරෙහි බලපාන ඕනෑම වර්ධනයක් රජය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන අතර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනී,” යනුවෙන් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi සතිපතා මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් පැවසීය.
“මම හිතන්නේ එය පැහැදිලි පණිවිඩයක් විය යුතුයි.” යනුවෙන් හෙතෙම කීය.










