මහබැංකුව විසින් සදහන් කොට ඇති පරිදි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබා දෙන බවට පොරොන්දු වූ පොලී සහන ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
වත්මන් ජනාධිපතිවරයා ඒ පිළිබද සොයා බැලිය යුතු බවත් කී ඒ මහතා එසේ නොවුණහොත් අරගලය වෙනස් ආකාරයකින් මතුවිය හැකි බවද සදහන් කර සිටියේය.










