වත්මන් ආණ්ඩුව පිළිබඳව ද ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇතිව නොමැති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ස්ථාවර දේශපාලන බලයක් නොමැති සැබෑ ජනවරමක් නියෝජනය කරන ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ද ඇති නොවන බවයි.
සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම හෝ නැවත මහමැතිවරණයක් පවත්වා ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ රජයක් නිර්මාණයට ඉඩ සැලසීම කළ යුතුව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.
කවුරුන් බලයට පත් වුවද පවතින අර්බුදය විසදා ගැනීමට තැවත් බොහෝ කලක් ගතවනු ඇති බවත් පෙන්වා දෙන ඉරාන් වික්‍රමරත්න මහතා ඒ වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු තීරණ කිහිපයක් ගත යුතු වන බවද සඳහන් කළා.










