රත්මලාන, සිල්වා මාවත ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද (28) අලුයම නිවසට කඩා වැදුණු එම පුද්ගලයින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.
වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ ඔහුගේ බිරිඳ ද නිවසේ සිට ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
ටී.56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කර ඇතැයි හෙළි වී තිබේ.
වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නැත.










