අම්බලන්ගොඩ ගලගොඩ වෙලපාර ප්‍රදේශයේදී අද රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මරුමරුමුවට පත්වී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි .
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගලගොඩ පදිංචි තිරිමාදුර විජිත් ද සොයිසා නමැති 49 හැවිරිදි අයකු හා එම ලිපිනයේ ම පදිංචි පොන්නහන්දි අජිත් සුදර්ශන නමැති 45 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි
අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ දි ඊයේ (26 ) දහවල් වෙඩි තැබීමකින් තිස්පස් තිදරු පියෙක් මිය ගියේය.
මෙම වෙඩි තැබිමත් ඊයේ වූ වෙඩි තැබීමත් අතර සම්බන්ධයක් ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෙම වෙඩි තැබීම දෙකම යතුරු පැදිවලින් පැමිණ සිදු කළ ඒවා බවද පොලිසිය කියයි.










