අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් ගාලුමුවදොර, බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ , පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 10 ක ප්‍රදේශයේ රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගත් බවයි.
ගාලු මුවදොර , බණ්ඩාරණායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයකට ඇතුළුවීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයෙන් පසුගිය දා නියෝගයක් නිකුත් කළේ ය.
සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










