• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීට පස්සේ කාටවත් ඔත්තු බලන්න බෑ! ඉන්න තැන හොයන්න බෑ! ෆොටෝ-වීඩියෝ බලන්න බෑ! හැක් කරන්න බෑ! නොදන්නා අයගෙන් කෝල් එන්නෙ නෑ! ඇපල් ෆෝන් පාවිච්චි කරන අයට ඇපල් සමාගමෙන් සුබ පණිවුඩයක්!

July 11, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
මීට පස්සේ කාටවත් ඔත්තු බලන්න බෑ! ඉන්න තැන හොයන්න බෑ! ෆොටෝ-වීඩියෝ බලන්න බෑ! හැක් කරන්න බෑ! නොදන්නා අයගෙන් කෝල් එන්නෙ නෑ! ඇපල් ෆෝන් පාවිච්චි කරන අයට ඇපල් සමාගමෙන් සුබ පණිවුඩයක්!
Share on WhatsAppShare on Facebook

ඔත්තු බැලීමේ මෘදුකාංග සහිත සයිබර් ප්‍රහාරවලින් අවදානමට ලක් විය හැකි අධි අවධානම් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා ඇපල් සමාගම නව ආරක්ෂක විශේෂාංගයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව, සරත් සෘතුවේ දී ඊළඟ මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයෙන් පසු සියලුම iPhone, iPads සහ Macs වෙත Lockdown Mode එක සැපයෙනු ඇත.

මෙම සැකසුම් හරහා ඇතැම් විශේෂාංග අවහිර කෙරෙන අතර නොදන්නා අයගෙන් ලැබෙන ඇමතුම් නවතිනු ඇත.

මෙම විශේෂාංගය හඳුන්වා දී තිබෙන්නේ මෑත කාලීනව සමාජ ක්‍රියාකාරීන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් සතු ඇපල් උපාංගවලට ඔත්තු බැලීමේ මෘදුකාංග ආසාදනය වීමත් සමඟ ය.

ඇපල් සමාගම දැනට ඊශ්‍රායලයේ ස්පයිවෙයා මෘදුකාංග සමාගමක් වන NSO සමූහයට එරෙහිව නඩු පවරමින් සිටියි. ඒ, NSO හි පෙගාසස් නමැති ඔත්තු බැලීමේ මෘදුකාංගය විවිධ රටවල් 150ක් වෙත ආසාදනය කර ඇති බවට චෝදනා කරමිනි.

එම මෘදුකාංගයට iPhone සහ Android උපාංග දෙකටම ආසාදනය විය හැකි අතර, ඉන්පසු ඔවුන්ට පණිවිඩ, ඡායාරූප සහ ඊමේල් ලබා ගැනීමට, ඇමතුම් පටිගත කිරීමට සහ මයික්‍රොෆෝන සහ කැමරා රහසිගතව සක්‍රිය කිරීමට ඉඩ සැලසේ.

පසුගිය ජූලි මාසයේදී ඔවුන් කරන ලද ඔත්තු බැලීමේ පරිමාණය හෙළි වූ විට, පුද්ගලිකත්ව සහ ආරක්ෂක විශේෂඥයින් විසින් පරිශීලකයින් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඇපල් සමාගමට විවේචන එල්ල කරන ලදී.

පෙගාසස් විසින් වාසියට ගත්, වසර ගණනාවක් තිස්සේ ඇපල් උපාංග සතුව තිබූ දුර්වලතාවයන් ඉවත් කිරීම සඳහා ඇපල් සමාගම ඉතා ඉක්මනින් සියලු උපාංග වෙත හදිසි මෘදුකාංග යාවත්කාලීනයක් නිකුත් කළේය.

දැන් ඔවුන් Lockdown Mode එක හරහා ආරක්ෂාව පුළුල් කරමින් සිටින අතර එයට දැනට පවතින සියලුම ඔත්තු මෘදුකාංග වලින් ආරක්ෂාව සැලසිය හැකි බව ප්‍රකාශ කරයි.

BBC graphic

Lockdown Mode සතුව පහත ආරක්ෂාවන් තිබේ.

  • මැසේජ් – ඡායාරූප හැර අන් සියලුම මැසේජ් ඇ‍මුණුම් නවතාලයි. වෙබ් සබැඳීන් preview වීම ද නවතියි.
  • වෙබ් ගවේෂණය – පරිශීලකයා අවසර දෙනතාක් ක්ෂණිකව ක්‍රියා කරන ජාවා ස්ක්‍රිප්ට් ඇතුළු සංකීර්ණ වෙබ් තාක්ෂණයන් නවතාලයි.
  • ඇමතුම් – පෙර සම්බන්ධ කර නොගත් අයගෙන් ලැබෙන ෆේස්ටයිම් ඇතුළු සියලු ඇමතුම් නවතාලයි.
  • iPhone එක ලොක් කර ඇති විට පරිගණක හෝ වෙනත් යමකින් වයර් හරහා දත්ත ලබා ගැනීම නවතාලයි.

මෙය නිකුත් කෙරුණු පසු සියළුම පරිශීලකයන්ට එය device settings යටතේ දැකගත හැකි වනු ඇති අතර, ඇපල් සමාගම පවසන ආකාරයට ඔබ එය සක්‍රීය කරගත යුත්තේ ඔබ “ඔත්තු බැලීමේ ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක්” ඇත්නම් පමණි. උදාහරණයක් ලෙස ගතහොත් මර්දනකාරී පාලන තන්ත්‍රයක් යටතේ සිටින මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, විපක්ෂ දේශපාලන නායකයින්ට ආදීන්ට මෙමඟින් ප්‍රතිලාභ ලැබෙනු ඇත.

“වැඩි දෙනෙක්ට ලොකු සයිබර් ප්‍රහාර එන්නේ නැතත්, පොඩි පිරිසක් හෝ රැකගන්න කළ හැකි හැම දෙයක්ම අපි කරනවා,” Apple හි ආරක්ෂක ඉංජිනේරු සහ නිර්මාණ අංශ ප්‍රධානී ඉවාන් ක්‍රස්ටික් පැවසීය.

ආරක්ෂක දෝෂ සොයා ගන්නා සදාචාරාත්මක හැකර්වරුන්ට Lockdown Mode එකෙහි දෝෂ සොයා ගතහොත් සාමාන්‍යයෙන් ගෙවන ප්‍රසාද දීමනාව ඩොලර් මිලියන 2 (රු. මිලියන 719) දක්වා දෙගුණ කරන බව ඇපල් සමාගම නිවේදනය කළේය.

ඔත්තු බැලීමේ මෘදුකාංග අනිසි ලෙස භාවිතා කිරීම හෙළිදරව් කරන සංවිධානවලට උපකාර කරන අරමුදලකට ද ඔවුන් ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කරනු ඇත.

“ලෝකයේ ඔත්තු බැලීමේ මෘදුකාංග වෙළඳාම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ විරුද්ධවාදීන් ඉලක්ක කරගන්නවා. එය ප්‍රචණ්ඩත්වයට පහසුකම් සපයනවා. ඒකාධිපතිවාදය ශක්තිමත් කරනවා. දේශපාලන මර්දනයට සහාය වෙනවා,” මෙම ප්‍රදානය අධීක්ෂණය කරන ෆෝඩ් පදනමේ සමාජ හා තාක්ෂණ අධ්‍යක්ෂක ලෝරි මැක්ග්ලින්චේ පැවසීය.

පෙගාසස් මෘදුකාංගය “විදේශීය ආණ්ඩුවලට ජාත්‍යන්තරව මර්දන කටයුතු කරන්න හැකියාව ලබා දී තිබෙනවා. එහෙම කරන එක විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරන ඒකාධිපති ආණ්ඩුවල ක්‍රමයක්” නොවැම්බරයේදී, එක්සත් ජනපද නිලධාරීන් NSO සමූහය වෙළඳ අසාදු ලේඛනයකට ඇතුළත් කරමින් දක්වා තිබේ.

පෙගසස් මෘදුකාංගය පෙගසස් පතුරුවා හැරීම සඳහා වට්ස්ඇප් භාවිතා කළ බවට චෝදනා කරමින් වට්ස්ඇප් විසින් ද NSO සමූහයට නඩු පවරා තිබේ.

BBC සිංහල සංදේශය ඇසුරිනි.

SendShareShare
Previous Post

ගෝඨායි රනිලුයි දෙන්නම යන්න ඕන! සර්වපාක්ෂික ආණ්ඩුවක අපේ වගකීම ඉටු කරන්න ලෑස්තියි! අනුර කුමාර කතා කරයි!

Next Post

පොලිසියෙන් සිරස මාධ්‍යවේදීන්ට තිරිසන් විදිහට ගහද්දී පොලිස්කාරයන් මැද සිවිල් ඇඳුමින් සැරසී අත් දෙක බැඳගෙන බලාගෙන සිටි මේ පුද්ගලයා කව්ද? (VIDEO)

MORE NEWS

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Load More
නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

නුවරඑළිය මහ නගර සභාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (09) උදෑසන 10.30ට ආරම්භ වී පස්වරු 12.30 දක්වා නුවරඑළිය මහ නගර...

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.