තමන්ගෙ හෝ සමගි ජන බලවේගයේ හෝ සමගි ජන සන්ධානයේ හෝ “නෑ, බෑ කතා” නැති බවත් ඕනෑම මොහොතක ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රට තුළ බරපතළ ඖෂධ හිගයක් මතුවීමට හේතුව ලෙස බොහෝ දෙනා සඳහන් කළේ ඩොලර් හිගය වුවත්, සත්‍ය වශයෙන්ම එයට හේතු වී ඇත්තේ එම දත්ත ගබඩා කිරීමේ ගැටලුව බවත්, පවතින ක්‍රමවේදය කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.
ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ, සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ සහ ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහන යටතේ හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase( I.P.15000001U) ඖෂධ තොගයක් භාරගැනීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ අද (06) පැවැති උත්සවයේදීයි.
විපක්ෂ නායක විධායක සම්බන්ධීකාරක නයන වාසලතිලක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 15.6ක් වටිනා Recombinant Streptokinase එන්නත් 4,000ක් මෙලෙස විපක්ෂ නායකවරයා වෙත පරිත්‍යාග කෙරිණි.










