• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා විදෙස් තානාපතිවරුන් පෝලිමේ හමුවෙයි! රට අර්බූදයෙන් ගොඩගන්නා හැටි සාකච්ජා කරයි!

July 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතිතුමා විදෙස් තානාපතිවරුන් පෝලිමේ හමුවෙයි! රට අර්බූදයෙන් ගොඩගන්නා හැටි සාකච්ජා කරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබා දුන් වැඩි ම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණ. මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා පැවසීය. නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබී ය.දෙරට අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩසටහනට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් අඛණ්ඩව සහාය වන බව ජපාන තානාපති හිදෙකි මිසුකොෂි (Hideaki Mizukoshi) මහතා පවසයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති හමුවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.ශ්‍රී ලංකාව සමඟ තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බව ද හිදෙකි මිසුකොෂි මහතා පැවසීය.ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහාය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයාට සිය ස්තූතිය පළ කළේය.

එමෙන්ම ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති ජුමා හම්දාන් හසන් අල් මලික් අල් ශෙහ්හි (Juma Hamdan Hassan Al Malik Al Shehhi) මහතා ජනාධිපතිතුමා සමඟ පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරත ව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීමට ද සහාය වන ලෙස ජනාධිපතිතුමා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.මලික් අල් ශෙහ්හි මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබී ය.තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට එහි සිට ද කටයුතු කරන බව ශෙහ්හි මහතා ජනාධිපතිතුමා සමඟ සඳහන් කළේය.ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක් ව සිටියේය.

SendShareShare
Previous Post

ලංකාවට ඩොලර් ගේන සැලැස්ම කඩාකප්පල් කරන රනිල්ට මුදල් ඇමැතිකමින් ඉල්ලා අස්වන ලෙසට කී ඇමැති ධම්මික පෙරේරාගේ වීඩියෝව එළියට එයි! මම කතා කරන්න බය නෑ! මේ අරගලය කවුරුහරි පටන් ගන්න ඕනෑ! (VIDEO)

Next Post

අන්න ඇමැති ධම්මික පෙරේරා කියනවා ඔබතුමාට අස්වෙන්න කියලා! මේකට වහාම උත්තරයක් දෙන්න! හර්ෂ පාර්ලිමේන්තුවේදී රනිල්ගෙන් අසද්දී රනිල් ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක්’ දීලා වාඩි වෙයි! (VIDEO)

MORE NEWS

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

Load More
කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී 2026 ජූනි 17 දින පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර ඇති වූ...

Read more
පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.