• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-රනිල් වහාම ඉල්ලා අස්වෙනු! සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ ‌දෙනු! ‌නොගියොත් සියලුම වෘත්තිකයන් පාරට බහින්න ඕනෑ! රටම උද්ඝෝෂණ කරන්න ඕනෑ! විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවසන් සටනට ආරම්භය දෙන්න තීන්දු කරයි!

July 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා-රනිල් වහාම ඉල්ලා අස්වෙනු! සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ ‌දෙනු! ‌නොගියොත් සියලුම වෘත්තිකයන් පාරට බහින්න ඕනෑ! රටම උද්ඝෝෂණ කරන්න ඕනෑ! විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවසන් සටනට ආරම්භය දෙන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය – රනිල් ආණ්ඩුව ඉල්ලා අස්වී වැඩපිළිවෙලක් සහිත සර්ව පාක්ෂික යෝජිත විසඳුම සහිත ආණ්ඩු පාලනයකට ඉඩ දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ සඳහා රජය කන් නොදෙන්නේ නම් තම මව්බිමට ආදරය කරන සංගමයක් ලෙස තමන් ඉල්ලා සිටින්නේ සියලුම වෘත්තිකයන්, සියලුම දේශපාලන සංවිධාන සහ සියලු මහජනතාව එක්ව රට පුරා යම් කිසි වෘත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බවයි.

ඒ සමඟම හා දැනටත් පවත්වන සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් දැඩි කිරීම මගින් පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරිමට රජය පෙළඹවිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් ආර්. ඥාන්සේකාරම් අත්සන් කළ එම සම්පූර්ණ නිවේදනය මෙසේයි.

“පොදු මහජනතාව, සිවිල් සංවිධාන, වෘත්තිමය සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් වලට කරන විවෘත ආරාධනයයි.ආර්ථිකමය වශයෙන් අප රට අත්විඳින දරුණුතම අර්බුදයට අප දැන් මුහුණ පා සිටිමු. එහි උච්චතම අවස්ථාවට අප තවම පැමිණ නැත.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ පුරවැසියන්ට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය විශේෂඥයින් වන අපි විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටිමු.

අප සාමාජිකයන් තමන්ට හැකි උපරිමයෙන් සේවා සැපයීමට උත්සාහ කළද, රජයේ පැහැදිලි ප්‍රතිපත්තිය වන “පැලැස්තර විසඳුම්” ඉදිරිපත් කිරීම හා “එකිනෙකා බෙදා වෙන්කොට පාලනය” යන මුලධර්මය හමුවේ මහජන අවධානය රට මුහුණ පා සිටින ප්‍රධාන අර්බුදයෙන් වෙනතකට යොමු කර ඛණිජ තෙල් ප්‍රශ්නයට ලඝු කොට තැබීම මගින් ප්‍රශ්නය තව තවත් බැරෑරුම් වී ඇත.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප විශ්වාස කරන්නේ ඛණිජ තෙල් හෝ වෙනයම් ඕනෑම අවශ්‍ය භාණ්ඩයක් හිඟ අවස්ථාවකදී සියලුදෙනාටම යම් සාධාරණ ක්‍රමයක් යටතේ එය ලබා ගැනීමට අවශ්‍ය විධිමත් පියවර ගත යුතු අතර, එය ජනතාව “බෙදා” ඔවුනොවුන් අතර ගැටුම් ඇති කිරීම සඳහා ආයුධයක් කර නොගත යුතු බවයි.

මෙම සියළු අර්බුද තව දුරටත් වර්ධනය වී විසඳා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීමට පෙර, ඒවා විසඳීමට මහජනතාව ලෙස අප සියලු දෙනා එකතුව රජයට දැඩි බලපෑමක් ඇති කිරීම අත්‍යවශ්‍ය බව අප සංගමය දැඩි ලෙස විශ්වාස කරමු.

එබැවින්, නිශ්චිත කාලසීමාවකට භාර ගැනීම සඳහා විශ්වාසනීය, සර්ව පාක්ෂික, අන්තර්වාර ආණ්ඩුවකට මග පාදා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ වහාම ඉල්ලා අස්විය යුතු බවට පසුගියදා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී සාමාජිකත්වය විසින් අනුමත කරන ලද අපගේ වත්මන් ස්ථාවරය අපි නැවතත් අවධාරණය කරමු.

මේ, ආර්ථික හා සමාජීය අර්බුදයෙන් අපේ රට ගොඩගැනීම සඳහා පොදු අවම ඵලදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි.

මෙම යෝජිත විසඳුම සඳහා රජය කන් නොදෙන්නේ නම් තම මව්බිමට ආදරය කරන සංගමයක් ලෙස අප ඉල්ලා සිටින්නේ සියලුම වෘත්තිකයන්, සියලුම දේශපාලන සංවිධාන සහ සියලු මහජනතාව එක්ව රට පුරා යම් කිසි වෘත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹිය යුතු බව හා දැනටත් පවත්වන සාමකාමී උද්ඝෝෂණ තවදුරටත් දැඩි කිරීම මගින් පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කිරිමට රජය පෙළඹ විය යුතු බවයි.

අවසාන වශයෙන්, නව ආරම්භයක් සහතික කිරීම මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී සියලුම පුරවැසියන්ගේ ප්‍රමුඛතාවය විය යුතු බව අපගේ දැඩි හැඟීමයි”

SendShareShare
Previous Post

වැල්ලවාය ෂෙඩ් එකේ කලබලයක්! වෙඩි සද්දත් ඇහෙයි! පොලිසියටත් තුවාලයි! 13 දෙනෙක් අත්අඩංගුවේ! (VIDEO)

Next Post

ආණ්ඩුවේ වොෂින් මැෂින් එකත් හරීනුයි-මනූසයි! ආණ්ඩුවේ දොරටුපාලයො දෙන්නත් හරීනුයි-මනූසයි! දැන් ආණ්ඩුවට ගිහිල්ලා සජබෙට ගහනවා! අනේද කියන්නේ…! ඒකෙත් හැටි..! (VIDEO)

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.