www.mawratanews.lk වෙබ් අඩවිය අද දිනයේ සවස 7 වනවිට පාඨකයන් 149,889ක් පිවිසීමෙන් නව වාර්තාවක් තැබීමට සමත් විය.
මීට සති කිහිපයකට ඉහතදී අප වෙබ් අඩවිය දිනකට පාඨකයන් ලක්ෂයක් පිවිසෙන සීමාව ඉක්මවා ගිය අතර ඉතා කෙටි කාලයක් ඇතුළත පාඨකයන් ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය එකම සහ පළමු පුවත් වෙබ් අඩවිය බවට පත්වෙමින් නව වාර්තාවක් තැබීමට සමත් විය.
එමෙන්ම අද සවස 7 වනවිට එය 150,000 සීමාවට ආසන්න වූ අතර අද දිනය නිමා වනවිට ලක්ෂ දෙකේ සීමාව ඉක්මවනු ඇත..
එමෙන්ම මේ වනවිට මව්රට ඊ පුවත්පතද සතියකට පාඨකයන් ලක්ෂ 8 ඉක්මවා බලන ලංකාවේ එකම ඊ පුවත්පත බවට පත්ව තිබේ.
ඉතා කෙටි කාලයක් ඇතුළත ඩිජිටල් ක්ෂේත්‍රයේ මෙතරම් ඉහළට ඔසවා තැබූ සියලුම පාඨකයන්ට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුදකර සිටිමු.











