අද පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා හට විපක්ෂයේ විරෝධතාව හේතුවෙන් ස්වල්ප වේලාවකින් සභාගැබෙන් පිටව යාමට සිදුවිය.
එම අවස්ථාව සජීවීව විකාශය නොකෙරුණු අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මයික්‍රෆෝන්ද ඒ වනවිට පැවතියේ ක්‍රියා විරහිත කොටය.
නමුත් ඒ අවස්ථාවේ සිදුවූ සම්පූර්ණ සිද්ධිය ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.










