වයඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා පත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (29) දිනයේ දී ජේ.එම්.යූ.කේ. ජයසිංහ මහතා වෙත භාර දෙනු ලැබූ බවයි කියන්නේ.
මහාචාර්ය ජේ.එම්.යූ.කේ. ජයසිංහ යනු බොහෝ දෙනා දන්නා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහාචාර්ය උදිත් ජයසිංහ යි.
ඔහු කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා විසින් ඉවත් කළේ මේ වසරේ ජනවාරි පළමු වෙනිදා යි.
ඒ මහාචාර්යවරයා විසින් ජනාධිපතිවරයාගේ ‘කාබනික ගොවිතැන පමණයි’ යන අදහසට ප්‍රමාණවත් එකඟ නොවූ නිසා බවයි ඇතැම් දෙනා කියන්නේ.










