ඉන්ධන ලබාගැනීම සඳහා තංගල්ල නගරයේ පිරවුම්හලක දින තුනක් තිස්සේ රැඳී සිටි ගුරුවරයකුට පොලිසිය විසින් පහරදීමේ සිද්ධියට එරෙහිව තංගල්ල ගුරු විදුහල්පති එකමුතුව අද (28) තංගල්ල නගරයේදී විරෝධතාවක නිරත වුණා.
විරෝධතාකරුවන් සඳහන් කළේ තංගල්ල පොලිසිය සිදුකළ මේ අනීතික ක්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.










