අලුතින් පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍ය ධම්මික පෙරේරා මහතාගේ විෂය පථය යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයන් සහ කාර්යයන් පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් පත්‍රයට අනුව පහත සඳහන් ආයතන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ගෙන ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගර ආර්ථික කොමිසම
කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාපෘතිය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
නෙළුම් කුණුණ ආයෝජන ව්‍යාපෘතිය
ටෙක්නෝ පාර්ක් සංවර්ධන සමාගම
තොරතුරු තාක්ෂණ උද්යාන










