බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පාසල් ලබන 10 වනදා දක්වා වසා තැබීමට තීරණය කෙරේ.
අනිකුත් ප්‍රදේශවල පාසල් පැවැත්වීමට විදුහල්පතිවරුන්ගේ තීරණය අනුව සිදු කිරීමට අනුමැතිය ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
මීට අමතරව පළාත් අතර සංචරණ සීමා පැනවීමටද තීරණය කොට ඇති බව හෙතෙම කීය.










