• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

June 27, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!
Share on WhatsAppShare on Facebook

1908 සිට 1911 කාලපරිච්ඡේදය තුළ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක්ව තිබූ ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ දිසාපති වූයේ ලෙනාඩ් වුල්ෆ්ය. එහි අත්දැකීම් පාදක කරගෙන ඔහු අපූරු නවකතාවක් ලිව්වේය. ඒ නවකතාව ‘බැද්දේගම’ය. එදා බැද්දේගම සහ මෙදා ලංකාව දෙකක් නොව එකක් යැයි සිතෙන තරමට සමානය. එහෙම හිතෙන්න පුළුවන් සාධනීය හේතුසාධක ඕනෑ තරම් තිබේ.

‘දැන් කර්ලිනා හාමිගේ වයස අවුරුදු පනහක් පමණ වෙයි. කැලෑබද ගමක ගැහැනියකට විශේෂයෙන් වැන්දඹු ගැහැනියකට අවුරුදු පනහ ලොකු වයසකි. ජීවිතයේ අවසාන භාගයට බොහෝ ළංවූ වයසකි. අව්ව හා සුළඟත්, වෙහෙසත්, බඩගින්නත් ලෙස දුකත් ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තියද උරා බොයි. ඇගේ සම ඇටයට ඇලී රැලි වැටී ගියේය. ළැම වියළී ගොසිණි. මේ ගම්වල ගැහැනියක් අවුරුදු තිහ හතළිහ වන විටත් මැහැල්ලකි. මෙහි කිසිම මිනිහෙක් හෝ ගැහැනියක් හෝ පරමායුෂ වැලඳීමෙහි සමත් නොවේ.’
‘බැද්දේගම’ නවකතාව (පිටුව. 228)

සිංහල ජන ජීවිතය පසුබිම් කරගෙන ‘බැද්දේගම’ නම් නවකතාව ලියූවේ ලෙනාඩ් වුල්ෆ්ය. පස්සේ කාලෙක ඒක ජනප්‍රිය චිත්‍රපටයක්ද විය. කතාව පුරාම ඇත්තේ ඈත දුෂ්කර ගම්මානයක් සහමුලින්ම වන වැදී විනාශ වන ආකාරයය.

එය පිහිටියේ හම්බන්තොටය. එහි රදළ ක්‍රමය තුළ දුප්පත් ගොවියන් තළා පෙළා ඔවුන්ගේ ජීවිත අතිශය දුක්ඛිත තත්ත්වයකට ඇද දැමීමට රදළයන් කටයුතු කළ ආකාරය බැද්දේගම මගින් අපූරුවට පෙන්වාදී තිබේ.

තමන්ගේ ගමේ වැසියන් පිළිබඳ අංශුමාත්‍රයක සිතෙහි තෙත ගතියක් නොවූ ආරච්චි රාළගේද, ණය හිමියන්ගේද කූටෝපක්‍රමවලට හසුවීමත් අකාරුණික සොබාදහමේ අරියාදුව හේතුවෙන් අප්‍රමාණ පීඩා විඳින සිලිඳු ප්‍රමුඛ සමස්ත ගැමියන්ගේ ජීවිත පිළිබඳ ඇඟ කිලිපොලා යන කතන්දරයක් එහි තිබේ. එහෙව් බැද්දේගම නරඹා හෝ කියවා තිබෙනවා නම් එහෙම කෙනකුට අද අපේ රටේ තත්ත්වය ගැන අවබෝධ කරගැනීම එතරම් අපහසු නැත.

ශරීරයේ ලේ උණුසුම් කරවීමත් සමගම ඇතැම් ගැමියන් පරංගි රෝගයෙන් පීඩා වින්ද අතර සැරව වැගිරෙන, ඇටය දක්වා වළගැසුණු, මැස්සන් පිරිවරාගත් වණ සෑදුණු මිනිසුන් බහුල විය. අලුත ඉපදුණු පොඩි දරුවෝද මන්දපෝෂණයෙන් යුක්ත වූහ.

ඒ කියන්නේ බැද්දේගම හැටිය. බැද්දේගම මිනිසුන් ජීවත් වූයේ ණය ගැනීමෙනි. ගත් ණයෙන් හේන් වගා කරන ඔවුහු, පසුව ඒ ණයට අස්වැන්න හිලව් කරති. තම දුක් මහන්සියෙන් වගා කරගන්නා සොච්චමද ඔවුන්ට ඉතිරි නොවේ.

‘හේන් කපන කාලයට ගමෙන් හැතැප්ම තිහකට එහායින් පිහිටි කඹුරුපිටිය නම් කුඩා නගරයෙන් අමුත්තෝ සමූහයක් ගමට කඩාවදිති. සියයට සියයේ පොලියට කුරක්කන් ලබාගැනීමට ගමට රෙදිපිළි සපයන හම්බ කඩේ මුදලාලි වන මොහොම්මදු ලෙබ්බේ අහම්බදු කාසිමුත්, එසේම ගමට දුරු මිරිස් සපයන කොඩිකාරගේ අල්විස් අප්පු නම් සිංහල මුදලාලිත්, තව සුළු සුළු ගනුදෙනු කාරයන් අතරවූ ආරච්චිගේ දොන් අන්දිරිස් කියාගන්නා (මොහුගේ නියම නම අන්දිරිසාය) සුදු කිළිටි කලිසමකින් හා කබායකින් සැරසුණු කඹුරුපිටියේ රේන්ද රාළගේ ඒජන්ත කෙනකුත් මේ අමුත්තන්ගෙන් සමහරෙකි. කිසි දවසක මොවුන්ගෙන් කිසිම අනුකම්පාවක් ගම්මුන් ලැබුවේවත්, බලාපොරොත්තු වූයේවත් නැත…’
‘බැද්දේගම’ (පිටුව. 25)

බැද්දේගම කියවන ඕනෑම කෙනෙක් ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කළා නම් ලංකාව ගැන කියන්න තියෙන්නේත් ඒකමය.

‘ඒ කියන්නේ ලංකාව බැද්දේගම ගානට වැටිලද?’

හරියට බැලුවොත් නම් කියන්න තියෙන්නේ ඊටත් එහා වැටිලා කියලාය.

කොරෝනා ආසාදනය එනකොට මුළු ලෝකෙම කල්පනා කළේ විද්‍යාත්මක එන්නත් හොයන්නටය. හැබැයි අපේ අය ඒ වෙනුවට කළේ පැණි සෙල්ලමේ යන එකය. ගංගාවලට මුට්ටි දමන එකය. බාරහාර වෙන එකය.

බැද්දේගමට ඒ දිනවල පැමිණි රෝගාබාධවලදී ගැමියෝ හැසිරුණේත් අද ලංකාවේ සමහරු කොරෝනා ඉස්සරහ හැසිරුණු විදියටමය.

ඒ ගැන බැද්දේගම පොතේ තියෙන්නෙ මෙහෙමය.

‘අගෝස්තුවෙ තමයි ළමයි මැරෙන මාසෙ’
‘ගිය අවුරුද්දෙ මේ මාසෙ මගෙ ළමයකුයි අපේ අයියාගෙ හාමිනේගෙ ළමයකුයි දෙන්නෙක්ම වැළලුවා…’
‘බැද්දේගම’ නවකතාව (පිටුව. 24)

‘තමාට අපල ගෙනදෙන කිසියම් අමනුෂ්‍ය දෝෂයක් තමා පිට වැටී ඇතැයි ඔහුගේ හැඟීම විය…’ ‘බැද්දේගම’ නවකතාව (පිටුව. 34)

‘නුග ගහත් පාළු වූ ගමත් යක්කුත් ඔහුගේ සිතේ අරක් ගත්හ’
‘බැද්දේගම’ නවකතාව (පිටුව. 63)

‘දෙයියො කීවෙ එක්කෙනෙක් දෙන්ඩ ඕනෑ කියලයි. ඉතින් ඒක එහෙම කළා. මාව දුන්න මිනිහා මාව ගත්තා. දෙයියො බොරු කියනවයැ? යක්ස දිස්ටිය අහක් කරලා දැම්මා…’
‘බැද්දේගම’ නවකතාව (පිටුව. 96)

ඩිජිටල් යුගයේ කොරෝනා රෝගයේ ඉස්සරහ ලංකාවේ පාලකයන් හැසිරුණේත් එදා බැද්දේගම ගැමියෝ විදිහටමය. ලංකාවේ ආර්ථිකය අද කුඩු සංකායම් වෙලාය. කොහෙවත් නැති අසූචි නැවක් භාර නොගෙන කල් පහුකළාටත් ගෙවන්න වෙලාය. කඩයක් කඩයක් ගානේ පෝලිම්ය. උද්ධමනය අහස උසට ගිහිල්ලාය. ඩොලරයක් හොයාගන්නත් නැත. ඒත් මැති ඇමැතිවරුන්ගේ කයිවාරුවල සීමාවක් නම් නැත. නැත්තටම වැටිලා තියෙද්දිත් කියන්නේ මහා ලොකු කයිවාරුය. සමහර ඇමැතිවරු කියන්නේ තව අවුරුදු දෙකකින් ලංකාවේ ස්වර්ණමය යුගය පහළ වෙනවා කියලාය. ලබන අවුරුද්දේ ජනවාරි ආරම්භ වෙන්නේ කියන අන්තිම සංචිත ටිකෙනුත් ණය ගෙවන්න වෙලාය. ඊට පස්සේ කටඋත්තරත් නැත. හැබැයි කයිවාරුව නම් කෙළවරක් නැත.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ ආනයන ඉහළ යාම සහ විදේශ මුදල් වෙළෙඳපොළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත එම ආයතනයේ අවසන් සමාලෝචනයේදී ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් පහත වැටී ඇති බවය.

ඇත්තටම කීවොත් අද රට බංකොලොත්ය. කිසිම රටක උද්ධමනය ලංකාවේ වගේ ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් නැත. මේ මතුවෙමින් තියෙන්නේ හැත්තෑ ගණන්වලටත් එහා ගිය ව්‍යසනයක සේයාවය. ලංකාව මේ යන හැටියට නම් ලංකාවෙ ඉතා ඉක්මනින් වෙනිසියුලාවට කිට්ටු වෙනවාට සැකයක් නැත. ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි කියන්න පුළුවන් නම් ඔහු තරම් ප්‍රාතිහාර්යකරුවෙක් තවත් නැත.

අද රටේ කෘෂිකර්මාන්තය සුනුවිසුනු වෙලාය. ඊට වගකිවයුත්තේ ජනාධිපතිවරයාගේ උද්දච්ච තීන්දුවය. මේ වගේම මොහපොළොවට ඔරොත්තු නොදෙන තීන්දුවක් සුදු ජාතිකයන් ගත්තේය. වැසි දියෙන් වැව් පිරෙනවිට පමණක් ගොවිතැන් කළ බැද්දේගම පළාතේ මිනිසුන්ට, බි්‍රතාන්‍ය පාලනයෙන් වැව් ජලාශ සහ වාරිමාර්ග ඉදිකරදෙනු ලැබීය. නමුත් වතුර ලබාදීමේ ක්‍රියාවලිය ගැන අංශුමාත්‍රයක අවබෝධයක් නිලධාරීන් සතුව තිබුණේ නැත. ඒ ගැන 1909 අගෝස්තු 03 වැනිදා වුල්ෆ් සිය දිනපොතේ මෙසේ සටහන් කරයි.

‘දේපළ අයිතිකරුවන් සහ ගොවියන් විශාල පිරිසක් මාව හමුවෙන්න ආවෙ සොරොව්ව වහල කියල අගෝස්තු 01 වැනිදායින් පස්සෙ වතුර නිකුත් කරන්නෙ නැහැයි කියල පැමිණිලි කරන්න. ප්‍රතිඵලය තමයි අක්කර 1,500 සිට 2,000ක් දක්වා ප්‍රමාණයක වගාව වතුර නැතිව විනාශ වෙනව. මම ඇහැව්වා වාරිමාර්ග ඉංජිනේරුවා (IE) ගෙන් මේ වතුර ප්‍රශ්නය ගැන. අගෝස්තු 01 වැනිදායින් පසුව වතුර නිකුත් කරන්න එපා කියල එයාට වාරිමාර්ග අධ්‍යක්ෂ (DI) දීපු උපදෙස් අනුගමනය කරනව කියලත්, ඒ උපදෙස් කැන්සල් කරන තෙක් වතුර නිකුත් කරන්න බැහැ කියලත් එයා උත්තර දුන්න. එයා පවතින තත්ත්වය ගැන DIට දැනුම්දීලා, කළයුතු උපදෙස් විදුලි පණිවුඩයකින් එවන්න කියලත් ඉල්ලලා. වැඩේ හදිසි නිසා මම DIට විදුලි පණිවුඩයක් යැව්වා කෙළින්ම, වහාම වතුර නිකුත් කරන්න ඕඩර් කරන්න යැයි ඉල්ලුවා…’

‘ඊට පස්සෙ IE ටෙලිග්‍රෑම් එකක් ලැබුණ DIගෙන් වතුර නිකුත් කරන්න නම්, ඊළඟ මහ අස්වැන්න සඳහා යල වගාවට අගෝස්තු 01 වැනිදායින් පසුව වතුර නිකුත් කරන දින ගණන් අඩුකරන කොන්දේසියට ගොවියන් එකඟ වෙන්න ඕනෙ කියල. ගොවියන් කැඳවල මම මේ කොන්දේසිය කිව්වා. ඒකට විරෝධය ප්‍රකාශ කරමින් ඔවුන් ඒ කොන්දේසිය පිළිගන්න එකඟ වුණා…’

ගොවියකුගේ වගා බිමට වතුර ඕනෙ දවස් මොනවද කියල, අවුරුද්දකට කලින් තීන්දු කරන්න වාරිමාර්ග අධ්‍යක්ෂ දෙවියෙක්ද? වර්තමාන ආණ්ඩුව ගොවිතැන ගැන ගත්තේ ඊටත් වඩා ඔළමොට්ටල තීන්දුවකි.

බැද්දේගම එක තැනක මෙන්න මෙහෙම සටහනක් තිබේ.

‘මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත් කාලකණ්ණි ගමකි. ළමයින් හා මහල්ලන්ද නැසී යන්නාක් මෙන් ගමත් දැන් නැසීයයි. එහි දැන් ළමයි නූපදිත්. අවුරුදු දහයකින් මුළු ගමම අලින්ට යනවාට කිසිම සැකයක් නැත යනු ඇගේ හැඟීම විය….’
‘බැද්දේගම’ නවකතාව (පිටුව. 232)

අද ලංකාව පිළිබඳ හැරී බැලූ විට මීට වඩා වෙනසක් නැත. කඩවත, නිට්ටඹුව, මීරිගම, අතුරුගිරිය, දංකොටුව, වෙන්නප්පුව සහ තවලම පානදුර, හිරණ ප්‍රදේශවල පෝලිම්වල හිටිය 11 දෙනෙක් මියගියහ.

මන්දපෝෂණය ඉහළ ගිහින්ය. අත්‍යාවශ්‍ය බෙහෙත් ඇත්තේ මාසයකට ආසන්න කාලයකටය. කොළඹ අපේක්ෂා රෝහල පවා ඇත්තේ අර්බුදයකය. අටෝරාශියක් ප්‍රශ්නවලින් මුළු රටම ගිලිලාය.
බැද්දේගම පිහිටා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේය. එදා බැද්දේගම පාලකයන් ගම්මානයේම ජීවිත නරකාදියට ඇද දැමුවේය.

මෙදාත් ඒ හම්බන්තොටින් බිහිවුණු පාලකයෝ ලංකාව බැද්දේගමට ඇද දැමූහ.

එදා බැද්දේගම තිබුණේ ලංකාවේ ඇතුළේය. මෙදා ලංකාව ඇත්තේ බැද්දේගම ඇතුළේය.



රංජිත් කුමාර සමරකෝන්

SendShareShare
Previous Post

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

Next Post

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.