ඊයේ දිනයේ (23) ඉන්ධන නැවක් ලංකාවට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියද ලංකාවට ඉන්ධන නැවක් පැමිණියේ නැත.
අමාත්‍යවරයා මෙසේ කියද්දී සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති ක්‍රියාකාරී ආනන්ද පාලිත මහතා කියා සිටියේ අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශ කරන බවත්, ඉන්ධන නැවක් ලංකාවට පැමිණෙන්නේ නැති බවත්ය.
ඒ අනුව ආනන්ද පාලිත මහතා කළ ප්‍රකාශය සත්‍ය වී අමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍ය වී ඇති බවක් මේ වන විට තහවුරු වී ඇත.










