• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන විසිඑකේ ඇතැම් වගන්තිවලට ජනමත විචාරණයක් ඕනෑ! උසාවිය කියයි! සම්මත කරගන්න සජබෙ ජනමත විචාරණයකටත් සූදානම්!

June 21, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ21 වැනි  සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කරමිනි.

කතානායකවරයා  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක්වැනි සංශෝධනය” නමැති පනත්කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු කැමැත්තෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත තීන්දුව ලබා දී තිබේ:-

(i)  පනත්කෙටුම්පතෙහි 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 23, 24, 26, 27, 28 හා 36 වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(ii)  පනත් කෙටුම්පතෙහි 2, 3 සහ 4 වැනි වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඉ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරය සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(iii)  පනත් කෙටුම්පතෙහි 14 වැනි වගන්තිය දැනට පවතින පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්තිය පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

එතකුදු වුවත්, යෝජිත 41 (අ) (1) ව්‍යවස්ථාව ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම්, යෝජිත 41 (අ) (6) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා හට තම නාමිකයා වශයෙන් එක් පුද්ගලයෙක්, සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නම්, ජනමත විචාරණයක අවශ්‍යතාව නිෂේධ වේ;

(iv)  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ පනත් කෙටුම්පතෙහි 19 වැනි වගන්තිය අනනුකූල වන අතර, එය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(v)  පනත් කෙටුම්පතෙහි  30 (අ)  වගන්තිය මඟින් ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීමට අපේක්ෂා ‍කෙරෙන බැවින්,  එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව සහ 4 (ඉ) ව්‍යවස්ථාව  සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන අතර, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vi)  පනත් කෙටුම්පතෙහි 39 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට අපේක්ෂා කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ එය අනනුකූල වන බැවින්, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vii)  පනත් කෙටුම්පතේ 43 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2 වැනි සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, ඒ අනුව එය පනවනු ලැබිය හැක්කේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලබන විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(VIII)  පනත් කෙටුම්පතේ 51 වැනි වගන්තිය යටතේ එන වෙනත් කරුණු අතර, අග්‍රාමාත්‍යවරයා සභාපතිවරයා බවට පත් විය යුතු ජාතික ආරක්ෂක සභාව නමින් යුත් XIX-ඇ අධිකාරය හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි. 

යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) යන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය සමග කියවිය යුතු 1, 2 සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, එබැවින් ඒවා පනවනු ලැබිය හැක්කේ 84(2) වගන්තිය ප්‍රකාරව විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි:

එතකුදු වුවත්, යෝජිත ජාතික ආරක්ෂක සභාවේ සංයුතිය වෙනස් කරමින් ජනාධිපතිවරයා යෝජිත සභාවේ, සභාපතිවරයා බවට පත් කිරීම සඳහා යෝජිත 156ඌ  (1) සහ 156ඌ  (2) ව්‍යවස්ථා සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එවැනි අනනුකූලතාවක් නිෂේධ වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතු වල නිල වාර්තාවෙහි මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

කෙසේවෙතත් සජබය මේ වනවිට තීන්දු කර ඇත්තේ 21 සම්මත කර ගැනීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඊටද සහාය දැක්වීමටය.

SendShareShare
Previous Post

දින එකහමාරක් තෙල් පෝලිමේ සිට ගෙදර ආ අයෙක්ට පපුවෙ අමාරුවක් ඇවිත්! රෝහලට අරන් ගියාම මියගිහින්!

Next Post

විපක්ෂයේ වර්ජනය සාර්ථක වෙයි! පාර්ලිමේන්තුව අදයි හෙටයි විතරක් තියන්න කතානායක තීන්දු කරයි!

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.