අධිකරණයේදී එකග වූ ආකාරයට වෛද්‍ය ශාපි සිහාබ්දීන් මහතා හට ගෙවිය යුතු සියලුම හිග වැටුප් ගෙවා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව එසේ ගෙවන ලද මුදල රුපියල් මිලියන 2.67කි.
කෙසේවෙතත් ශිහාබ්දීන් මහතා එම සියලු මුදල් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.
වෛද්‍ය ෂාෆි සිහාබ්දීන්ගේ කල් ඉකුත් වූ වැටුප් 2022 ජූලි 10 වැනිදාට පෙර පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ එකඟ විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) 2019 ජූලි මාසයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලින් වෛද්‍ය සිහාබ්දීන්ට එරෙහිව නැඟී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී නොමැති බවයි.
පසුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් ඇප මත මුදා හැරියේය.










