අසාර්ථක පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට දායකවීම ගැන තමන් පැහැදිලිවම කනගාටු වන බව පොහොට්ටුවේ මන්ත්‍රී, වියත්මග සංවිධානයේ නිර්මාතෘවරයෙකු සහ කැඳවුම්කරුවන ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
තමන් දැනටමත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙන බවයි ඔහු කියන්නේ.
කෙසේ වුවත් බලයට පත්වන අවස්ථාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වීම ගැන ජාතියෙන් සමාව ඉල්ලිය යුත්තේ තමන් නොව එසේ අසාර්ථක වූ පාලකයා බව මන්ත්‍රීවරයා පවසනවා.
අන්තර්ජාල නාළිකාවක් සමග පැවැත්වූ සාකච්ජාවකදී හෙතෙම මේ බව අනාවරණය කොට ඇත.










