• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල්ට 18 (2002)! මහින්දට 18 (2011)! රනිල්ට 19! බැසිල්ට ගෝඨාට 20! රනිල්ට 21 මහන විජේදාස-ජී.එල්. ටේලර්ස්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 4, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රනිල්ට 18 (2002)! මහින්දට 18 (2011)! රනිල්ට 19! බැසිල්ට ගෝඨාට 20! රනිල්ට 21 මහන විජේදාස-ජී.එල්. ටේලර්ස්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

හර්කියුලිස් ටේලර්ස් ලංකාවේ සූට් මහන පරණම කඩයකි. ඒ කාලයේ පටන්ම මැති ඇමැතිවරු පමණක් නොව අගමැතිවරු ජනාධිපතිවරු පවා සූට් මැහුවේ හර්කියුලිස් ටේලර්ස් එකෙන්ය. හර්කියුලිස් ටේලර්ස් දන්නේ මැති ඇමැතිවරුන්ගේ, අගමැති, ජනාධිපතිවරුන්ගේ ඇඟපත මැනලා සූට් හෝ කපටි සූට් මහන්නටය. හැබැයි ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ දේශපාලන ඕනෑ එපාකම්වලට ව්‍යවස්ථා සූට් මහන හර්කියුලිස් තරමටම ප්‍රකට දෙන්නෙක් සිටී. එක් අයෙක් මහාචාර්ය ජී.එල්. පීරිස්ය. අනෙකා විජයදාස රාජපක්ෂය. ලෝකයේ හැම රටක්ම ව්‍යවස්ථා හදන්නේ රටට ගැළපෙන්නටය. මේ දෙන්නා ව්‍යවස්ථා හදන්නේ නායකයන්ට ගැළපෙන්නටය. මේ දෙන්නාට සෙට් වුණු අලුත්ම ටේලර් අලි සබ්‍රිය.

1994 ජනාධිපති වුණු චන්ද්‍රිකාට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පිස්සුවක් තිබිණි. ඇය විධායක ජනාධිපති ක්‍රමය ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව කියමින් වේදිකාවක් වේදිකාවක් ගානේ පතුරු හැරියාය. ඇයට ඕනෑ විදියට ව්‍යවස්ථාවක් හදන වැඩේ ඇය භාරදුන්නේ ජී.ඇල්. පීරිස්ටය. ජී.එල්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවක් 2000දී පාර්ලිමේන්තුවට ගෙන ආවේය. එවක විපක්ෂය වූ යූ.ඇන්.පී.යෙන් මන්ත්‍රීවරු බාගෙන එය සම්මත කරගන්න උත්සාහ ගත්තද තුනෙන් දෙකක් ලබාගත නොහැකි විය.

2001දී ජී.එල්. පීරිස් චන්ද්‍රිකාට ව්‍යවස්ථා හදලා හදලාම ඇතිවෙලා රනිල්ට එක්විය. රනිල් 2001 මහ ඡන්දය දිනා ආණ්ඩුවක් හැදුවේය. ඒත් විධායක ජනාධිපති බලය තිබුණේ චන්ද්‍රිකා අතෙහිය. ඒ බලතලවලින් කොටසක් රනිල්ට ඕනෑ විය. රනිල්ට ගැළපෙන ව්‍යවස්ථාවක් මහන වැඩේ රනිල්, ජී.එල්.ටම භාර දුන්නේය. චන්ද්‍රිකාට වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවන්න බැරි වන විදියටත්, චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂියට එකඟව රනිල්ගේ ආණ්ඩුව ගෙන එන පනත්වලට ඡන්දය දීමට හැකි වන ලෙසටත් ජී.එල්. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැදුවේය. අද රනිල් විජයදාසට කියල මහන්න යන සර්වපාක්ෂික විධායක කමිටු ක්‍රමයත් ජී.එල්. 18ටම ඇතුළු කළේය. එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා, ජී.එල්., රනිල්ට මහපු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ගහල ඉවර කළේ තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයක් ඕනෑ කියමින්ය. ඒ වෙලාවේ විජයදාස රාජපක්ෂ සරත් එන්. සිල්වාගේ ගෝලයෙක් ලෙස ජී.එල්. රනිල්ට මහපු ව්‍යවස්ථාව කඩාකප්පල් කරන්න උදේ දිවා රෑ වැඩ කළේය.

2005 මහින්ද ජනාධිපති වූවාට පසු ජී.එල්. මහින්දට එක්විය. විජයදාස රනිල්ට එක්විය. මහින්ද 2010 ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු යළිත් වතාවක් ජනාධිපතිවරණයට තරග කිරීමට ව්‍යවස්ථාව වෙනස් කිරීමට සිතුවේය. මහින්දට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට තරග කරන්න මහින්දට ගැළපෙන්න ව්‍යවස්ථාව මහන වැඩේ භාරදුන්නේ ජී.එල්.ටය. 1999 සිට චන්ද්‍රිකාටත්, රනිල්ටත් විධායක ජනාධිපති බලය අහෝසි කරන ව්‍යවස්ථාව මහපු ජී.එල්. 2011 මහින්දට හරියන්න 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මැහුවේය. එයින් මහින්දට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ බාධාව ඉවත් විය.

ජී.එල්. මහල දුන්නු 18 වැනි ව්‍යවස්ථාවෙන් 2015 ජනාධිපතිවරණයට තරග කළ මහින්ද පරාජයට පත්විය. මෛත්‍රි ජනාධිපති වී රනිල් අගමැති විය. දැන් 2002 වගේම රනිල්ට විධායක බලය ඕනෑ විය. පාර්ලිමේන්තුව විසුරුවන්න විධායක ජනාධිපති ලෙස මෛත්‍රිට තියෙන බලය කපන්න ඕනෑ විය. 2002 රනිල්, චන්ද්‍රිකාගේ බලය කපන්න හදපු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කළ විජයදාස රාජපක්ෂ මෙවර රනිල්ට විධායක බලය ලැබෙන ව්‍යවස්ථා සූට් එකක් මහන්න ඉදිරිපත් විය. රනිල්ට ගානට මිම්මට 19 වැනි ව්‍යවස්ථාව හැදුවේ විජයදාසය. හැබැයි ටික කලකින් විජයදාස ඔහුගේ මිත්‍ර ඇවන්ට්ගාර්ඩ් අධිපතිගේ ව්‍යාපාර ආරක්ෂා කරගැනීමට නොහැකි වීමෙන් රනිල් එක්ක ප්‍රශ්න හදාගෙන මෛත්‍රිට සෙට් විය. මෛත්‍රිට සෙට් වෙලා විජයදාස රාජපක්ෂලාගේ නඩු බේරන්න වැඩ කළේය. තමා ගෝඨාභයව හිරේ දමන්න දෙන්නේ නැහැ යැයි අධිකරණ ඇමැති ලෙස විජයදාස ලෝකෙටම ඇහෙන්න කීවේය. විජයදාසට ඇමැති ධුරය අහිමි වූ අතර විජයදාස තමන්ම හදපු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය රනිල්, සුමන්තිරන්, ජයම්පතිගේ බටහිර කුමන්ත්‍රණයක් යැයි කීවේය. 19 රට අස්ථාවර කරන මර උගුලක් යැයි කියමින් විජේදාස 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනවන්න එකතු වූයේ යළිත් විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ කියමින්ය. ඔහු 2020 ජනවාරි මන්ත්‍රී යෝජනාවක් ලෙස විධායක ජනාධිපතිට ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ඕනෑම අමාත්‍යාංශයක් දැරිය හැකි ලෙස ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළේය. ඒත් ගෝඨා සහ බැසිල් තමන්ට ඕනෑ ව්‍යවස්ථා සූට් එක මහන්න විජයදාසව තෝරාගත්තේ නැත. ගෝඨා සහ බැසිල් ඒ වැඩේ භාරදුන්නේ ජී.එල්. සහ අලි සබි්‍රටය. මේ දෙන්නා ගෝඨාට 1978 ජේ.ආර්. මහපු ව්‍යවස්ථාව මහල දීලා බැසිල්ට ද්විත්ව පුරවැසිකම තියාගෙන පාර්ලිමේන්තු ඇවිත් ඇමැතිකම් කරන්න පුළුවන් ව්‍යවස්ථා සූට් එකක් මහල දුන්හ. විජයදාස ගෝඨාභයට සහ බැසිල්ට සූට් මහන්න අවස්ථාවක් හැදීමේ දුකට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුලින් එරෙහි වී පසුව පක්ෂ විය.

තරුණ තරුණියෝ ගෝඨාභයගේ මිරිහානේ ගේ වටකරලා ගෝල්ෆේස්හි අරගලයක් දියත් කළේ ගෝඨා ඇතුළු රාජපක්ෂ පවුලම තමන්ගේ අනාගතය තමන්ට අහිමි කර ඇති බව දැන වේදනාවෙන්ය. ආයෙත් නායකයන්ට සූට් මහන්න හොඳ අවස්ථාවක් ලැබී ඇති බව දැන විජයදාස රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවක් ගෙන ආවේ අරගලයට මුවාවී සූට් මහන රස්සාවට බහින්නටය. ගෝල්ෆේස් අරගලයට ගහන්න ගොස් මහින්දට ගෙදර යන්න සිදුවිය. අරගලයට බයේ ගෙදර යන්න සූට්කේස් එක අස්පස් කරමින් සිටි ගෝඨාභය හමුවෙන්න ගිය රනිල් සහ විජයදාස, ‘ඔබතුමා යන්න එපා, අපි ව්‍යවස්ථා සූට් එක වෙනස් කරමු’ කියා යෝජනා කළහ. ‘උඹ තමයි මෑන්’ කියලා ගෝඨා රනිල්ව අගමැති කළේය. දැන් රනිල්ට 2002 වගේ 2015 වගේ විධායක බලය ඕනෑ විය. විජයදාස 2015 රනිල්ට හරියන්න මහපු 19 සූට් එක 21 කරලා මහන්න භාරගත්තේය. මේ වන කොටත් විජයදාස විධායක ජනාධිපති ක්‍රමයම අහෝසි කරන සූට් එකක් මහල 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිණි. ගෝඨා ඒකට කිපෙනු ඇතැයි බියෙන් ඒ සූට් එක අස්කරගෙන ගෝඨාටත්, රනිල්ටත් හරියන සූට් එකක් ඔහු 21 නමින් අලුතෙන් මැහුවේය.

ඒක මාර සූට් එකකි. රටක් ‘ගෝ හෝම්’ කියද්දී යන්නෙම නැහැ කියන ගෝඨාගේ විධායක බලය ගෝඨාට අවශ්‍ය ලෙස කපා දී මන්ත්‍රී ආසනයක් දිනාගන්න බැරිව කුජීත ලෙස පරාජය වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගාගත් රනිල්ටත් විධායක බලය බෙදල දෙන සූට් එකකි.

ගෝඨාටයි, රනිල්ටයි, රාජපක්ෂ පවුලටයි මැච් වෙන්න විජයදාස මහපු සූට් එකේ හැඩ බලන්න පෝලිමේ ඉන්නේ වෙන කවුරුවත් නොවේ. හිරේ යැයි කියන බයට ගැහි ගැහී ඉන්නා පාස්පෝට් නඩුවේ විමල්, ඔස්ටේ්‍රලියානු ව්‍යාපාරික නඩුවේ උදය ගම්මන්පිල සහ තරුණයෙක් හප්පා දැමීමේ නඩුවේ චූදිත චම්පික රණවකය. මේ තුන්දෙනාම කපුටා කිය කියා බැසිල්ව පෙන්වා ගෝඨාගේ විධායක බලයත් ආරක්ෂා කරගෙන රනිල්ගේ අගමැතිකමත් බේරාගෙන තම තමන්ගේ නඩු බේරාගන්න 21 කරේ තියාගෙන යමින් සිටී. අධිකරණ ඇමැති ලෙස විජයදාස, ගෝඨාටයි රනිල්ටයි මහපු සූට් එක ඇන්දුවාට පස්සේ විමල්ලාගේ උදයලාගේ චම්පිකලාගේ නඩු බේරන්න වෙනම සූට් මහල දෙනු ඇත.

විජයදාසලායි, විමල්ලායි, උදයලායි, චම්පිකලායි, ගෝඨාටයි රනිල්ටයි මැච් වෙන්න සූට් මහද්දී ගෝල්ෆේස් අරගලය සහ එක්ව රටට මැච් වෙන ව්‍යවස්ථාව හදන්න සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, පෙරටුගාමීන් එක සන්ධානයකට එන දවස වැඩි ඈතක නොවේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කෝප් එකේ චෝදනාවලට e-wis සභාපති වහාම උත්තර බඳී! අපිට මිලියන 645ක් ගෙව්වේ නෑ! අපිට දුන්නේ මිලියන 223යි! එහෙම ගත්ත කවුරු හරි ඉන්නවද දන්නේ නෑ! එතකොට ඉතුරු මිලියන 422 ගියේ කාගේ සාක්කුවටද? කෝප් එක ඒකත් හොයයිද? අපි බලන් ඉමු! (VIDEO)

Next Post

ජන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙන් ආපු කෙනා මූලාසනේ! පක්ෂයක්වත් නැති අය-අනුන්ගේ පක්ෂවලින් ඉල්ලලා ආපු අය-එක සාමාජිකයෙක්වත් නැති පක්ෂවලත් අය මුල් පුටුවල! ජන්දෙන් දිනලා ආසන 16ක් ගත්ත නායකයා පසුපෙළේ! එළියට ඇවිත් කියනවා ඔක්කොම එකඟ වෙන්නලු! ඇත්තටම මේක විකෘතිය නෙමෙයිද?

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.