වැටුප ඉක්මවූ දීමනා කපා හැරීම හේතුවෙන් වෛද්‍යවරයෙකුට රුපියල් 30,000කට අධික මුදලක් අහිමි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ADVERTISEMENT
එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ මේ හේතුවෙන් ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී රට හැරයාමේ සූදානමක්ද ඇති බවයි.
වෛද්‍යවරුන්ට සිදුව ඇති ආසාධරණයට රජය කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් පැවසීය.