• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිට්ටඹුවෙදි ගහලා මරපු අතුකෝරළ මන්ත්‍රීතුමාගෙ පුතා රනිදු පළමු වරට එළියට ඇවිත් කතාකරයි! පුළුවන්නම් විනාඩි 2ක් අරන් මේක කියවන්න!

May 24, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
නිට්ටඹුවෙදි ගහලා මරපු අතුකෝරළ මන්ත්‍රීතුමාගෙ පුතා රනිදු පළමු වරට එළියට ඇවිත් කතාකරයි! පුළුවන්නම් විනාඩි 2ක් අරන් මේක කියවන්න!
Share on WhatsAppShare on Facebook

අදට සති දෙකක්.මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා.

සෑහෙන්න අමාරුවෙන් හිත හදාගෙන මේක ලියන්න හිතුවෙ දේවල් කිහිපක් නිවැරදි කරන්න ඕනෙ නිසාමයි.වෙලාව තියෙනවනම් විනාඩි දෙකක් අරන් කියවන්න ආරාධනා කරන්නම්.තාත්ත ගැන පොලොන්නරුවෙ මිනිස්සුන්ටනම් අමුතුවෙන් විස්තර කරන්න දෙයක්නම් නෑ.එහෙම නොදන්න අය දැන් මන් මොනව කොහොම කිව්වත් විශ්වාස කරන්නෙත් නෑ.

ඒත් මේක නොකිය ඉන්න මට හැකියාවකුත් නෑ. තාත්ත හොරකන් කරපු ,මංකොල්ල කාපු,කුඩු බිස්නස් කරපු ,නිදන් හාරපු මන්ත්‍රී කෙනෙක් නෙමේ. එයා දේශපාලනයට ආවෙ 2008 පලාත් සභා මැතිවරනයෙන්. අපි දැන් ඉන්න ගෙදර හදල ඉවර කලෙ 2001/2002 වගේ කාලෙ වෙද්දි.සම්පූර්නෙන්ම තාත්තගෙ මහන්සියෙන් හදපු ගෙදරක් මේක. පදින වාහනෙත් එහෙම්මමයි.තාත්ත දිස්ත්‍රික්කෙ හැම මලගෙදරකට ගියපු පුලුවන් හැම වෙලාවෙම කාටම හරි උදව්වක්ම කරන්න උත්සහ කරපු සෑහෙන්න අහින්සක මනුස්සයෙක්. හොද මිනිස්සු ඉක්මනටම යනව කියනවනෙ.ඒකහින්ද මොකක්මහරි වැරදි වෙලාවක් හින්ද එදා නිට්ටබුවෙ අමනුශ්ශයො අතින් ඒ දේ උනත් පොලොන්නරුවෙදි තාත්තට ආසාවට මනුස්සයෙක් හූවත් කියල නෑ .

මේ දේ වෙන්න ඒකත් බලපෑව.තාත්තගෙ අවංක කම හින්දම පොලොන්නරුවෙ මිනිස්සු වගෙම අනිත් පැතිවල මිනිස්සුත් එයාට ඒ වගේම සලකයි කියල හිතන්න ඇති.කමක් නෑ. නිට්ටබුවෙ අරගලකරුවන්ගෙ සතුට ඒකන්ම් මායි අම්මයි හිතහදාගන්නම්.පුන්චි ඉල්ලීමක් තියෙනව.කරුනාකරල තාත්තගෙ ආරක්ශක නිලදාරිය ( MSD ) ගුනවර්දන මහත්තයට වචනෙකින්වත් දොස් කියන්න එපා. එයා තාත්තට පුදුම ආදරයක් තිබ්බෙ. තාත්තට ගදද්දි ඒවට පැන පැන තාත්තව ආරක්ශා කරන්න පුදුම උත්සහයක් ඒ මනුස්සය දැරුවෙ.එකපාරටම වෙඩි තිබ්බෙ නැති බව දැන් ලංකාවම දන්නව. අනිත් පැත්තෙන් මැරුන කෙනා පොල්ලක් අරන් තාත්තගෙ බෙල්ල හරියට ගහන්න එද්දි තමා එයා වෙඩි තියල තියෙන්නෙ.

ගුනවර්දන රාලහමිත් කාඩ මැරයෙක් නෙමේ.තාත්ත වගේම අහින්සක පුදුම ලස්සන හිතක් තිබ්බ මනුස්සයෙක්.එයාටත් මේ පාර උසස්පෙල කරන දුවෙකුයි තව පුතෙකුයි ඉන්නව.එයාල ගැන හිතලවත් එයාට ඕනෙ වෙලාවක පැනල දුවන්න තිබ්බ.ඒත් එහෙම කලෙ නෑ ඒ රත්තරන් මනුස්සය.ඒක හින්ද එයාටත් ජීවිතෙන් වන්දි ගෙවන්න උන.ගතිගුන අතින් ගත්තොත් තනිකරම තාත්තගෙ කපාපු පලුව.මතක්වෙද්දිත් පපුව පිච්චිල යනව. දෙන්නම කලින් ආත්මෙක එකටම කරපු පවක් දෙන්නම එකට ඉවරයක් කරල දැම්ම කියල හිතහදාගන්නම්.වෙන මොනව කියල කරන්නද.

😔දුක බෙදාගන්න හෝ වේවා අම්මට කතාකරන අය කරුනාකරල මේ සිද්දිය වෙච්ච හැටි ගැන අම්මට මතක් කරන්න යන්න එපා .

පුදුම අමාරුවෙන් හිත හදාගත්ත මනුස්සයට කරුනාකරල තවත් රිද්දන්නනම් එපා.අපි ඉන්න ගෙදරට ගිනිතිබ්බ කතාවත්,අම්ම සියදිවි හානිකරගත්ත කතාවත් සම්පූර්නෙන්ම බොරු කියලත් කියන්නෝනෙ.තවත් මේකෙ බලන්න ඕනෙ පැතිකඩ ගොඩක් තියෙනව.ඒව ගැනත් ඉස්සරහදි එලිවේවි.

සිද්දිය වෙච්ච දවසෙ ඉදන් අද වෙනකන්ම හැමදේම හොයල බලපු ඩලස් අලහප්පෙරුම මැතිතුමාටත් , සිරිපාල ගම්ලත්( නිපුන) මැතිතුමාටත් බොහොම ස්තූතී. තවද අතිශයින්ම උපකාර කල අක්කර පන්සීය විහාරයේ ප්‍රේමරතන හාමුදුරුවන්ටත්, ගල්ලෑල්ල නෙලුම්විල පන්සලේ මහනායක හාමුදුරුවන්ටත් බොහොම ස්තූතී.

තාත්ත අවුරුදු 14 දේශපාලනේ කරල හම්බකරපුවගෙ ෆොටෝ කීපයක් පහලින් දාන්නම්.

තාත්තෙ.

ඔබට නිවන් සුව.

SendShareShare
Previous Post

තෙල්වල පළමු ප්‍රතිඵලය එයි! බස් ගාස්තු වැඩි කරන්න ගණන් හදන ගමන් ඉන්නේ!

Next Post

තෙල් අර්බූදය දරුණුයි! තෙල් ඇමැති රාජ්‍ය නිලධාරීන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.