මෙවර සිදු කෙරුණු නව අමාත්‍ය මණ්ඩල දිව්රුමේදී හිටපු කැබිනට් ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට සිය කැබිනට් තනතුරු අහිමි වී ගොස් ඇත.
ඉකුත් කැබිනට් මණ්ඩලයේ දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන්ද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළහ.
නමුත් අද පැවැති ඇමැතිවරුන් දිව්රුම් දීමේ අවස්ථාවේදීද මෙම හිටපු කැබිනට් ඇමැතිවරුන් හට තනතුරු ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොතිබිණ.
මේ වනවිට කැබිනට් ඇමැතිවරුන් 19 දෙනකු දිව්රුම් දීමට පියවර ගෙන ඇත.










