ජනතා සහන සැලසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ විශේෂ කමිටු 4ට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ විරෝධය පළව ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ මෙවැනි මහජන නියෝජිතයන් නොවන පුද්ගලයන් විසින් දෙන නියෝග පිළි ගැනීමට රාජ්‍ය සේවකයන්ට නොහැකි බවත්, එම නියෝග නීත්‍යානුකූල නොවන බවත්ය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබා දීම සඳහා ඊට අදාළ අංශ සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් අගමැතිවරයා විසින් පත්කර තිබූ අතර ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබාගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාටත්, උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් පවර තිබිණ.
එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායක මහතාට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමයි.
මෙම එජාප සාමාජිකයන් පස්දෙනාම පසුගිය මහමැතිවරණයේදී සිය දිස්ත්‍රික්කවලින් අන්ත පරාජයට ලක්ව පාර්ලිමේන්තුවට හෝ තේරී පත්වූ අය නොවීම විශේෂ සිදුවීමකි.
පරිපාලන සේවා සංගමය නිකුත් කළ නිවේදනය මෙසේය.












