2022.05.09 දින අරලියගහ මන්දිරය, මයිනාගෝ ගම, ගෝටාගෝගම හා ආසන්න ස්ථානවල සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන්, කොටුව මහෙස්ත්‍රාත් වෙත නීතීඥවරුන් විසින් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද දින ඇඳිරි නීතිය හේතුවෙන් වාචික පැමිණිලි ගොනු කිරීම හෙට දිනට සිදු වනු ඇත.
ප්‍රහාරයට සම්බන්ධ චූදිතයින් ආරක්ෂා කිරීම වැලැක්වීම ජ්‍යෙ.නි.පො. දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොල්ස්පති චන්ද්‍රකුමාර, ජ්‍යෙ.පො.අ. සිසිර මෙන්ඩිස්, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට මෙම පැමිණිල්ල මගින් චෝදනා ගොනු කර ඇත.
පොලීසිය උද්ඝෝෂකයින්ට පහරදීම සම්බන්ධයෙන් පොලීසිය විසින් මේ දක්වා අධිකරණයට කරුණු වාර්තා නොකිරීම හේතුවෙන් මෙම නඩුව පැවරීම සිදු ව ඇත.
නඩුවේ සැකකරුවන් ලෙස, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද, සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, සුගත් හේවාපතිරණ, මහින්ද කහඳගම, ලේඛා කහඳගම, තුෂාර උපුල්දෙනිය සහ වසන්තා හඳපාන්ගොඩ යන අය නම් කර ඇත.
අතිරේක සැකකරුවන්ගේ ලේඛනය හෙට දින අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.











