• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට කන්න නැති අස්සෙ ශ්‍රී ලන්කන් එකට ගුවන් යානා 21ක ගන්න ගිය එක කෝප් එකෙන් නවත්වයි!

April 26, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බංකොලොත් ශ්‍රී ලන්කන් තවත් යානා 21ක් ගන්න සූදානම් වෙයි! මහ විහිළුවක්! ආණ්ඩුවේ මන්ත්‍රීම ට්විටර් පණිවුඩයක් තියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින්  2022-2025 අතර කාලය සඳහා  ගුවන්යානා 21 ක්  කුලියට ගැනීම සම්බන්ධයෙන් ආරම්භ කරනු ලැබ ඇති  ප්‍රසම්පාදන ක්‍රියාවලිය  තෙමසකට කල් දමන්නැයි  පොදු ව්‍යාපාර පිළිබද  පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා  එම සමාගමේ  ප්‍රධානීන්ට  අද (25) උපදෙස් දුන්නේය.

ආර්ථික අර්බුදය  හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය  සමාලෝචනය කරන ලෙසත්  ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න ගැන සොයාබලන ලෙසත් කෝප් කමිටුව සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට  නිර්දේශ කළේය.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කරන ලෙසත්  ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස  සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා  උපදෙස් දුන්නේය.

ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා මිලට ගනිමින්  ගුවන් සේවය පවත්වාගෙන   යෑම අතවශ්‍ය  කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්වය හමුවේ ඒ පිළිබදව වඩා අවධානයක් යොමු කරමින්  අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධයෙන්  පසුගියදා පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවූ අතර  එහිදී කෙරුණු යෝජනාවක් අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට ඊයේ මෙසේ කැඳවනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට පවතින ගුවන් යානා 24 න්  කිහිපයක් ඉදිරි  කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා මෙම ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බැවින් නිසි පරිදි එම කටයුතු අරඹා දැන්වීම් පළ කළ බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා එහිදී පෙන්වා දුන්නේය.

මෙම ක්‍රියාවලිය සදහා මාස 6 – 12 අතර කාලයක් ගතවන බවත් වඩාත් විනිවිදභාවයකින් යුතුව අමාත්‍යාංශය හරහා මෙම කටයුතු සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

රටේ කළමනාකාරීත්වය පිළිබදව ඉහල පරිචයක් ඇති වෘත්තිකයන් පිරිසක් සමග  එක්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉහළ තත්වකට ගෙන ඒමට දරන උත්සහය අගය කරන බව කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ විශාල සේවක කප්පාදුවක්ද සිදු කර සේවක වැටුප් අඩු කිරීමටද සිදු වූ බව පෙන්වා දුන් ගුවන් සමාගමේ සභාපතිවරයා සිය සේවක මඩුල්ල ආයතනයේ අභිවෘද්ධිය සදහා දක්වන දායකත්වය ගෞරවයෙන් සිහිපත් කරන බවද පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍යවරුන් වන  ඩී වී චානක, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහින්ද අමරවීර,  පාඨලී චම්පික රණවක, ගරු හර්ෂ ද සිල්වා,  ඉරාන් වික්‍රමරත්න,  එස්. එම් මරික්කාර්, ගරු මධුර විතානගේ, ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින අය වහාම හෙළිකරන්න! පාප් වහන්සේගෙන් ලංකාවෙ ආණ්ඩුවට දරුණු පණිවුඩයක්!

Next Post

සිමෙන්තිවලින් ගෙවල් හදලා ඉවරයි! තවත් 500කින් වැඩි කරලා! දැන් සිමෙන්ති ‌කොට්ටට 2850ක්! ලෑස්ති වෙයල්ලා සිස්ටම් චේන්ජ් කරන් ගල් යුගයට යන්න!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.