ශ්‍රී ලංකාව එහි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපකාර කිරීම සඳහා – වත්මන් මධ්‍යම ආදායම් තත්ත්වයෙන් – අඩු ආදායම්ලාභී රටක් ලෙස තාවකාලික වර්ගීකරණයක් ලබා දී යුක්රේනයට දී ඇති ආකාරයටම හදිසි අරමුදල් ද ලබා දිය යුතු බව ඉන්දියාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) සහ ලෝක බැංකුවට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් මෙම නිර්දේශ සිදු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් සහ IMF කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු බහුපාර්ශ්වික ආයතනවල විවිධ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ජාවලදී ඇය මේ බව දැනුම් දී ඇති බව වාර්තා .










