• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමිගෙන් ජනාධිපතිට බරපතළ චෝදනාවක්! වැඩිකල් නොයා කරපු පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවේවි! (VIDEO)

April 21, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
‘මහනාහිමිවරුන්ටත් පිටින් ගිහින් පත් කළ කැබිනට් මණ්ඩලය පිළිගන්න බෑ!’ කාදිනල් හිමි කැබිනට්ටුවට එරෙහිව විරෝධය පළ කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ ඇති සම්බන්ධයක් හෙළිදරව් විය හැකිය යන බිය නිසාදැයි යන්න ගැන රටේ පොදු ජනතාව හා තමන් තුළ සැකයක් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කර ඇති හෙළිදරව් ගැන කිසිඳු විමර්ශනයක් නොකිරීම සියල්ල රතු පලස යට සඟවා සත්‍ය වසන් කිරීමේ බොළඳ උත්සාහයක් බව ද කොළඹ අගරදගුරුතුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී  අද (21) පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය රජය සමයේ හිටපු පොලිස්පතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට පැවරූ නඩුවේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ප්‍රහාරයේ බරපතල චෝදනා ලැබූ නිලන්ත ජයවර්ධන මහතා යොදාගැනීමෙන් හා උසාවිය ඉදිරියේ නිසි ලෙස නඩු කටයුතු මෙහෙයවීම නොකිරීමෙන් උසාවිය අසරණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කාගේ උවමනාවකට දැයි යන්න ගැන පැනයක් තිබෙන බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

ප්‍රහාරය සිදුවූ පසු එය දැන සිටි බවට ප්‍රසිද්ධියේ පිළිගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හා රජය විසින් ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අයට කළ අපහාසයක බව ද අගරදගුරුතුමෝ පැවසූහ.

නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීතරත්වය කෙලෙසන්නට කටයුතු කිරීම නින්දා සහගත බව කී කාදිනල්තුමෝ මේ ක්‍රියාදායම පිටුපස සිටින්නේ මේ රටේ සියලු බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේදැයි සැකයක් මතුවන බව ද සඳහන් කළහ.

ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණ කරන ලෙස ජනාධිපති කොමිසම කළ නිර්දේශ තිබියදී ඔවුන්ට උසස්වීම් ලබාදෙන්නට ක්‍රියා කළ වත්මන් පොලිස්පතිවරයා ද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ රුධිරයට වගකිව යුතු බව කී කාදිනල්තුමෝ ඔහුට එයින් ගැළවීයාමට සද්ධර්මය ඉඩ නොදෙනු ඇතැයි ද කීහ.

සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට අත්අඩංගුවට ගැනීමෙන් සිදුවූයේ සහරාන් සැලසුම් කළ ප්‍රහාරය ඉදිරියට ගෙනයාමට පාර කැපීමක් බව කී කාදිනල්තුමෝ නාලක ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා කොතරම් දුරට විමර්ශනය විණි ද යන්න පැහැදිලි නැතැයි ද පැවසූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වනාතවිල්ලුව ආයුධ ගබඩාව ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසීමක් නොකළ බව හා සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීම් හමුවේ ‘එහා මෙහා යන නයි රෙද්ද අස්සෙ දා ගන්න එපා’ පැවසූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ සඳහන්ව ඇතැයි ද අගරදගුරුතුමෝ කියා සිටියහ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී මොරදුන් වත්මන් පාලකයා බලයට පත්වූ පසු ඒ පොරොන්දු පසෙක ලා ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්‍ෂේප කරමින් හෙළා දකින බව කී කාදිනල්තුමෝ මෙම අපරාධය කළ අයට වැඩිකල් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇතැයි ද සඳහන් කළහ.

SendShareShare
Previous Post

ෆීල්ඩ් මාෂල් රඹුක්කන මියගිය තරුණයාගේ ගෙදරට යයි! මිනිස්සු වට කරගෙන දුක කියයි! ප්‍රධාන සාක්ෂිකරුත් ලොකු කතාවක් කියයි! (VIDEO)

Next Post

‘මහින්ද එපා’ කිව්වා කියපු ටීම් එකේ 4 දෙනෙක් අද මහින්ද හිටපු රැස්වීමටත් ඇවිත්! මහින්ද ඕන කියලා අතත් උස්සලා!

MORE NEWS

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

Load More
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.