• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසන්තය අරාබියට ගියේ SMS එකෙන්! ලංකාවට ආවේ WHATSAPP එකෙන්!

April 16, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
වසන්තය අරාබියට ගියේ SMS එකෙන්! ලංකාවට ආවේ WHATSAPP එකෙන්!
Share on WhatsAppShare on Facebook

‘දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය?
කටු පොකුර සිප ගනිමි, හෙට මලක් වනු පිණිස’

මෙම අපූරු, හරවත් වදන් පේලි දෙක සඳහන්ව ඇත්තේ ප්‍රවීණ කවියකු සහ ගේය පද රචකයකු වූ රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවකය. මේ සාහිත්‍යමය වදන් මාගේ මතකයට නිතැතින්ම ආවේ අද අප රටේ වත්මන් දසුන් දකින විටදීය. ‘දුෂ්කරය කියා මේ ජීවිතය කිසි විටෙක හැර යන්නට බැහැ, එහෙත් හෙට මලක් වනු පිණිස කටු පොකුර සිපගත යුතුය.’

අද අප රටේ දසඅත දක්නට ඇත්තේ මල් පොකුරු නොව කටු පොකුරුය. ‘සිරි ලංකාව’ සිරියෙන් විනාශ කළ දේශපාලකයන් බිහි කළ කටු පොකුරුය.

මේ තර්කය කටු පොකුරු සිප ගන්නට අද තම දිවි නොතකා ඉදිරියට ඇවිත් සිටින්නේ මෙරට සිටින තරුණ රැල්ලය. අද ජනතාව විඳිනා දුක උදෙසා ඔවුන් මහමග මහා පෙරළියක යෙදී සිටින ආකාරය දක්නට හැකිය. මෙය කිසිදු ආකාරයක අපේ රටින් මින් පෙර දක්නට හැකි වූ දෙයක් නොවේ. මෙරට තිබෙන දූෂිත රාජ්‍ය දේශපාලනය නිසා දැන් රටේ ජනතාව නොවිඳිනා දුක් විඳිති. එයට එරෙහිව අද මේ තරුණ රැල්ල මහමගට පිවිස ඇති ආකාරය දක්නට හැකිය.

‘අහිමි වසන්තය නුඹයි.’ එහෙත් වසන්තය එනවා සත්තයි’ යැයි මාගේ මනසට ආවේ මේ අපූරු දසුන් දකින විටදීය. මුළුමහත් ලොවෙහිම මේ එළැඹෙන්නේ වසන්ත සමයයි. ඕනෑම රටක ශීත ඍතුවෙන් පසුව ගිම්හානයට පෙර එළැඹෙන්නේ වසන්තයයි. වසන්තය ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ Spring (ස්ප්‍රින්ග්) ලෙසටය. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ශීත ඍතුවක් පෙනෙන්නට නොතිබුණත්, නුවරඑළිය වැනි ප්‍රදේශ ගත්කල ශීත ඍතුවක් දක්නට හැකිය. එසේ නම් මෙම අප්‍රේල් මාසය යනු ශීත ඍතුව නිමාවී උදාවන වසන්තයයි. මෙම ‘වසන්ත උදානය’ ගැන අන්තර්ජාලයේ එක් තැනක මා දුටු අපූරු කියමනක් වූයේ, ‘වසංගතය නිමවී වසන්තය එනවා’ යන වදනයි. මෙහිදී වසංගතය ලෙස අර්ථවත්වී ඇත්තේ, ගතවූ ‘කොවිඩ්-19’ මාරක වසංගතයටය. එසේ නම් දැන් පැහැදිලිව අප සිටින්නේ වසන්තයේයි.

මේ දිනවල මෙරට රාජ්‍ය පාලනයට එරෙහිව මහා අරගලයක නිරතව සිටින රටේ තරුණ රැල්ල සහ පොදු ජනතාව දෙස හැරී බලමු. මෙහිදී දක්නට ලැබුණු විශේෂිත සිදුවීමක් නම් මෙරට තරුණ රැල්ල බොහෝ විට කිසිදු නිසි දේශපාලනික නායකත්වයක් නැතිව මහමගට බැස උද්ඝෝෂණය කිරීමය. සමහර ජනතා පාර්ශ්ව පිටුපස යම් දේශපාලනික නායකත්වයක් තිබුණද, මෙම බොහෝ තරුණ කණ්ඩායම්වලට එවැන්නක් නොමැති බැව් පැහැදිලිවම පෙනී යයි. එසේ නම් ඔවුන් එම තත්ත්වයට පත්වූයේ කෙසේද? මෙය සැබැවින්ම නූතන ලෝකයේ කතාන්දරයකි. එනම් නූතන තාක්‍ෂණයේ කතාන්දරයකි. එම තරුණ රැල්ල පසුගියදා මෙම අරගලයට නියුක්ත වූයේ සම්පූර්ණයෙන්ම අන්තර්ජාල පරිගණක තාක්‍ෂණය හරහා සිදුකෙරෙන ක්‍රමවේදයක් හරහාය. එනම් එය තවත් ආකාරයකින් සඳහන් කළ හැක්කේ ‘නූතන අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාල’ භාවිතය හරහාය. අද නූතන ලෝකයේ මෙම සන්නිවේදනය අතිශය ප්‍රබල එකක් වෙයි. මෙම සමාජ මාධ්‍ය ජාලා භාවිතය බොහෝ විට සිදුවන්නේ සමාජයේ තරුණ පිරිස හරහාය. මෙවැනි වටපිටාවක් යටතේ පසුගියදා මෙම බොහෝ තරුණ පිරිස් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයන් සඳහා සහභාගිවී ඇත්තේ මෙලෙස සමාජ මාධ්‍ය සන්නිවේදනය හරහා බැව් වාර්තා වෙයි. එය පූර්ණ සත්‍යයක් බවට ඔප්පු වන්නේ, පසුගිය ඉරු දින මුළුමහත් ශ්‍රී ලංකාව තුළම සමාජ මාධ්‍ය ජාලා සම්පූර්ණ තහනමකට ලක්වූ හෙයිනි.

කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළ එම තරුණ උද්ඝෝෂණ බොහෝ සාර්ථකව සිදුකෙරුණු ආකාරයක් පෙනෙන්නට ඇත. එම උද්වේගකර තත්ත්වය මත රජය යම් ප්‍රබල පීඩනයකට පත්ව ඇති ආකාරයද මැනැවින් පෙනෙයි. කෙසේ හෝ අද ඔබට මේ ලිපියෙහි මුලින්ම මෙම වගතුග ලියා තැබුවේ, මෙයට වසර කිහිපයකට ඉහතදී ලෝකයේ රටවල් කිහිපයක් තුළදී සිදුවූ එක්තරා මහා රාජ්‍ය විරෝධී අරගලයක වගතුග අප රටටද අදාළ වූ හෙයිනි. එනම් මෙම මහා අරගලයද ලොව රටවල් කිහිපයක සිටින තරුණ පරපුර විසින් සමාජ මාධ්‍ය ජාලා සන්නිවේදනය හරහා සිදුකරන ලද්දකි. එම අරගල සඳහා සහභාගි වූ පිරිස්වලින් 90%ක්ම තරුණ, තරුණියන්ය.

කුමක්ද මේ අරගලය..?

ලෝක ඉතිහාසයට එක්වී ඇති මෙම විශ්වනීය කතාන්දරය ‘අරාබි වසන්තය’ (Arab Spring) නමින් හැඳින්වෙයි. ලොව බොහෝ දෙනෙකු මෙම අරගලයේ තතු දැනගත්තද, මෙය යටින් දිවයන සමාජ මාධ්‍ය ජාලා සන්නිවේදනයේ වගතුග එතරම් අවබෝධයක් නැත. මෙම රාජ්‍ය විරෝධී අරගලය ප්‍රධාන වශයෙන් සිදුවූයේ අරාබිකරය හරහාය. ඉන්පසු එය අප්‍රිකාවේ යම් කොටසක් කරාද පැතිර ගියේය. මෙම අරගලය හරියටම ආරම්භ වූයේ 2010 දෙසැම්බර් 17 වැනිදා වන අතර, පසුව 2012 දෙසැම්බර් මාසය දක්වාම වසර 02ක් පුරා පැවැතිණි. මෙය ඉතාමත් දිගු කාලයකි. එනම් සම්පූර්ණයෙන් වසන්ත සමයක් පුරාම පැවැති අතර, ඒ හෙයින් ‘අරාබි වසන්තය‘ ලෙසට නම් කෙරිණි. කෙසේ හෝ මෙය සෑම ලෙසම මිනිසුන් කෝටි ගණනාවක් සහභාගි වූ මහා විප්ලවයකි.
ටියුනීසියාවෙන් ඇරැඹි මෙම විප්ලවය ඉන්පසුව ලිබියාව, ඊජිප්තුව, යේමනය, සිරියාව, බහරේනය කරා ප්‍රධාන වශයෙන් පැතිර ගියේය. මෙම රටවල පාලන තන්ත්‍රයන් සහමුලින්ම පෙරලා දැමීමට පොදු ජනතාව සමත් වූහ. එසේම ඉන්පසුව එම අරගල රැල්ල මොරොක්කෝව, ඉරාකය, ඇල්ජීරියාව, ඉරානය, ලෙබනනය, ජෝර්දානය, කුවේටය, ඕමානය, පලස්තීනය සහ සවුදිඅරාබිය දක්වාද පැතිර ගියේය. එම රටවල රාජ්‍ය පාලනයන් පෙරළා නොදැමුවද මෙම ජනතා අරගල හමුවේ එම රටවල පාලන තන්ත්‍රයන් ජනතාවාදීව කටයුතු කිරීමට ක්‍රියා කළේය. කෙසේ හෝ ‘අරාබි වසන්තය’ යනු සුන්දරවූ අරගලයක්ද නොවේ. එය එක්තරා අතකින් ප්‍රචණ්ඩ වූ අරගලයකි. එනම් විටෙක ම්ලේච්ඡ වූ එම අරගලයෙන් ජනතාව 60,000කට අධික පිරිසක් මරණයට පත්විය. ජනතා ප්‍රතිවිරෝධය, සිවිල් පෙළපාළි, සිවිල් කැරැලි, ප්‍රචණ්ඩත්වයන්, වැඩවර්ජන, අවි-ආයුධ සටන් ආදිය මගින් මෙම අරගල සිදුකරන ලදී. මෙම ක්‍රමවේදයන්ට අලුතින්ම එකතු වූයේ නූතන අන්තර්ජාල ක්‍රියාකාරිත්වයයි.

මෙලෙස එම රටවල් තරුණ පරපුර තම රාජ්‍ය විරෝධී අරගල සඳහා සයිබර් සමාජ මාධ්‍ය ජාලා සන්නිවේදනය (Cyber Social Media Conyeyance) භාවිත කළේ කෙසේද? මෙය සරල ආකාරයකින් පෙනෙන්නට තිබුණත් මෙය සැබැවින්ම සංකීර්ණ විෂයකි. මෙම ‘සයිබර් අරගලය’ (Cyber Revolution) මුලින්ම ආරම්භ වන්නේ ටියුනීසියාවෙනි. ටියුනීසියාව යනු උතුරු අප්‍රිකානු රාජ්‍යයකි. ටියුනීසියාව යනු දුප්පත් රාජ්‍යයක්ද වෙයි. මෙම රටෙහි ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3,713ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායමට ආසන්න වෙයි. මෙහි බහුතරය මුස්ලිම් ජාතිකයන් වන අතර, මෙම අර්බුදය හටගන්නා අවස්ථාවෙහි එරට පාලනය කළේ එල් ආබීදීන් බෙන් අලි නැමැති ජනාධිපතිවරයෙකි. ඔහු එරට ඒකාධිපති පාලකයකු වූ අතර, එවිට නොකඩවා වසර 23ක් පුරා රට පාලනය කරමින් සිටියේය. ඔහුගේ පාලනයෙන් ටියුනීසියානු වැසියන් මහත් පීඩාවටද පත්ව සිටියේය. මෙම සුවිශේෂී සිද්ධිය සිදුවන්නේ මේ අතරවාරයේදීය. ‘අරාබි වසන්ත’යේ පෙර ගමන එය විය.

මොහොමඩ් බොවාසිසී (Mohamed Bouaziz) මෙම සුවිශේෂී ටියුනීසියානු තරුණයාගේ නම විය. 26 හැවිරිදි ඔහු පදික වෙළෙන්දෙකි. ඉතා අධික ලෙස දරිද්‍රතාවයක් සහ උද්ධමනයෙන් පෙළෙමින් සිටි මොහු එරට රාජ්‍ය පාලනය නිසා දරුණු ලෙස බැටකමින් ජීවත් වූ තරුණයෙකි. ඔහුට තම පදික වෙළෙඳාම සිදුකර ගැනීමට පවා රාජ්‍ය ආරක්‍ෂක අංශවලින් බාධා එල්ල විය. දිනක් ඔහු වෙළෙඳාමේ නිරතව සිටියදී පොලිසිය කඩාපැන සියලු පදික වෙළෙන්දන්ට පහර දී එළවා දැමුවේය. එහිදී මෙම තරුණයාටද දැඩි ලෙස පහර දුන්නේය. මෙයට පෙරද මෙම තත්ත්වය කිහිප වතාවක් සිදුවී තිබිණි. එහෙත් මෙදින මොහොමඩ් බොවාසිසී යම් තදබල තීරණයකට එළැඹියේය. ඔහු වහා එම ස්ථානයෙන් පිටව ගොස් නැවැත යමක් රැගෙන පදික වේදිකාව මතට පැමිණියේය. ඔහුගේ අතෙහි වූයේ පෙට්‍රල් පිරවූ කෑනයකි. ඔහු සැණෙන් එය තම ශරීරය මත හලාගෙන, වහා තම ශරීරයට ගිනිතබා ගත්තේය. මේ දිනය 2010 වසරේ දෙසැම්බර් 10 වැනිදාය. අවසානයේදී ඔහු රෝහල් ගතකළත් දැඩි පිලිස්සුම් තුවාලවලින් මරණයට පත්විය.

මෙය මුළුමහත් ටියුනීසියාවම කණපිට හැරවූ ප්‍රබල සිදුවීමක් විය. මෙම සිදුවීම හේතුවෙන් ටියුනීසියාවේ තරුණ පරපුර මහත් සංවේගයට සහ උද්වේගයට පත්විය. ඔවුන් මෙම ඛේදජනක සිදුවීම සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහ වන්නට විය. එසේම ප්‍රබල ලෙස අදහස් හුවමාරු කරගනිමින් රාජ්‍ය පාලනය සහ ජනාධිපතිවරයාට එරෙහි වූ දැඩි අදහස් හුවමාරු කරගන්නට විය. එහෙත් කිසි විටෙකවත් උද්ඝෝෂණය හෝ වෙනත් ශාරීරික අරගලවලට පෙලඹුණේ නැත. ඒ වුවද සමාජ මාධ්‍ය ජාල හරහා ඔවුන් සිදුකරන උද්ඝෝෂණය ප්‍රබල විය. මේ අදහස් හුවමාරුව අතරෙහිම ඔවුන් ඉතාමත්ම රහසිගතව අදහස් හුවමාරු කරගත්තේ, එක් සැණින් ශාරීරික වශයෙන් අරගලයක් සිදුකිරීමටය. කෙසේ හෝ ඒ සඳහා රහසිගතව දින වකවානු නියම විය. පදික වේදිකා තරුණයාගේ මරණය සිදුවී ගත වූයේ දින කිහිපයක් පමණි. තරුණ පරපුර කතාකරගත් පරිදි හරියටම 2010 දෙසැම්බර් 17 වැනිදා මහා අරගලය ඇරැඹිණි. එය එතැනින් සති 4ක් පුරා දරුණු ලෙස පැවැතියේය. අවසානයේදී ටියුනීසියානු තරුණ කැරැල්ල ජයගත්තේය.

මෙම තරුණ කැරැල්ල හේතුවෙන්, ඒකාධිපතියකුව දඩබ්බර පාලනයක් ගෙනගිය ටියුනීසියානු ජනාධිපති සහ එම රාජ්‍ය 2011 ජනවාරි 14 වැනිදා බලයෙන් පහකරනු ලැබුවේය. ආබීදීන් බෙන් අලි ජනාධිපතිවරයා සවුදි අරාබියට පලාගියේය. කෙසේ හෝ මෙම අරගලයෙන් පුද්ගලයන් 338ක් මරණයට පත්වූ අතර, 2,147ක් තුවාල ලැබීය. තරුණ පරපුර සන්නද්ධ නොවූ මෙම අරගලය සම්පූර්ණයෙන්ම සංවිධානය කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ජාල සන්නිවේදනය හරහාය. එය තවද සතියක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී සිදුකෙරුණු ‘තාක්‍ෂණික සංග්‍රාමයකි.’ කෙටියෙන් කිවහොත් සමාජ මාධ්‍ය නිසි ලෙස අවහිර කිරීමටවත් ටියුනීසියානු රජයට නොහැකි විය. එසේම මෙම අරගලය නූතන සයිබර් තාක්‍ෂණය හරහා සිදුකරන ලද ප්‍රථම ජන සටන බවටද පත්විය. කෙසේ හෝ ඉන් පසුව එතැනින් ඉදිරියට තවත් වසර 2ක් පුරා ඉදිරියට ඇදී ගියේද මහා අරගලයටද රටවල් රාශියක තරුණ පිරිස සමාජ මාධ්‍ය සන්නිවේදනය හරහා ප්‍රබල ලෙස දායකත්වය සැපැයීය. ඔවුන් පසුව ශාරීරික වශයෙන් අරගලයට පිවිසියද සටන සංවිධාන කළේ සයිබර් අවකාශය හරහාය.

ඔවුන්ට මෙම ‘සයිබර් සටන’ සඳහා නිසි, හඳුනාගත් නායකත්වයක්ද නොවීය. පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් පමණක් යම් නිර්නාමික නායකත්වයක් ලබා දුන්නද පැහැදිලිව පෙනෙන නායකයකු එම සටන සඳහා නොවීය. බොහෝ විට සෑම ගනුදෙනුවක්ම සිදු කෙරුණේ තරුණ කණ්ඩායම් අතර අදහස් හුවමාරුකර ගැනීමෙනි. ටියුනීසියාවේ තරුණ පිරිස් අතර සිදුවන මෙම ක්‍රමවේදය තවත් අරාබි සහ අප්‍රිකානු රටවල් කිහිපයක තරුණ පිරිස් විසින්ද අවධානයට ගත්තේය. තම රටවල සිටින ඒකාධිපති දූෂිත පාලකයන් ගැන ඔවුන්ගේ දෙනෙත්ද විවර වන්නට ගත්තේය. ඒ අනුව එම තරුණ පිරිස්ද එලෙස සයිබර් අවකාශය හරහා විවිධ විප්ලවීය අදහස් හුවමරු කරගත්තේය. මෙම ‘අරාබි වසන්තය’ ඉන්පසුව හඹනු ලැබුවේ ඊජිප්තුව දෙසටය. වසර 30ක් පුරා ඊජිප්තුව පාලනය කළ ඒකාධිපතියකු වූ ජනාධිපති හොස්නි මුබාරක් මෙම ඊජිප්තු තරුණ අරගලය හරහා නෙරපා දැමුවේය. එම රජයද මුළුමනින්ම පෙරළා දැමුවේය. ඉන්පසුව ‘අරාබි වසන්තය’ ලිබියාවට හඹා ගියේය. ලිබියාවේදී සිදුවූ ශෝකජනක පුවත වූයේ එරට කාලයක් පුරා පාලනය කළ මුවම්මර් ගඩාෆි ජනාධිපතිවරයා විප්ලවකාරීන් විසින් ඝාතනය කිරීමය.

විවිධ ගෝලීය විෂයන් ගැන පුළුල් සමීක්‍ෂණයන් සිදුකර උසස් වාර්තා ඉදිරිපත් කරන, ඇමෙරිකාවේ මූලස්ථානය පිහිටා තිබෙන ‘සේජ්’ නැමැති ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය විසින්, මෙම අරාබි වසන්තයට අදාළ සයිබර් විප්ලවය ගැන විශේෂ වාර්තාවක් ප්‍රකාශයට පත්කර ඇත. එය පිටු 23කින් යුත් වාර්තාවක් වන අතර, යටකී විප්ලවය සිදුකිරීමට සමාජ මාධ්‍ය ජාල බෙහෙවින් ඉවහල් වූ බැව් සාධක සහිතව පෙන්වා දී ඇත. මෙහිදී ප්‍රධාන සමාජ මාධ්‍ය ජාල 06ක් සඳහන් කර ඇති අතර ඒවා ෆේස්බුක්, ට්විටර්, යූ-ටියුබ්, වට්ස්ඇප්, මැසෙන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් (Facebook, Twitter, youtube, WhatsApp, Messenger, Instagram) වෙයි. කෙසේ හෝ මෙහිදී වඩාත්ම භාවිත වී ඇත්තේ ‘ෆේස්බුක්’ සහ ‘ට්වීටර්’ යන මාධ්‍ය බවද සඳහන් කර ඇත. මෙහිදී අරාබි වසන්තය විප්ලවය මුලින්ම දරුණු ලෙස ව්‍යාප්ත වුණු රටවල් 05 තුළ මිලියන සිය ගණනාවක තරුණ පරපුර ඉහත සමාජ මාධ්‍ය දෙක භාවිත කර ඇත. මෙම සමාජ මාධ්‍ය සියල්ලම ඇමෙරිකාවෙන් නිර්මාණය වී ලොව පුරා ප්‍රචලිත වූ ඉතාමත්ම ප්‍රබල මාධ්‍යයන් වෙයි. වෙනත් විවිධ රටවලින් නිර්මාණය වූ සමාජ මාධ්‍ය තිබුණද ඒවා එතරම් භාවිත වී නැත.

2010 සහ 2012 අතර මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයකදී සිදුවුණු විප්ලවීය පෙළපාළි සහ විරෝධතා රැල්ලක් වූ ‘අරාබි වසන්තය’ නිර්මාණය කිරීම සඳහා ‘සමාජ මාධ්‍යවල භූමිකාව’ මූලික වූ බැව් විවාදාත්මක විෂයක් ලෙස පවතී. එම ජන අරගලය හේතුවෙන් එම රටවල රාජ්‍ය පාලනයන් රැසක් පෙරළා දැමූ අතර, මේ සඳහා බහුතරය සහභාගි වූයේ තරුණ පිරිස්ය. මෙම තරුණ පරපුර විප්ලවය ඇරැඹීමට ප්‍රථම 88%ක ප්‍රමාණයක්ම, සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් එම සටන ඉතා සාර්ථකව සංවිධාන කළ බැව් පැවසෙයි. එහිදී දේශපාලන විරෝධතාවලට සහභාගිවන්නන් අතර සන්නිවේදනය සහ අන්තර්ක්‍රියා සඳහා පහසුකම් සැලසීමට සමාජ මාධ්‍ය වැදගත් කාර්යහාරයක් ඉටුකර ඇත. විරෝධතාකරුවන් පෙළපාළි සංවිධානය කිරීමට ඉතාමත් ක්‍ෂණික ක්‍රමවේදයක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කර ඇත. මේ නිසාම බොහෝ රජයන් බොහෝ අවස්ථාවලදී මෙම අන්තර්ජාල පිවිසීම කපා දැමීමටද කටයුතු කළේය. එහෙත් මෙම තරුණ පිරිස් අධෛර්යමත් නොවී, ලැබුණු හැම අවස්ථාවකදීම විප්ලවය උදෙසා ‘නූතන සයිබර් තාක්‍ෂණය’ භාවිත කළේය. එයින් ඔවුන්ට විප්ලව ජය ගැනීමටද හැකි විය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගාල්ලේත් ගෝඨාගෝගම ශාකාවක් විවෘත වෙයි! සටන් පාඨ කියමින් ජනතාව රැය පහන් කරයි! (VIDEO)

Next Post

කැබිනට්ටුව 22කට ලොකු වෙයි! තවත් ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකු‌ට තනතුරු!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.