අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම විෂය පථයට අයත් අමාත්‍යාංශවල කාර්ය මණ්ඩලයට සහ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම කටයුතු සඳහා ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. “අපේ රට පෙර නොවූ විරූ අභියෝගයකට මුහුණ දී සිටින මොහොතක, ඉන්ධන ඉතිරි කිරීමේ පියවරක් ලෙස නිවසේ සිට රාජකාරි කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ මගේ අමාත්‍යාංශවල නිලධාරීන්ට මම උපදෙස් දී තිබෙනවා,” අගමැතිවරයා පැවසීය. අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති වුවද තම රාජකාරිය උපරිමයෙන් ඉටු කරන මෙම නිලධාරීන්ට ස්තූතිය පුද කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.










