• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තැන් තැන්වල පෝලිම්වල සෝපාකලා සතර අපා දුක් උහුලනදා මැරී වැටෙන්නේ…

March 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තැන් තැන්වල පෝලිම්වල සෝපාකලා සතර අපා දුක් උහුලනදා මැරී වැටෙන්නේ…
Share on WhatsAppShare on Facebook

වර්ෂ 2022. 1977 මනුස්සයෙක් 2022 දැක්කෙ කොහොමද? රොබෝවරුන් විසින් සියල්ල පාලනය කරන, සුඛෝපභෝගී ජීවිත ගතකරන, සුඛිත මුදිත ශ්‍රී ලංකාවක් තමයි 1977 හිටපු මිනිස්සු 2022 ගැන හිතුවා නම් හිතුවේ. 1977 ජීවත් වෙලා නැති වුණත් 1977 ජීවත් වෙච්ච කෙනෙක්ගෙ හිතින් අපි හිතුවොත් අපි හිතන්නේ මේ ලෝකෙ මාර විදියට දියුණු වෙයි කියලා. මොකද 1977 ඉඳන් 2022 බැලුවා වගේම, අපි 2022 ඉඳන් 1977 ගැන හිතුවොත්, අපටත් හිතෙන්නේ එහෙමනෙ නේද? 2022දී ලෝකෙ කොච්චර දියුණු වෙලා තියෙයිද? මිනිස්සු කොච්චර සරුසාර ජීවිත ගතකරයිද? අපි අද මේ ගතකරන දුෂ්කර ජීවිත, අපහසු ජීවිතවලට වඩා කොච්චර සැපසම්පත් 2022 ඉන්න මිනිස්සු ගතකරයිද කියලා අපට හිතෙනවා. හැබැයි 1977 මිනිස්සු කොහොම හිතුවත්, 2022 අපි අද ජීවත් වෙන්නේ 1970, 1977 කාලෙ වගේමයි. 70, 77 කාලෙ තිබිච්ච පෝලිම්ම අදත් තියෙනවා. ඒ කාලෙ ගැන අපි පොත්පත්වල කියවල තියෙන්නෙ 70,77 කාලෙ කන්න බොන්න නොතිබ්බ නිසා මිනිස්සුන්ට පෝලිම්වල ඉන්න සිද්ධ වුණා, හාල් ගන්න පෝලිම්වල ඉන්න සිද්ධ වුණා, පෝලිම්වල ඉඳලා මුද්දර නිකුත් කළා, ඒ මුද්දරවලට තමයි කෑම බීම ටික ගන්න වුණේ. හාල් පොලු, මිරිස් පොලු ක්‍රියාත්මක වුණා. මිනිස්සු රහසින් ගෙනල්ලා කෑම බීම ටික හංගගෙන හිටියා.

මේ සියල්ල ඇතුළේ 1977 සිස්ටම් එකක්. නැත්නම් ක්‍රමවේදයක්. මිනිස්සු වෙනුවෙන් වෙන්වෙච්ච කූපන්පත්, ටිකට්පත් ඒ සියල්ලම නිකුත් කරලා තිබුණා. මේවා හරියට සිද්ධ වුණා. මිනිස්සු පෝලිම්වලට ගියා. හැබැයි කෑම බීම හිඟයක් මේ තරම් තිබුණද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි 1977 අතීතය අමතක කරලා 2022 කියන වර්තමානයට එමු. මේක මාරයි. අපි සෞභාග්‍යයේ දේශය බවට පත්වෙන්න හිතාගෙන හිටපු කට්ටියක්නෙ. අපි හිතාගෙන හිටියේ මේක මාරම රටක් බවට පරිවර්තනය වේවි කියලා. 1970-1977 ආණ්ඩුව එදා උත්සාහ කළේ මේක සහලින්, බවබෝගයෙන්, අස්වැන්නෙන් ස්වයංපෝෂිත කරන්න. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇවිල්ලා විවෘත ආර්ථිකයක් බවට පත් කළා. ආර්ථිකය විවෘත කළාට පස්සේ අපට හැම දේම එන්න පටන්ගත්තා. ඇපල් ගෙඩිය, මිදි ගෙඩිය අපට දකින්න හම්බවුණේ ඊට පස්සෙ. බොහෝ කෑම බීම අපට අලුතෙන් ලෝකෙන් එනකොට අපේ වෙළෙඳපොළ පුළුල් වුණා. කඩ සාප්පුවල තියෙන කෑම බීම වර්ග ප්‍රමාණය වැඩි වුණා. කන්න පුළුවන් ජාති ප්‍රමාණය වැඩි වුණා. ඒ නිසා අපි ටිකක් දියුණු වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒත් අවාසනාවකට මේ ලියන මොහොත වෙනකොට ඇපල් ගෙඩිය ආයෙත් පරණ පුරුදු විදියටම සුඛෝපභෝගී ආහාරයක් බවට පත්වෙලා ඉවරයි. මිදි ටිකක් පිටරටින් ගෙනල්ලා අලෙවි කරන එක හිතාගන්නත් බැරි තැනකට පත්වෙලා ඉවරයි. ‘අපි හදාගත්තොත් අපට කන්න වෙනවා’ කියන එක එදා ක්‍රමවේදයට වඩා වෙනස් විදියකට අපට හිතෙන්න ඇරලද, නැත්නම් ඒගොල්ලො අපි හිතන නොහිතන එක ගැන නොහිතුවත්, අපට හිතෙන්න පටන් අරන්න කියලා අපි දන්නෙ නෑ.

කොහොම නමුත් නෝනාවරුනි, මහත්වරුනි, මේ පෝලිම් යුගය කලින් පෝලිම් යුගයට වඩා අසීරු දුෂ්කර සහ කනගාටුදායක යුගයක් බවට පත්වෙලා ඉවරයි. මේ ලියන්නේ ඉතා කනගාටුවෙන් සහ වේදනාවෙන්. මේ ලියන මොහොත වන විට පෝලිමක මියගිය සිවුවැනියාත් වාර්තා වෙලා අවසානයි. මේ හතරදෙනාගෙන් එක්කෙනෙක් විතරක් පෝලිමක සිද්ධ වෙච්ච ගැටුමක් දුරදිග යෑම නිසා සිදුවූ මරණයක්. අනෙක් මරණ තුනම පෝලිමේදී ඇදවැටීම් හේතුවෙන් සිදුවූ ඒවා ලෙස අපට සිතිය හැකියි. සමහර විට ඒ මරණවලට අපි නොහිතන විදියේ වෙනත් හේතු තියෙනවා විය හැකියි. නමුත් මොන විදියේ හේතු තිබුණත් මොන විදියේ කාරණා තිබුණත් මිනිස්සු හතරදෙනෙක් පෝලිම්වල මැරිලා. අපට අංක විදියට හතරක් වුණාට ඒ අයගෙ පවුල්වලට ගෙවල්වලට නෑදෑයන්ට මිත්‍රයන්ට ඔවුන් සොඳුරු මිනිස්සු වෙලා ඉන්න ඇති. ඒ මිනිස්සුන්ට වගකීම් තියෙන්න ඇති. සුදුසුකම් තියෙන්න ඇති. තමන්ගෙ පවුල වෙනුවෙන් දරුවො වෙනුවෙන් බිරිය වෙනුවෙන් ගෙදර අය වෙනුවෙන් කඩේට ආපු අහිංසක මිනිස්සුන්ව ගෙදර අරගෙන යන්න වුණේ මළ සිරුරු බවට පත්වෙලා.

ඇත්තටම අපි බයේ හිටියේ කොවිඩ් හැදිලා මියයයි කියලා. කොවිඩ්වලින් ආරක්ෂා විය යුතුයි කියලා අපි ක්‍රමවේද හදාගත්තා. කොවිඩ් සම්බන්ධව විවිධ නීති රීති පනවන්න අරගත්තා. ඒත් දැන් මිනිස්සු මියයන්නේ කොවිඩ්වලින් නෙවෙයි. පෝලිම්වල. මේ පෝලිම් සංස්කෘතිය නිර්මාණය වුණේ 1970 වගේ ක්‍රමවේදයකට අනුව නෙවෙයි. නිශ්චිත, නිවැරැදි මඟපෙන්වීමක් ඇතුව නෙවෙයි. මුද්දර හෝ සලාක නිකුත් කරලා නෙවෙයි. මේක හිඟය නිසා ඇතිවුණු පෝලිමක්. හිඟය නිසා ඇතිවුණු පෝලිමක සිවුදෙනෙක් මියගියාම ඒ මරණ සම්බන්ධව කතා කරන්න සිද්ධ වීමම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තවදුරටත් ජීවත් වෙන පත්තරකාරයෙක් විදියට හරිම වේදනාවක්. ඒත් කරන්න දෙයක් නෑ. අපට ඒ මියගිය මිනිස්සු වෙනුවෙන් ලියන්නම සිද්ධ වෙනවා.

මේ මරණ අතරින් පළමු මරණය වාර්තා වෙන්නේ මහනුවර ප්‍රදේශයෙන්. ඔහු භූමිතෙල් මිලදී ගැනීම සඳහා පෝලිමට පැමිණ සිටි බව තමයි කියන්නේ. ඔහුගෙ වයස අවුරුදු 70ක්. මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලේ පෝලිමේ රැඳී හිටපු මේ පුද්ගලයා පෝලිමේදී ඇදවැටිලා මියගිහිල්ලා තිබුණා. ඒ සිදුවීම දුටු අය කියලා තිබුණේ දැඩි දාහය නිමා කරමින් පොද වැස්සක් වැටීමත් සමග ඔහු මේ විදියට ඇදවැටුණා කියලයි. ඔහු උඩතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටපු මෙහොමඩ් ඉල්ලියාස් නම් පුදගලයෙක්. මහනුවර රෝහල වෙත සුවසැරිය ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදී ඔහු මියගිය බව තමයි කියන්නේ. මොහොමඩ් ඉල්ලියාස්ගෙ මරණය ඍජුවම තෙල් පෝලිමට සම්බන්ධද නැද්ද කියන එක ගැන පැහැදිලිව ඔප්පු කරන්න සාක්ෂි අපටත් නැහැ. නමුත් මොහොමඩ් ඉල්ලියාස්ගෙ සිදුවීමෙන් පස්සේ ඒ උණුසුමේම තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ, ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ඉන්ධන පිරවුම් හලකින්. මේ පිරවුම් හලේ රැඳී සිටි පුද්ගලයා පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමට පැමිණ සිටි 70 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙක් බවයි සඳහන් වෙන්නේ. ඔහු පෝලිමේ රැඳී සිටියදී හදිසියේම ඇදවැටීමෙන් පස්සේ රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වන විට ඔහු මියගොස් ඇති බව රාගම රෝහල ප්‍රකාශ කරලා තිබුණා. මේ විදියට මියයන්නේ මාකොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පුද්ගලයන් දෙදෙනාම ලොකු ආදායම් තිබුණු අය නොවන බව නම් පැහැදිලියි. භූමිතෙල් පෝලිමක පැය ගානක් රැඳී ඉන්නේ ගෙදර කුමක් හෝ වුවමනාවකට අවශ්‍ය කරන භූමිතෙල් ටික ගන්න. ඒ මනුස්සය ලොකු බලාපොරොත්තුවක්, ලොකු ගේම් එකක් ගහන්න නෙවෙයි මේ දේ කරන්නේ. වයස අවුරුදු 70ට වඩා වැඩි පුද්ගලයෙක් ත්‍රිරෝද රථ රියැදුරෙක් බවට පත්වෙන්නෙත් ජීවත් වෙන්න ඕනෙ හින්දා. ජීවත් වෙන්න බැරි තරමට මිනිසුන්ගෙ කර මතට බර පටවලා, කන්න අඳින්න නැති තරමට ඔවුන්ව රිදවලා, ඉන් පස්සේ තෙල් පෝලිම්වල ඉන්න තැනටම ඔවුන්ව පත් කරලා, ඒ මිනිස්සු මියගියාට පස්සේ කට වහගෙන, අනිත් තැනුත් වහගෙන ඉන්න දේශපාලකයො ගැන අපට ලැජ්ජයි.

හැබැයි ඊළඟ සිදුවීම සම්බන්ධව අපි කනගාටු විය යුතුයි. නමුත් මේ මරණයට අදාළ වෙන්නේ ඉන්ධන පෝලිමටත් වඩා ඉන්ධන පෝලිමේ ඉන්ධන ලබාගන්න පැමිණ සිටි බූරුවෙක් නිසා. ඉන්ධන පෝලිමට බූරුවො ආවට පස්සේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මේ සිදුවීම වෙන්නේ නිට්ටඹුව හොරගොල්ල ප්‍රදේශයේ. ඉන්ධන පිරවුම්හලක ඇතිවෙච්ච ආරවුලක් දුරදිග යෑමෙන් මෙසේ පුද්ගලයෙක්ට තියුණු ආයුධයකින් පහර දුන්නාය කියලා තමයි කියන්නේ. යතුරුපැදිකරුවෙක් තමයි මේ විදියට තියුණු ආයුධයකින් පහරකා මියයන්නේ. ඔහුට පහරදෙන්නේ ත්‍රිරෝද රථ රියැදුරෙක්. 29 හැවිරිදි යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව තමයි පොලිසිය සඳහන් කළේ.

ඔහුට තියුණු ආයුධයකින් පහර දෙන්නේ ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉස්සරහට ගිහින් වාහනය නතර කරගෙන හිටපු ත්‍රිරෝද රථ රියැදුරෙක්. මේ ත්‍රිරෝද රථ රියැදුරාට මොළයක් හෝ කල්පනා ශක්තියක් තිබුණා නම් මෙහෙම සිදුවීමක් සිදු නොවනවා කියලා අපට නිකමට හිතෙනවා. ඒකට හේතුව රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී, තෙල් පෝලිම කාටත් කරදරයක් වෙලා තියෙද්දී තෙල් පෝලිමේ අසාධාරණ වැඩක් සිදුවෙනවා නම් යම් ආකාරයකින්, ඒ අසාධාරණය සම්බන්ධව කෙනෙක් කතා කළාට පස්සේ ඔහුට ඒ ගැන පැහැදිලි කරලා, අපිත් ඉන්නේ ඒ ප්‍රශ්නෙම බව කියලා ගෙදර යනවා හැර පිහියෙන් අනින්න තරම් මේ බූරුවට මොළයක් නැති වුණේ ඇයි කියලා අපි කල්පනා කරනවා.

සිවුවැනි මරණය වාර්තා වෙන්නේ මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසලින්. මේ ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ සිට ආපසු යෑමට සූදානම් වූ පුද්ගලයෙක් ඇදවැටී රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බව මීරිගම පොලිසිය සඳහන් කරලා තිබුණා. ත්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයෙක් පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන, ඉන් අනතුරුව ඔහු කෑන් දෙකක් රැගෙන ත්‍රිරෝද රථය තුළින් තැබීමෙන් අනතුරුව, තුන්වැනි කෑන් එක රැගෙන එමින් සිටියදී තමයි මේ විදියට ඇදවැටී තිබෙන්නේ. ඒ අසල ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යුහුසුළුව මේ පුද්ගලයාව මීරිගම මූලික රෝහලට ඇතුළත් කළත් ඔහුව ජීවත් කරන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. මේ ලිපිය ලියන මොහොත වන විට ඉන්ධන පෝලිම්වල සිදුවුණු සිවුවැනි මරණයත් වාර්තා වෙලා ඉවරයි. ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන ගැටුම්, පහරදීම්, තුවාල සිදුකිරීම් මේ සියල්ලම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ලියුම්කරුත් ඉන්ධන පිරවුම්හලක් අසල පදිංචිකරුවෙක් නිසා ලියුම්කරුටත් මේ ප්‍රශ්නයෙ බරපතළකම හොඳට තේරෙනවා. මොකද ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබාගැනීමට එන බොහෝ නෝනලාට, මහත්වරුන්ට ඒ අසල තියෙන පාරවල්, නිවාස, කඩසාප්පු ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ වගේම ඉන්ධන පිරවුම්හල් අසල සිද්ධ වෙන්නේ කොහොමත් තමන්ගෙ තෙල් ටික පුරවාගෙන ඉක්මනට ගෙදර යන්න දඟලන මිනිස්සුන්ගෙ පොරයක්. ඒ පොරය සාධාරණයි. ඒක අසාධාරණයි කියන්න අපට අයිතියක් නැහැ. කොහොම නමුත් ගෑස් පුපුරලා මිනිස්සු මියගියා. ඒ මරණවලට වගකියන්න ඕනෙ කිසිවෙක් නෙවෙයි මේ ආණ්ඩුව. මොකද ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කරලා ඒ කරපු තක්කඩි වැඩෙන් මිනිස්සු මියගියා. කොවිඩ්වලින් මිනිස්සු මියගියා. ඒ වගේම මේ දැන් ඉන්ධන පිරවුම්හල්වල තියෙන පෝලිම්වලදිත් මිනිස්සු මියයනවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය ගණන ගැන ආයෙත් කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ ගැන අපි ඕනෙ තරම් කියලා තියෙනවා. මේ මිනිස්සු මැරෙන්නේ ඔවුන්ගෙ වරදක් නිසා නෙවෙයි. හැබැයි අපි එහෙම කිව්වට අවසානෙදි මේ මැරෙන්නෙ මිනිස්සුන්ගෙ වරදක් නිසාමයි කියලත් අපට කියන්න පුළුවන්. මොකද ආණ්ඩු පත් කරන්නේ, ආණ්ඩු බලයට ගේන්නේ මිනිස්සු නිසා…

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපේ උන්ගෙ වීරයා මිනිසුන්ගෙ මාරයා…

Next Post

දඹුල්ලේ ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රමිත එළියට බහී! මහින්දානන්දට ලියුමක් යවයි!

MORE NEWS

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීවලට සාධාරණ මිලක් ලැබෙන්නේ නෑ! කෘෂිකර්ම අමාත්‍යංශය මුදල් කාරක සභාවේදී පිළිගනී! ගොවියා පාරට බහින එක සාධාරණයි! VIDEO I Sri Lanka Latest News

Load More
පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොලිස් සේවාවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම ආයතනයක් කරන්න යයි! ඇමැති අනුර ලෝක බැංකුව එක්ක විශේෂ සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.