• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ උන්ගෙ වීරයා මිනිසුන්ගෙ මාරයා…

March 30, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
අපේ උන්ගෙ වීරයා මිනිසුන්ගෙ මාරයා…
Share on WhatsAppShare on Facebook

යුද්ධය පටන්ගත්තේ සෙබළුන් නෙවෙයි, ඒ වගේම යුද්ධයට වගකියන්නත් ඕනෙ සෙබළුන් නෙවෙයි. යුද්ධයට වගකියන්න ඕනෙ ඒ ඒ රටවල යුද්ධයට අඩිතාලම දාන දේශපාලකයෝ. එහෙමත් නැතිනම් ඒ ඒ රටවල නායකයෝ. අහිංසක මිනිස්සු මේ කණ්ඩායම් දෙකටම මැදිවෙලා දුක්විඳිනවා. අද පැය 24 පුරාවටම යුක්රේනයේ ලක්‍ෂ ගණනක මිනිස්සු මහා මරණ බයකින්, දුක්විඳිමින් ජීවත් වෙනවා. තවත් සමහරු මරණ බයෙන් රටින් පැනලා යනවා. දේශපාලකයෝ තම, තමන්ගේ දේශ දේශාන්තරවල බලය රැකගන්න මේ යුද්ධය ඇති කරලා තියෙනවා. එහි ප්‍රධානියා තමයි අද රුසියාවේ සිටින ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්. යුක්රේනය කුඩා, දුප්පත් දේශයක්, ඒත් පුටින්ට ඕනෑ මේ රටෙන් කොටසක් අයිතිකර ගන්න. ඒකයි මේ යුද්ධය ඔහු පටන් ගත්තේ. කොළ පාට තැනිතලාවත්, නිල්වන් අහසත් සපිරි යුක්රේනය, අද රතු ලේ තැවරුණු තැන්නක් බවට පත්වෙලා. යුක්රේනයේ අනාථ කඳවුරුවල සිටින ජනයා සාගතයෙන් මහා දුකක් විඳිමින් සිටිනවා. ඔවුන්ට අද ගේ-දොරක් නැහැ. රැකියාවක් නැහැ. මේ මිනිස්සු කෙතරම් හොඳට ජීවිතය ගතකළ මිනිස්සුද? මේ මිනිසුන්ට කළ අපරාධයට වගකියන්න ඕන ව්ලැඩ්මීර් පුටින්. අද අනාථ කඳවුරුවල ඉන්න කුඩා දරුවන්ට මේ කිසිදෙයක් තේරෙන්නේ නැහැ. ඔවුන් අනාථ කඳවුරු ඇතුළේ සෙල්ලම් කරනවා. නටනවා, ගීත ගයනවා.’

මේ අතිශයම ශෝකීය වගතුග ලියා තබන්නේ යුක්රේනයේ ප්‍රධාන පෙළේ පුවත්පතක ප්‍රවීණ මාධ්‍යවේදිනියක්. ඇය නමින් නතාලියා ගුමෙන්යුක් (Nataliya Gumenyuk) නැමැත්තියක් වන අතර, ඇය යුද වාර්තාකාරිනියක් ලෙසද ප්‍රකටය. ඇය මේ දිනවල යුක්රේනයේ අගනුවර වන ‘කිව්’ නගරය ප්‍රධාන කරගත් තවත් නගර කිහිපයකට රුසියානු හමුදා විසින් බෝම්බ හෙළන විටදීද, නිර්භයව තම මාධ්‍ය රාජකාරිය ඉටුකළ මාධ්‍යවේදිනියකි. ඇයට අමතරව තවත් මාධ්‍යවේදිනියන් කිහිපදෙනෙකුම මේ වන විට යුක්රේනය තුළ යුද්ධය සජීවීව වාර්තා කරමින් සිටින්නීය. ඔවුන් ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත වෙමින් තම මාධ්‍ය රාජකාරිය ඉටුකරන්නීය.

රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් සැලසුම් කර, නිර්මාණය කර, ආරම්භ කරන ලද මෙම කුරිරු යුද්ධය හේතුවෙන් මේ වන විට අහිංසක මිිනිසුන් දහස් ගණනක් මියගොස් ඇතැයිද කරුණු ප්‍රකාශ වෙයි. අද මුළුමහත් ලෝකයම පුටින් සම කරන්නේ එක්තරා ‘හිට්ලර්’ කෙනෙකු ලෙසය. දැනට සති ගණනක් පුරා දිවෙන යුද්ධය, පුටින් අද නවත්වාවි, හෙට නවත්වාවි යැයි සිතුවත් එය එසේ සිදුවන්නේ නැත. පුටින් දවසේ පැය 24 පුරාවටම යුක්රේනයට එරෙහි යුද්ධය මෙහෙයවමින් සිටියි. ඔහු මේ වන විට කිසිදු අතුරු ආන්තරාවක් නැතිව සුවසේ එම මහා අපරාධය සිදුකරමින් සිටියි. ලෝකය කියන කිසිවක් ඔහු තඹයකටවත් මායිම් කරන්නේ නැත.

පුටින් යනු සැබැවින්ම කවරෙක්ද?

මෙයට දින කිහිපයකට ඉහතදී එංගලන්තයේ (මහා බි‍්‍රතාන්‍යයේ) වාසය කරන ලොව ඉතාමත් ප්‍රකට චිත්‍ර ශිල්පියකු වන, ඊශ්‍රායල ජාතික නොමා බාර් (Noma Bar) විසින් සිදුකරන ලද එක්තරා නිර්මාණයක් මේ වන විට ලොව පුරා මහත් ප්‍රකටත්වයට පත්වෙමින් ඇත. මොහු නූතන පරිගණක තාක්‍ෂණය ආශ්‍රිතවද ඉතාමත් ප්‍රබල ග්‍රැෆික් චිත්‍ර නිර්මාණද සිදුකරන නිර්මාණකරුවෙකි. නොමා බාර්ගේ ප්‍රකටත්වය වන්නේ ඔහු අවස්ථා ගණනාවකදීම ලෝකයේ සිටි විවිධ ඒකාධිපති පාලකයන්ගේ චිත්‍ර නිර්මාණ නූතන තාක්‍ෂණය හරහා ඉදිරිපත් කිරීමය. මේ අනුව ඔහු පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ගේ මුහුණුවර ආශ්‍රිත කරගෙන පුදුමාකාර නිර්මාණයක් ඉදිරිපත් කර තිබුණේය. මෙම නිර්මාණය මේ වන විට ලොව පුරා මහත් ආන්දෝලනයක් සිදුකර ඇත.

මෙය කුමක්ද..?

‘Drawing Blood : Israeli Artist Portrays Putin’s Cruelty’ (රුධිරය (ලේ) ඇඳීම : ඊශ්‍රායල කලාකරුවා පුටින්ගේ කෲරත්වය නිරූපණය කරයි.) යනුවෙන් මෙම පුවත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම ආන්දෝලනාත්මක චිත්‍රය දුටු සැණින්ම ඉතා උද්වේගකර, බියකරු හැඟීමක් අපගේ මනසේ ජනිත කරයි. මෙහි පුටින්ගේ මුහුණෙහි දකුණු පැත්තේ සම්පූර්ණයෙන්ම රුධිරයෙන් පිරී ඇති ආකාරය රක්ත වර්ණයෙන් සිතුවම් කර ඇත. එසේම ඔහුගේ දෙනෙත්වල ඇත්තේ ප්‍රහාරක ගුවන් යානා දෙකකි. එසේම එම ගුවන් යානාවලින් හෙළන බෝම්බ දෙකක්ද ඔහුගේ නාසය පහළට වන්නට සිතුවම්කර ඇත. මෙය බැලූ සැණින් පෙනෙන්නේ දෙනෙත් සහ නාසය වුවත්, දැඩි අවධානයකින් බැලූ කල පෙනෙන්නේ ඉහත යුද උපකරණයන්ය. මෙම චිත්‍රයේ අතිශයම බියකරු ස්වරූපය පෙන්වා ඇත්තේ පුටින්ගේ වම් පැත්තේ මුඛයේ තොල් අතරින් රුධිරය (ලේ) පහතට බේරෙන අයුරු සිතුවම් කර තිබීමය. එසේම ඔහුගේ තොල් යුගලය සඳහා ඇත්තේ මියගිය මිනිස් දේහයන්ය.

නොමා බාර්ගේ මෙම සුවිශේෂී චිත්‍රය දුටු සැණින්ම අපගේ ගත, සිත තිගැස්සෙන එමෙන්ම අප නිර්වින්දනය වූ ආකාරයක හැඟීමකින් පෙළීයන බැව් මේ වන විට ලොව විවිධ විචාරකයන් රැසක් කරුණු ප්‍රකාශ කර ඇත. මෙම ඊශ්‍රායල චිත්‍ර ශිල්පියා මෙයට පෙර වතාවන් කිහිපයකදීම ලෝකයේ සිටි බියකරු ඒකාධිපති පාලකයන් වන හිට්ලර්, ස්ටාලින්, ගඩාෆි, ඉඩි අමීන්, කොමෙයිනි සහ තවත් පාලකයන් රැසකගේ චිත්‍ර නිර්මාණය කර ඇත. මෙම පුටින්ගේ චිත්‍රයත් සමග ඔහු තවත් පුටින් ආශ්‍රිත කරගත් නිර්මාණයක්ද සිදුකර ඇත. එහි පුටින්ගේ දෙනෙත්, නාසය සහ මුඛය නිර්මාණය කර ඇත්තේ විශාල විෂඝෝර සර්පයකුගේ රුවිනි. මෙම ආන්දෝලනාත්මක චිත්‍ර දෙක මගින් අර්ථවත් කර ඇත්තේ, පුටින් යනු මිනිසුන්ගේ රුධිරය සොලවනු ලබන මිනිසෙකු බව සහ පුටින් යනු භයානක සර්පයකු බවත්ය. තමන් මෙලෙස රක්ත වර්ණයෙන් නිර්මාණය කරන්නේ යක්‍ෂයාගේ ස්වරූපය බවත්, මෙම ප්‍රකට චිත්‍ර ශිල්පියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

කෙසේ හෝ ව්ලැඩ්මීර් පුටින් නැමැති පාලකයා ගැන අද ලෝකයේ බොහෝ දෙනෙක් කතාවෙති. එසේ කතා වෙන්නේ ඔහුගේ හොඳ ගැන නොවේ. ඔහුගේ කෲරත්වය සහ ම්ලේච්ඡත්වය ගැන මෙසේ ජනතාව කතා වෙති. යුක්රේනය ආක්‍රමණය කිරීම එයට හේතු වී ඇත. අද යුක්රේනයේ කතාව බොහෝ ශෝචනීය එකක් බවට පත්වී ඇත. පුටින් මේ වන විට ඉතාමත් දරුණු ඒකාධිපතියකු ලෙස කටයුතු කරමින් සිටියි. ඔහු මෙම වත්මන් රුසියානු – යුක්රේන යුද්ධය මෙහෙයවන්නේ තනිකරම තමන්ගේම හිතුවක්කාරකම මතය. ඔහු වෙනත් කිසිවෙකුත් ප්‍රකාශ කරන කිසිම උපදෙසක් පිළිපදින්නේ නැත. තමන්ට අවශ්‍ය ආකාරයට යුක්රේනයට පහර දීමේ අණ සහ නියෝග නිකුත් කරයි. යුද්ධය පටන් ගනිද්දීම යුක්රේනයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළද දැන් ප්‍රහාර එල්ල කරන්නේ අහිංසක සිවිල් වැසියන්ද ඉලක්ක කරගෙනය. පසුගිය දිනවලදී ඒ ආකාරයට සිවිල් වැසියන්ගේ නිවාස සංකීර්ණ, පොදු ස්ථාන, දරුවන්ගේ පාසල්, රෝහල්ද පවා ඉලක්ක කරගෙන ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරන ලදී. මේ නිසා දැනට සිවිල් වැසියන් රැසක් මරණයට පත්වී ඇත.

මෙවැනි ශෝචනීය තත්ත්වයක් යටතේ මෙම රුසියානු ඒකාධිපතියාගේ කෲරත්වය සහ ම්ලේච්ඡත්වය ගැන, පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයටද විශේෂ යෝජනාවක් ගෙනාවේය. එය ඉංග්‍රීසි බසින් සඳහන්ව තිබුණේ මෙසේය. ‘Putin is directing a campaign of Violence and cruelty against civillians : A UK Statement at UN Security Council’ (පුටින් සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ සහ කෲරත්වයේ මෙහෙයුමක් සිදුකරමින් තිබෙයි : එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදී ඉදිරිපත් වූ එක්සත් රාජධානියේ ප්‍රකාශය) යන්න එහි සිංහල අරුතය. යුක්රේනයේ වත්මන් මානුෂීය තත්ත්වය ගැන ඉදිරිපත් කෙරුණු මෙම යෝජනාව මේ වන විට ඉතාමත් ප්‍රබල හා ආන්දෝලනාත්මක විෂයක් බවට පත්වී ඇත. මෙහිදී පුටින් නැමැති කෲර පාලකයා විසින් යුක්රේනය තුළ සිදුකරන ලද යුද අපරාධයන් ගැන පැහැදිලි විස්තරයක්ද ආරක්‍ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත. එහි මෙම විශේෂ කරුණුද සඳහන්ව ඇත.

  • එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුක්රේනයේ රජයේ නිල දත්තවලට අනුව මේ වන විට යුක්රේනයේ ජනතාව 14,000කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. මෙයින් 3,300ක පමණ පිරිස සිවිල් වැසියන්ය. අනෙක් පිරිස හමුදාවලට අයත් සාමාජිකයන්ය.
  • මෙම යුද්ධය නිසා මේ වන විට යුක්රේනයේ වැසියන් මිලියන 1.8ක් (ලක්‍ෂ 18ක්) සම්පූර්ණයෙන්ම අනාථයින් බවට පත්වී ඇත. මෙම පිරිස ඉදිරියේදී මිලියන 04ක් දක්වා වැඩි වීමට ඉඩ ඇත.
  • රුසියානු හමුදා මිසයිල සහ ප්‍රහාරක බෝම්බ හෙළීම මගින් සිවිල් නිවාස සංකීර්ණ රැසක් විනාශයට පත්කර ඇත. මේ අතර රෝහල්, පාසල්වලටද බෝම්බ හෙළා ඇත.
  • යුක්රේනයේ වැසියන් ලක්‍ෂ ගණනාවක් මේ වන විට ආහාර, ජලය, විදුලිබලය නැතිව ඉතා දුකසේ අනාථ කඳවුරුවල වාසය කරති.
  • අපට ඔරලෝසුව පිටුපසට කරකවන්න බැහැ, මේ විනාශයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ව්ලැඩ්මීර් පුටින්ය.

මේ ආකාරයට අද මෙම මැර පාලකයාගේ කෲරත්වය එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයටද නිල වශයෙන් වාර්තා කර ඇත. පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ව්ලැඩ්මීර් පුටීන් යනු, ‘මිනීමරු ඒකාධිපතියකු සහ ශුද්ධ වූ මැරයකු ‘Murderous Dictator and a Pure Thug’ බැව්ය. මෙය ඉතාමත්ම ප්‍රබල වූ අර්ථකථනයකි. ඔහු එසේ ප්‍රකාශ කර ඇත්තේ වත්මන් රුසියානු – යුක්රේන් යුද්ධය සහ පුටින් අතීත චරිත සිදුවීම්ද ආශ්‍රිත කරගනිමිනි. එසේම ඉන්පසුවද ජෝ බයිඩන් ජනාධිපතිවරයා තවත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පුටින් යනු ‘භයානක යුද අපරාධකරුවකු’ බවත්ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සිදුකර ඇත්තේ, ධවල මන්දිරයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ඡාවලදීය. යම් යුද්ධයක් පැවැත්වෙන විටදී සිතාමතාම සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන යම් පුද්ගලයකු යුද අපරාධකරුවකු ලෙස ජිනීවා සම්මුතිය යටතේ තක්සේරු කෙරෙයි.

දැනට වසර 20ක් පුර නොකඩවා රුසියාව පාලනය කරනු ලබන ව්ලැඩ්මීර් පුටින් තමන්ගේ ඒකාධිපති පාලනය සාර්ථකව, බාධාවක් නැතිව ගෙන යෑම සඳහා නොයෙක් කුරිරුකම් රැසක් සිදුකළ පුද්ගලයෙකි. විදෙස් මාධ්‍ය සහ දේශපාලනික විචාරකයන් සඳහන් කරන ආකාරයට පුටින් විසින් සිදුකරන ලද අපරාධ මෙසේ අර්ථකථනය කර ඇත.

  • 2000 වසරේ සිට රුසියාව පාලනය කරන පුටින් ඔහුගේ විරුද්ධවාදීන් ඝාතනය කරන හෝ සිරගෙවල් වෙත යවන පාලන තන්ත්‍රයක් නිර්මාණය කළේය. දැනට ඔහුගේ උපදෙස් හෝ නියෝග මත තමන්ගේ විරුද්ධවාදීන් 15ක පමණ ප්‍රමාණයක් ඝාතනය කර ඇත. වෙඩි තැබීම, වස පෙවීම, රසායනික අවි භාවිතය ආදී ක්‍රියාවන් මගින් මෙම පිරිස ඝාතනය කරන ලදී. මෙම පිරිසට දේශපාලකයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්, ඔත්තුකරුවන්, මාධ්‍යවේදීන්ද අයත් වෙයි. එසේම ගැහැනු සහ පිරිමි යන දෙපාර්ශ්වයමද අයත් වෙයි.
  • පුටින් තමන්ගේ විරුද්ධවාදීන්, තමන්ට පාක්‍ෂික අධිකරණය හරහා දීර්ඝ කාල සඳහා සිරගත කරනු ලබයි. එහිදී සයිබීරියාවේ ඇති දුෂ්කර සිරගෙවල් වෙත මෙම විරුද්ධවාදීන් යවනු ලබයි. මේ ආකාරයට ඔහු විරුද්ධවාදීන් සිය ගණනකට ඉතා දැඩි දඬුවම් පමුණුවා ඇත.
  • වෙනත් රටවල යුද්ධයන් සඳහා සහාය දීම සහ බලපෑම් සිදුකිරීම, එසේම යුද ආධාර ලබා දීම, සිරියාවේ ඒකාධිපති පාලකයකු වූ බෂීර්-අල්-අසාද් හට මේ ආකාරයට යුද සහාය ලබා දුන්නේය.
  • යාබද රටවල් ආක්‍රමණය කිරීමට කටයුතු කිරීම. රුසියාව – යුක්රේනය සමග දැනට වසර ගණනාවක සිට යුද අර්බුදයක පැටලී සිටියි.
  • තමන්ට වාසිවන ආකාරයට කැරැලිකාර කණ්ඩායම්වලට සහාය දැක්වීම.
  • ජනතාවගේ සිවිල් දේශපාලනික නිදහස නැති කිරීම. නිදහස් ජනතා රැස්වීම්, උද්ඝෝෂණ ආදිය සඳහා වැටකඩුලු බැඳීම.
  • කුප්‍රකට දූෂිත උසාවි භාවිත කරමින් තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව දූෂණ සහ වංචා චෝදනා ඉදිරිපත් කර දඬුවම් පැමිණවීම.

මේ අතර එතෙරින් ඇසෙන අලුත්ම පුවත වන්නේ, මේ වන විට යුක්රේනයේ රෝහල් 10කට බෝම්බ හෙළා විනාශ කර තිබීමය. එක් වෛiවරයකු හඬමින් මෙම අපරාධය ගැන මාධ්‍යයට කරුණු ප්‍රකාශ කර ඇත. මේ අතර පුටින් යනු මානසික රෝගියකු (Psychopath) ලෙසද බොහෝ පාර්ශ්ව අර්ථකථනය කර ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

රස කර කමු අපි යාපනයේ කෑම…

Next Post

තැන් තැන්වල පෝලිම්වල සෝපාකලා සතර අපා දුක් උහුලනදා මැරී වැටෙන්නේ…

MORE NEWS

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගත මට්ටමට! මරණ 27යි! ‌රෝගීන් 43000 පන්නයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව සහ ඉරානය අතර අද (19) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. Sri...

Read more
කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

රිලව් ගණන් කරපු ඇමැති නාමල් කරුණාරත්න තවත් සංවර්ධන ව්‍යාපෘතියකට අතගහයි! මේ පැත්තෙන් කෙසෙල් කඳ දැම්මාම එහා පැත්තෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් ඇඹිලිපිටියට අරන් එයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

කරන දේවල් ගැන කිසිම දෙයක් මට කියන්නෙත් නෑ! මම දාපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කරලත් නෑ! මාලිමාවට බලය හිමි අගලවත්ත උපසභාපතිට එපා වෙයි! තනතුරින් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.