ශ්‍රී ලංකාවට නිදහස දිනා දීමේ අරගලයේ දැවැන්ත භූමිකාවක් නිරූපණය කළ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් උදාර ජාතික වීරයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටට ජයග්‍රහණයක් ජයග්‍රහණ අත්පත් කොට ගත හැක්කේ එකමුතු බවින් බව සේනානායක චරිතය තුළින් පැහැදිලි වන බව කී විපක්ෂ නායකතුමා අගාධයට වැටී ඇති රට ගොඩනැගීමට හැක්කේ ද එවන් එකමුතු බවක් තුළින් බව පැවසීය.
අද වන විට අපේ රට බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රට තමන්ගේ ගොදුරු බිමක් බවට පත්කර ගැනීමට උකුසු ඇස් යොමු වී ඇති බවද පැවසීය. ඒ තත්ත්වයෙන් රට මුදවා ගැනීමේ අභියෝගය සියලු දෙනා ඉදිරියේ ඇති බවද ඒ මහතා පැවසීය.
දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ 70 වන ගුණානුස්මරණය ඊයේ දිනට (22) යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඩී එස් සේනානායක ගුණසමරු කමිටුව මගින් සංවිධානය කොට තිබූ අනුස්මරණ උත්සවය නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබුණේ පළමු වතාවටය.
කෙසේවෙතත් එජාප නාය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවට එක්ව නොසිටීම විශේෂ සිදුවීමක් විය.

















