ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ජන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ජන්දය නොදී පාර්ලිමේන්තු භෝජනාගාරයේ රැදී සිටි බවක් දැනගන්නට තිබේ.
මෙම පිරිස එහිදී ජන්දය පිළිබද අවධානයක් යොමු නොකොට යම් සාකච්ජාවක නිරත වෙමින් සිට ඇති බව වාර්තා වේ.
ඒ අනුව පනතට පක්ෂව ඡන්ද 86ක් පමණක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 35 ක් ලැබී තිබිණ
සමගි ජන බලවේගය ,දෙමළ ජාතික සන්ධානය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.










