• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ගෝඨා ගෙදර යන්න!’-‘අපි ගෝඨා එක්කයි!’ බුකිය ඇවිලවූ ‘හෑෂ් ටැග්’ යුද්ධයෙන් ගෝඨා දිනයිද පරදියිද?

March 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ගෝඨා ගෙදර යන්න!’-‘අපි ගෝඨා එක්කයි!’ බුකිය ඇවිලවූ ‘හෑෂ් ටැග්’ යුද්ධයෙන් ගෝඨා දිනයිද පරදියිද?
Share on WhatsAppShare on Facebook

ලෝකය වෙනස් වෙමින් යන්නෙ. හුඟක් දේවල් අලුත් වෙලා. දේශපාලනය විතරක් නෙවෙයි විරෝධතා ව්‍යාපාර පවා එහෙමයි. රුසියාවයි යුක්‍රේනයයි අතර ආයුධ යුද්ධය අස්සෙ සයිබර් ප්‍රහාර එල්ල වුණා කීප වතාවක්ම. යුද්ධයකදි බොහෝ විට දැන් ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල වෙනවා. ඒ නිසා මේ විදියටම ලංකාවෙ පවතුණු දේශපාලන අර්බුදයට එරෙහිව විරෝධයක් සමාජ ජාල ඇතුළෙ නිර්මාණය වෙන්න ගත්තා.

ඇත්තටම දේශපාලනික හාස්‍යය අතින් ලංකාවෙ සමාජ ජාල අතිශය පොහොසත්. මේ විදියට වැඩියෙන්ම අභියෝගයට ලක්වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. ඔහු තරම් සමාජ ජාලවල පෝස්ට්වල පාවිච්චි වුණු වෙන මනුස්සයෙක් මේ රටේ නැතිව ඇති. හැබැයි ඒ මනුස්සයට මේ සියල්ල ඉවසා සිටීමේ දේශපාලන විනයක් තිබ්බා. කොහොම නමුත් මේ කියන්න යන්නෙ ඒ කතාවමත් නෙවෙයි. මේ හා සමාන කතාවක්. ලංකාවෙ මේ වෙලාවෙ තියෙන බරපතළ දේශපාලන අර්බුදයට එරෙහිව සමාජ ජාල අස්සෙන් මතුවෙලා ආපු අලුත්ම යුද්ධය. ඒකට කියන්නෙ ‘හෑෂ් ටැග්’ යුද්ධය කියලා. මේ විදියට හෑෂ් ටැග්වලින් විරෝධය පළකිරීම් ලෝකය පුරාම සිදුවෙලා තියෙනවා.

#blacklivesmatter කියන්නෙ මේ වගේ සමාජ ජාලවල සිදුවුණු ප්‍රබලතම හෑෂ් ටැග් විරෝධයක්. 2013 වසරේ ආරම්භ වුණු මේ විරෝධය තවමත් සමාජ ජාලවල ක්‍රියාත්මක වෙනවා.
#justiceforgeorgefloyd කියන්නෙ මේ කාලයෙ වඩාත්ම කතාබහට ලක්වුණු හෑෂ් ටැග් එකක්. මේකත් ලෝකයේ වැඩියෙන්ම භාවිත වූ හෑෂ් ටැග් එකක් විදියටයි සැලකෙන්නෙ.

විරෝධතාවයක් නොවෙන හෑෂ් ටැග් භාවිතාවන් අතර අංක එක බවට පත්වෙලා තියෙන්නෙ #explorepage කියන හෑෂ් ටැග් භාවිතාව. දහතුන් කෝටි පනස්නව ලක්ෂ දසදහස් හාරසිය හතළිස් හතර වතාවක් මේක ලෝකය පුරාම පාවිච්චි වෙලා තියෙනවා. ලංකාවෙ අලුතෙන්ම භාවිතයට ආපු හෑෂ් ටැග් විරෝධය වුණේ #gohomegota කියන එක. මේ විරෝධය ආවෙ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව ඍජුව ඉලක්ක කරමින්. මේකෙන් ඔවුන් කිව්වෙ ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා. බොහෝ තැන්වලින් මේ විදියෙ විරෝධයන් නැඟී එන අතරෙ මේ හා සමපාතව යම් හාස්‍යජනක භාවිතාවයන් කීපයකුත් අපි දැක්කා. ඉන් එකක් වුණේ #comehomegota කියන හෑෂ් ටැග් එක. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්ගෙ පින්තූරයක් එක්ක මේ කොටස සමාජ ජාලවල පළවෙන්න ගත්තා. ඒ විදියට ගත්තම ඒක වක්‍ර විරෝධයක්. මේ විදියෙ විරෝධතා අස්සෙ තවත් විරෝධයක් මතුව ආවා. ඒ, මේ විරෝධයට ප්‍රතිවිරෝධයක් කියන්න පුළුවන් එකක්. හැබැයි ඒක නිර්මාණය කරපු දේශපාලන උප්පරවැට්ටියක් විදියට පේන එක නවත්තන්න බෑ. ඒක කළේ ගෝඨාභය රාජපක්ෂගෙ මීඩියා එකෙන් කියලත් අපිට හිතන්න පුළුවන්. ඒ කැම්පේන් එක වුණේ #standwithgota

එය නිර්මාණය කරපු අය කියන්නෙ ‘අපි ගෝඨාභය එක්ක හිටගන්නවා’ කියලා. මේකත් තවත් එක දේශපාලන ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් අපිට හුරු පාරෙ කරන විරෝධතා. උද්ඝෝෂණ, වැඩ වර්ජන, අකුරට වැඩ, උපවාස වගේ ඒවා. මේ වගේ ඒවා කළේ පාරවල්වල ජන ජීවිත අඩාළ කරමින්. මේවට ඇයි බලපෑම කණ්ඩායම් ව්‍යාපාර කියන්නෙ? බලපෑම් කණ්ඩායම් ව්‍යාපාරවල තියෙන ස්වභාවය වෙන්නෙ ඒක. ඒ හරහා ජන ජීවිතය අඩාළ කිරීමම තමයි බලපෑම් කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය. යම් රටක සරුසාර ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙනවා නම් මේ විදියෙ බලපෑම් කණ්ඩායම් අවහිරතාවලින් තොරව ක්‍රියාත්මක කළ හැකි විය යුතුයි. නමුත් මේ හෑෂ් ටැග් ව්‍යාපාරවලින් අද වෙන කොට බලපෑම් කණ්ඩායම්වල හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
එතකොට මේ හරහා මොකක් ද වෙන්නෙ?

සාමාන්‍යයෙන් වීදි සටනකදි මාර්ගය අවහිර වෙනවා. අතරමඟදි විරෝධතා පුවරු පෙනෙනවා, බැනර් කටවුට්වලින් පණිවුඩ ලැබෙනවා වගේම මේ හෑෂ් ටැග් විරෝධතා සමාජ ජාලවල පෙනෙන්න තියෙනවා. නිතරම ඇස ගැටෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් විරෝධතා ව්‍යාපාරයක් දියත් වෙන්නෙ වැඩි වශයෙන් ජනතාවට පෙනෙන තැනක. ලෝකය පුරාම එහෙම තැන් තියෙනවා. මේ සමාජ ජාලවලට විරෝධය එන්නෙත් ඒ විදියට. මොකද අද ඔබ සහ මම වැඩියෙන්ම ගැවසෙන්නෙ සමාජ ජාලවල නිසා. දැන් ඔබ තීරණය කරන්න මේ දෙපැත්තෙන් ඔබ හිටගන්නෙ කොයි පැත්තෙද කියලා. ඒ කියන්නෙ, #gohomegota #standupwithgota ද කියලා. කොහොම නමුත් දැන් ඔබට පුළුවන් ජාත්‍යන්තර විදියට විරෝධයක් දක්වන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජාතියේ පියා…! UNP නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සැමරුමට සජිත්ට මුල්වරට ආරාධනා කරයි! ඩී.එස්. සමරන්න ඔක්කොම එයි! UNP නායක රනිල්ට අමතක වෙයි! (VIDEO & PHOTOS)

Next Post

ඇමැතිකමින් අයින් වූ ලන්සා ජනපතියි-බැසිලුයි එක්ක කතා කරයි! එළියට ආපු ලන්සා සාකච්ජාව ගැන හිතවතුන්ට කී කතාව!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.