• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මල් වගේ පොඩි උන්ට ඕනෑ රට පවරන්ට ඒ පැටව් සුරකින්ට බැරි මොකෝ මහ උන්ට!

March 22, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මල් වගේ පොඩි උන්ට ඕනෑ රට පවරන්ට ඒ පැටව් සුරකින්ට බැරි මොකෝ මහ උන්ට!
Share on WhatsAppShare on Facebook

අතීතයේ සිටම අපේ රට සදාචාරත්මක අතින් වඩාත් ගුණාත්මක තැනක පැවැති බවට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. මවුපියන් තම දරුවන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කළා. දරුවන්, මවුපියන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කළා. ඒත් අද වන විට මේ සාරධර්ම බොහෝ ලෙසින් පිරිහී ඇති බව දිනපතාම වාර්තා වන සිදුවීම්වලින් පැහැදිලි වන කරුණක්. එම පරිහානියේ ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට වැඩහිටියන්ගෙන් සහ සමාජයෙන් සිදුවන විවිධ අපයෝජනයන්ද දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා.

දරුවන් යනු අපේ රටේ අනාගතයයි. සදාචාරාත්මක පිරිහීම දරුවන්ගේ යහපැවැත්මට වගේම සමාජයටද බරපතළ ගැටලුවක් බවට පත්ව හමාරයි. එසේම එය බරපතළ සමාජ පිළිලයක් බවටයි පත්ව තිබෙන්නේ. මවුපියන් දරුවන්ට ගෞරවය මෛත්‍රිය අනුකම්පාව ලබාදිය යුතුයි. නමුත් වත්මන් සමාජයේ ඇතැම් වැඩිහිටියන් විකෘති මානසිකත්වයකින් ක්‍රියාකිරීම කනගාටුවට කරුණකි. එය දරුවන්ගේ පෞරුෂ වර්ධනයට දැඩි සේ බලපාන බව මනෝ වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙනවා. ගුරුවරයකු යනු දරුවකු යහමඟට ගෙන යන පුද්ගලයකු මිස දරුවන් වැරදි මාර්ගයට යොමුකරවන්නෙක් නොවේ. එහෙත් ගුරුවරයා වන උතුම් පදවියට නිගාදෙන ආකාරයේ නින්දිත ක්‍රියාවක් සිදුකළ ගුරුවරියක පිළිබඳ පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 34 හැවිරිදි ගුරුවරියක් තම පාසලේ සිසුවකු වසර හතරක් තිස්සේ ලිංගික අපයෝජනයට යොදාගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවලින් කියැවුණේ. පාසල් ක්‍රිකට් තරගාවලියකදී අදාළ දරුවාව දැන හඳුනාගෙන ඇති ගුරුවරිය, වට්ස්ඇප් හරහා ඔහු හා සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණා. එම සම්බන්ධතාව අසම්මත ඇසුරක් දක්වා වර්ධනය වී පාසලේ පරිගණක කාමරය තුළදී පවා ගුරුවරිය විසින් දරුවාව අපයෝජනයට ලක්කිරීමටයි කටයුතු කර තිබුණේ. එසේම එම ගුරුරිය දරුවාද සමග ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකට අවස්ථා 60කදී ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබුණා. ඒ සඳහා ගුරුවරිය භාවිත කර තිබුණේ ඇගේ ගුරු හැඳුනුම්පතයි.

මෙම ජුගුප්සාජනක සිදුවීම හෙළිවීමත් සමග එය අධිකරණයට වාර්තා කෙරුණු අතර එහිදී මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ගුරුවරුන් යනු දරුවන් වැරදින් මුදාගෙන යහමඟට පමුණුවන පුද්ගලයෙක් ලෙසයි අප මීට පෙර අසා තිබුණේ. නමුත් වර්තමානයේ සිදුවන මෙවැනි කනගාටුදායක සිදුවීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ඇතැම් ගුරුවරුන් තම සිසු දරුවන් වරදට පොලඹවාගන්නා බවයි.

දරුවන් ගැන කතා කරද්දී තවත් කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණේ යාපනය මිසාලෙයිහි වීරසිංහ ප්‍රාථමික විදුහලෙන්. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් එම පාසලේ දරුවෙක් ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වන්නට මත්තෙන් ඩෙංගු මරුවාට බිලිවී මෙලොව හැරයෑම එම සිදුවීමයි. එලෙස මියගියේ වී. අංජන් නමැති සිසු දරුවෙක්. විභාගයේ ප්‍රතිඵල පසුගිය 13 වැනිදා නිකුත්වූ අතර අංජන් ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 155ක් ලෙසයි සඳහන්ව තිබුණේ යාපනය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව වශයෙන් 147ක් බවට තීරණය කර තිබූ පසුබිමකයි. එහෙත් මේ විශිෂ්ට ජයග්‍රහණය සමරන්නට මත්තෙන් අංජන් මෙලොව හැර ගිහින්. ඔවුන්ගේ මවුපියන්ටත්, පාසලේ ගුරුවරුන්ටත් ඒ ජයග්‍රහණය දරාගත නොහැකි කඳුළක් එක්කළ බව නම් නිසැකයි.

පාසල් දරුවන්ට මුහුණදීමට සිදුවූ හද කකියවන තවත් කනගාටුදායක සිදුවීමක් ගැන පසුගිය 14 වැනිදා ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගම්පහ කෙටවල අමුණෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් එකොළොස්දෙනකු අතරින් 16 හැවිරිදි දරුවෙක් දියේ ගිලී මියගියා. එලෙස මියගොස් තිබුණේ කළගෙඩිහේන මංගලතිරිය ප්‍රදේශයේ පදිංව සිටි දරුවෙක්. කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක අධ්‍යාපන ලබමින් සිටි දරුවන් පිරිසක් දිය නෑමට ගොස් තිබුණේ පාසල් යන බව මවුපියන්ට පවසමින්. දිය නෑමට ගිය ඔවුන් මත්පැන් පානය කරමින් විනෝද වී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිකරගෙන තිබුණා. දිය නාමින් විනෝද වූ ඔවුන් අතරින් දෙදෙනකු දියේ ගිලීමට යද්දී ඉන් එක් අයකු බේරා ගැනීමට හැකිව තිබූ අතර අනෙක් සිසුවා සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණා. එලෙස මියගිය සිසුවා එදින උදෑසන සිය පියා සමග දුම්රිය ස්ථානයට පැමිණ තිබුණේ පාසල් යෑමටයි. අනතුරුව විනෝද ගමන ගැන දැනගෙන ඇති ඔහු පාසල් යෑම පසෙක තබා එම ගමනට එක්ව ඇති බව හෙළිව තිබුණා. ඔහු සැඩපහරට පසුව දියේ ගිලෙන දර්ශනය ඔහු සමග සිටි තවත් සිසුවකු විසින් වීඩියෝගත කර ඇති අතර, එය මේ වන විට සමාජ මාධ්‍යවලද ව්‍යාප්ත වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මෙම දරුවන්ගේ මවුපියන් ඔවුන් ගැන මීට වඩා අවධානයකින් කටයුතු කළා නම් මෙවැනි කනගාටුදායක පුවතක් එදින අසන්නට ඉඩ නොලැබෙන්නට තිබුණු බව සඳහන් කළ යුතුයි.

තවත් මෙවැනි ඛේදනීය පුවතක් අපට පසුගිය 12 වැනිදා අසන්නට ලැබුණේ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයෙන්. නිවෙසේ නිදා සිටි තම දරුවන් තිදෙනාගේ හිසට පොල්ලකින් පහරදුන් 36 හැවිරිදි පුද්ගලයකු පසුව දිවිනසාගෙන තිබුණු බවයි එම පුවතින් කියැවුණේ. මේ පුද්ගලයාගේ බිරිය ඔහු අතහැර ගොස් ඇත්තේ මීට මාසකට පෙරදියි. බිරිය සමග අමනාපය නිසා ඔහු සිත්තැවුලෙන් පසුව ඇති බවයි හෙළිව තිබුණේ. දරුවන් මිත්තණියගේ නිවෙසේ සිට ඇති අතර, දරුවන්ගේ පියා කුලී වැඩ කරමින් ජීවිකාව සරිකරගෙන තිබෙනවා. සිය පවුලේ ප්‍රශ්න හා ආර්ථික ප්‍රශ්න ගැන තම ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා ඇති බව විමර්ශනවලදී හෙළිව ඇති අතර, දරුවන් තිදෙනාට පහරදී ඔහුද දිවි නසාගන්නට ඇත්තේ එම ප්‍රශ්න දරාගත නොහැකි වූ නිසා වන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසේ වෙතත් ඔහුගේ පොලු පහරින් වයස අවුරුදු 05 සහ අවුරුදු 08ක පිරිමි දරුවන් දෙදෙනා සහ 13 හැවිරිදි දියණිය මියයන්නට ඇතැයි ඔහු සිතා ඇති අතර, ලේ විලක දරුවන් වැතිර සිටියත් වාසනාවකට ඔවුන්ගේ ජීවිත බේරී තිබුණා. දරුවන්ගේ කෙඳිරිලි හඬ ඇසී මිත්තණිය ඔවුන් ගැන සොයා බලද්දී දරුවන් ලේ විලක වැටී සිටිනු දැකගන්නට ලැබී තිබුණා. මිත්තණිය අසල්වාසීන් සමග එක්ව දරුවන්ව දඹුල්ල රෝහළට රැගෙන යන්නට කටයුතු කර තිබූ අතර, එහිදී දෙදෙනකුගේ තත්ත්වය බරපතළ නිසා පසුව මහනුවර රෝහල වෙත මාරුකර යවා තිබුණා. සැකකාර පියා නිවෙස පිටුපස ගසක එල්ලී සියදිවි හානිකරගෙන තිබුණේ ඒ අතරවාරයේදියි. ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවයි. ඔහු මියයන්නට පෙර දින සිය ෆේස්බුක් ගිණුමේ සුදු කොඩියක ඡායාරූපයක්ද පළ කර තිබූ බවත්, ඊට යටින් ‘සියල්ල අහිමි වී ගිය කල ඉතිරිව ඇත්තේ මෙපමණයි’ යනුවෙන් ලියා තිබෙනවා. ඔහු සිය බිරියටද දැඩි ලෙස ආදරය කළ බව එම ෆේස්බුක් ගිණුමේ තිබූ සටහන් පරීක්ෂා කිරීමේදී පෙනීයන කරුණක්. සිය බිරියගේ ඡායාරූපයක් පළකරමින් ඔහු පසුගිය 03 වැනිදා මෙවැනි සටහනක් ඊට එක්කර තිබුණා.

‘අපිට කවදාවත් වරදින්නේ නෑ මැණික, ඔයා වැරදි නැහැ. අපිට අපේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් ඔයා ගත්ත තීරණය හරි. අපිට කවුරුත් නැහැ. අපි විතරයි ඉන්නේ. ඔයා පරිස්සමින් ඉන්න…’

‘මහමෙරක් තරම් ඔයා වෙනුවෙන් තියෙන ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැතිවෙයි. මේ ආත්මේ විතරක් නෙවෙයි මතු උපදින හැම භවයකම මේ ආදරය ඔයා වෙනුවෙන්මයි…’

ඔහු සිය දරුවකුගේ ඡායාරූපයක්ද පළකර තිබූ අතර එහි සටහන් කර තිබුණේ මෙවැන්නක්.

‘අම්මා බයිසිකලයක් එවනකන් ඉන්නේ….’ ඒ ඡායාරූප දකිද්දී නෙතට කඳුළක් උනන්නේ නිරායාසයෙන්මයි.

ඔහුගේ අසල්වාසීන් පවසන්නේ ඔහු දරුවන්ට මහත් සේ ආදරය කළ පියකු බවයි. අහිංසක නොදරුවන් මවුපින්ගේ ප්‍රශ්නවලට පලි නැහැ. ඒ පියා සිදුකළ දේ කවදාවත් සාධාරණීකරණය කරන්නට බැහැ. දැන් මේ අහිංසක දරුවන්ට අම්මාත් නැහැ, තාත්තාත් නැහැ. මේ දරුවන්ට ආදරය වෙනුවට ලැබුණේ තාත්තාගෙන් පොලු පහරක් පමණයි.

වත්මන් සමාජය පත්වෙලා තියෙන තත්ත්වය කොයිතරම් කනගාටුදායකද? විවාහ ජීවිතයේ ඇතිවන සිත් අමනාපකම්, ආර්ථික දුෂ්කරතා වැනි ගැටලු විවාහ ජීවිතයක් ගතකරන ඕනෑම කෙනකුට ඇතිවන සාමාන්‍ය දේවල්. ඒවා හේතුවෙන් දරුවන්ගෙන් පලිගන්නට තරම් කුරිරු වීම නම් කෙසේ වත් අනුමත කරන්නට බැහැ. පියකුගේ දරු සෙනෙහස මස් සිඳ, ඇට සිඳ, ඇට මිදුළු දක්වා දිවෙන බවයි අප අසා තිබෙන්නේ. ඒත් මේ නරුම පියාගේ දරු සෙනෙහස තිබුණේ කොතැනද?

මා මේ සියලු සිදුවීම් ලියා අවසන් කිරීමට සූදානම් වෙද්දී තවත් කනගාටුදායක පුවතක් අසන්නට ලැබුණේ කහවත්ත ඇන්දගාන ප්‍රදේශයෙන්. ඒ, නංගිලා මල්ලිලා හයදෙනාගේ කුසගිනි නිවන්නට කොස් කඩාගෙනැවිත් අම්මාට දෙන දරුවෙක් ගැන පුවතක්. දරුවන්ගේ පියා පිළිකා රෝගයෙන් පෙළෙන නිසා ඔවුන්ගේ බර කරටගන්නට ඒ පුංචි දරුවා කටයුතු කර තිබුණේ වෙනත් කරන්නට දෙයක් නොමැති වූ තැන. දිළිඳු බවේ අන්තයටම වැටුණු ඒ පවුලට අවම තරමින් කොස් ගෙඩිය තම්බා ගැනීමට තරම් පහසුකමක්ද ඒ නිවෙසේ නැති බවයි වාර්තා වුණේ. දිරාගිය ටකරන් වහළෙන් දියකාන්දු වීම නිසා ඔවුන්ගේ මුළුතැන්ගෙය තෙතබරිතව තිබුණා. දරුවන් පාසල් යවන්නටවත් ඒ අම්මාට වත්කමක් නැහැ. තාත්තා රෝහලේ ඇඳක් මත ජීවිතය අයැදිමින් සටනක නිරත වෙලා…
මෙවැනි අනුවේදනීය කතා අප සමාජයේ කොයි තරම් නම් ඇද්ද? අද වන විට උද්ධමනය දැඩි ලෙස ඉහළගොස් ඇති පසුබිමක තවත් කී දාහක් මෙවැනි අන්ත අසරණභාවයට පත්වනු ඇද්ද? කුලී වැඩක් කරමින් ජීවිත් වූ පවුල් කොපමණ සංඛ්‍යාවක් තව තවත් ආර්ථික දුෂ්කරතාවන්ට මැදිව මහ පාරට වැටෙනු ඇද්ද? ඉතින් ඔබට හැකි නම් එවැනි එක් පවුලකට හෝ සවියක් වන්නට… එය ඔබ සිදුකරන වටිනා පින්කමක් බව කිව යුතුමයි.

ඒ වගේම මවුපියන්ගේ රැකවරණයෙන් මිදී දරුවන් නොමග යන අවස්ථාවන් ගැනත් වචනයක් සඳහන් කළ යුතුයි. හුදු විනෝදය උදෙසා මවුපියන් රවටමින් විනෝද චාරිකා ගොස් ජීවිතය මරණයෙන් කෙළවර කරගන්නට උත්සාහ දරන දරුවනි, නැවත නැවතත් සිතන්න. ඔබේ මවුපියන් කොයි තරම් දුකක් දරමින්ද ඔබව පෝෂණය කරන්නේ? ඔවුන් කොයි තරම් වෙහෙසක් දරනවාද ඔබට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්නට? එවැනි මවුපියන්ව රැවැටීම යනු ඔබ සියතින්ම ඔබේ විනාශය සිදුකරගැනීමක්මයි. ඒ නිසා කිසිදු දවසක ඔබේ ආදරණීය මවුපියන් රවටන්න එපා.

ආදරණීය මවුපියන්ද තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව අප නිරන්තරයෙන් අවධාරණය කරන කරුණක්. මේ ලිපි පෙළ හරහාම ඔබට ඒ ගැන දැනුම් දුන් වාර බොහෝ තිබෙනවා. කාර්යබහුලත්වය නිසා හෝ ආර්ථික ප්‍රශ්න නිසා හෝ ඔබේ දරුවා ගැන අවධානයෙන් සිටීමට ඔබට නොහැකි නම්, එය ඉතාමත් අවසානාවන්ත තත්ත්වයක් බව නොකියාම බැහැ. ඔබේ එක නොසලකාහැරීමක් හේතුවෙන් ඔබ පණ මෙන් ආදරය කරන ඔබේ දරුවාගේ ජීවිතය නැතිවී යන්නටත් හැකියි. අප ඉහත සඳහන් කළ උදාහරණ ඔබට ඕනෑවටත් වඩා ඒ ගැන කියා දේවි. ඉතින්, ඔබේ දරුවන්ට හොඳින් ආදරය කරන්න. හොඳින් ඇහුන්කන් දෙන්න. ඔබේ ලෝකය දරුවන් වනවා සේම, දරුවන්ටද ඔබව ඔවුන්ගේ මුළු ලෝකයම වන තැනට පත්කර ගන්න. එවිට මේ විෂම සමාජය තුළ ඔබේ දරුවන් ආරක්ෂා කරගන්නට ඔබට හැකි වේවි….

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නැවට ඩොලර් ගෙවයි.. ගෑස් සැපයුම අඛණ්ඩව! ජලමට්ටම් පහළට.. විදුලිය භාවිතය පරෙස්සමෙන්! මෙන්න රූපවාහිනී ප්‍රවෘත්ති! (VIDEO)

Next Post

ඇමැතිකම අතහැරපු ගම්පහ ලන්සා ගැන නෙළුම් මාවතේ ඉඳන් ගම්පහ ඇමැතිතුමෙක් කියපු කතාව! (VIDEO)

MORE NEWS

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

Load More
ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News

Read more
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.