• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනබලයෙන් මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවන සටන සජබෙ ආරම්භ කළා! සජිත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට ජනතාවට දැනුම් දෙයි! (PHOTOS & VIDEO)

March 15, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
ජනබලයෙන් මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යවන සටන සජබෙ ආරම්භ කළා! සජිත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිට ජනතාවට දැනුම් දෙයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් “රට විනාසයි දැන් ඇති” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කීය.

“ දුර්දාන්ත ජනතා විරෝධී රාජපක්ෂ ආණ්ඩුව ජන බලයෙන් ගෙදර යවන සටන අපි ආරම්භ කරල තියෙනවා. වැඩ කරනවායි කියපු විරුවා අද වැඩි කරන විරුවා බවට පත්වෙලා. ජනතාව එදා කිව්වේ අතිගරු ජනාධිපතිතුමා කියලා. දැන් ජනතාව කියන්නේ ඇති ගරු ජනාධිපතිතුමා කියලා.

ගෑස්ටික් ටික, කන්න ආහාර වේලක් හොයා ගන්න නැතුව, දරුවෝ හාමතේ තියලා තමයි අද මේ ජනතාව මෙතෙන්ට ඇවිල්ල තියෙන්නේ. ජනතාව මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ දුර්දාන්ත දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව කියලා අපි මතක් කරන්න කැමතියි.

අද ගොවියා, ධීවරයා, කම්කරුවෝ ත්‍රීරෝද රථ රියදුරු අනාථ වෙලා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වෙලා. ව්‍යාපාරික පන්තිය අනාථ වෙලා. ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වාත් ඉහළ සිට පහළ දක්වා අනාථ වී ඉන්න මොහොතක මෙහි පැමිණ සිටින අයට අපි දෑත් ඔසවා ආචාර කරනවා. කිසිම බියක් සැකක් නැතුව මෙතැනට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජන බලය රටට පෙන්නුවා කියන එක මම මේ අවස්ථාවෙදී කියන්න කැමතියි.

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳිනවා. ජනතාවට තවත් මේ දුක උහුලන්න දෙන්න බැහැ. ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි මේ ස්ථානයට ආවේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට කියලා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.

අපි ආවෙ රට කාබාසිනියා කරපු ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්න. උද්ධච්ච ජන හද ගැස්ම නොතේරෙන මේ ආණ්ඩුව ජනතා දුක අහන්න සූදානම් නැහැ. ජනතා දුක අහන්න සූදානම් නැති මේ ආණ්ඩුව ගෙදර යවන්න ඔබ සූදානම් ද කියලා අපි ජනතාවගෙන් අහනවා.

මේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුව පලවා හරින ගමන අපි අද සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ගෙදර යවන ගමන අපි ආරම්භ කරනවා.
දූෂණයෙන් වංචාවෙන් බැහැර වෙච්ච පිරිසිදු පාලනයක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රජයක් තුළ පාලකයන්ට තිබෙන වරදාන වරප්‍රසාද අපි අවම කරලා පොදු ජනතාවට එම සියලු වරදාන වරප්‍රසාද ලබා දෙනවා කියන එක මම කියනවා.

ජනතාවට අවශ්‍ය දේශපාලනයක් නෙවෙයි ජනතා සේවයක් එහි සේවයට කරන්න අපි සූදානම්. ජනතා ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා කියලා මෙතනදී පොරොන්දු වෙනවා.
ජනාධිපතිගේ අගමැති ඉඳලා අපට තිබෙන වරදාන වරප්‍රසාද පොදු ජනතාව වෙනුවෙන් ලබා දෙනවා කියලා අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අපේ ආණ්ඩුවක් තුළ ඩීල් නැහැ. අපි ආණ්ඩුව තුළ රහස් ගිවිසුම් නැහැ. අපි ආණ්ඩුව තුළ පවා දීම් නැහැ. අපි එකම ඩීල් එක දී මේ රටේ පොදු ජනතාව සමග තිබෙන සමාජ ගිවිසුමයි කියලා මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. රාජපක්ෂ පාලනය තුළ සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් අද වෙන්දේසි ලන්තයක් බවට පත්වෙලා තියෙනවා. රටේ සම්පත් අපේ දේශීය දේපල තුට්ටු දෙකට විදේශිකයන්ට විකුණන ජාතිද්‍රෝහී ගිවිසුම් අත්සන් කරන මොහොතේ අහිමි වූ ජාතිකත්වය ජාතික අභිමානය සමගි ජන බලවේගය පොදු ජන රජයක් හරහා අපි නැවතත් ලබා දෙනවා කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි.

රුවන්ඩාවේ ගෝත්‍ර දෙකක් ගහමරා ගෙන ලක්ෂ අටක් ජීවිත නැති කරගෙන ඇමරිකාවේ සිංගප්පූරුව වගේ දියුණු වෙනවා. වියට්නාමය ආසියානු පැසිපික් කලාපයේ සීඝ්‍ර දියුණුවක් වන රට බවට පත්වෙලා තියෙනවා. අද අපේ රටේ අන්ත අගාධයකට අන්ත ප්‍රපාතයට මේ දුෂ්ට රාජපක්ෂ පාලනය නිසා කඩා වැටිලා තියෙනවා. රට මුදවා ගෙන යළිත් ජයග්‍රහණය කිරීමට මගේ ආදරණීය ජනතාවට මම ප්‍රතිඥා දෙනවා. ඒ සඳහා සූදානම් වන ලෙස අපි සියලුම ජනතාවට දැනුම් දෙනවා. අපි නිර්මාණය කරන රජය තුළ සම්පූර්ණයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකිනවා.

අපිත් එක්ක දේශපාලන ඩීල් දාන්න දැන් එක එක්කෙනා එනවා. මෙතෙක් කල් සිදුවුණු බහුතර ඩීල් ක්‍රියාත්මක වුණේ ඇමතිකම්, සභාපතිකම් නිලතල මත පදනම්වයි. එහෙම ඩීල් දේශපාලනයක් සමගි ජන බලවේගය තුළ ඉඩක් නැහැ. එකතු වෙන්න ඕන නම් අපි එකතු වන්නේ පුද්ගල ඩීල් මත නෙමෙයි කියලා ඒ කැමති හැමෝටම අපි කියනවා.අපි එකතු වන්නේ ජනතාව රට දිනවන ඩීල් එකක් එක්ක විතරයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.

අද කොළඹට ඇවිල්ලා අපි මේ ක්‍රියාත්මක කළේ ආරම්භයක් පමණයි. අපි ඉදිරියේදී වහාම දිස්ත්‍රික්ක මට්ටමින් ආණ්ඩුව පලවා හැරීමේ ගමන දියත් කරනවා. ගමක් ගමක් ගානේ අපි ඇවිත් කාටවත් බිද දමන්න බැරි කාගෙවත් කුමන්ත්‍රණ වලට යට වෙන්නේ නැති පාලනයක් අපි බිහි කරනවා. දකුණු පය පෙරට තබල තනි බලයකින් යුතු සමගි ජන බලවේ සන්ධානය ජයග්‍රහණය කිරීමට අපි ඇප කැප වෙනවා කියලා ප්‍රතිඥා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සමගි ජනබල පාලනය බිහි බිහිකරන්න එක්වන්න කියලා අපි මේ ජනතාවට ආරාධනා කරනවා.

අද වන විට අපේ රටේ තරුණ පරපුර දස දහස් ගණනින් මේ නිර්මාණය වෙලා තියෙන අන්ධකාරය තුල රට අතහැරලා යනවා. අපේ ප්‍රතිපත්ති ගැන විශ්වාස කරලා රට තුළ රැඳී සිටින්න කියලා ඒ තරුණ පරපුරට මම අවධාරණය කරනවා. මේ රටේ උගතුන් වියතුන් දක්ෂයින් රට තුළ තිබෙන මේ මහා දැවැන්ත ප්‍රපාතය තුළ රට අතහැර යනවා. රටට විශාල පාඩුවක් සිදුවෙනවා.
උගත් අයට, දක්ෂයින්ට කුසලතාව ඇති අයට තැන දෙන ආණ්ඩුවක් තමයි අපි හදන්නෙ.

අපේ ආණ්ඩුවක දැනටම ප්‍රේමදාසලා ගණනාවක් ඉන්නවා. ගාමිණී දිසානායක ගණනාවක් ඉන්නවා. ලලිත් ඇතුලත්මුදලිලා ගණනාවක් ඉන්නවා. ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ හැමෝගෙම හයියෙන් දුර දක්නා නුවණින් දක්ෂයාට තැන දීලා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් අපේ ආණ්ඩුව තුළ කටයුතු කරනවා.

අපේ ආණ්ඩුව තුළ නාමික ඇමතිවරු නැහැ. අපි තැන ලබා දෙන්නේ වැඩකාරයන්ට. මේ ආණ්ඩුවෙ වගේ පුටු රත් කරන ඇමතිවරු අපි බිහි කරන්නේ නැහැ. ඒ නිසා කවුරුත් භේදභින්න වෙන්න එපා.

සමගි ජන බලවේගය මහා දැවැන්ත වෘක්ෂයක්. මේක දේදුනු සන්ධානයක්. සෑම ජාතියකටම හැම ආගමකටම හැම කුලයකටම හැම අයෙකුටම ප්‍රතිපත්තිය මත මේ සමග ජන බලවේග සන්ධානයේ සෙවන ලැබෙනවා කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා.

සෝමාලියාව, සිම්බාබ්වේ රා අපේ රට ගෙනියන මේ දුෂ්ට රාජපක්ෂ ආණ්ඩුව පලවා හරින්නට එකට එකතු කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.

අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙතැන්ට ආවේ වෙඩි වලට, බෝම්බ වලට කඳුළු ගෑස් වලට බය නොවී. ඔළුගෙඩි මාරු, ඩීල් පුටු මාරු වලින් තොරව ජනතා බලයෙන් අපි ආණ්ඩුවක් පත් කරනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට වැඩ බැරිනම් රට හදන්න අපිට බාර දෙන්න. අපි වැඩේ කරලා පෙන්නන්නම්. මේ වෙනකොට මැදපෙරදිග රටවල් තුනක් අවුරුදු දෙකක් මුදල් නොමැතිව තෙල් ලබාදීමට සමගි ජන බලවේගය අපේ රජයකට පොරොන්දු වෙලා තියෙනවා කියලා මේ තෙල් පෝලිමේ ඉන්න ජනතාවට මම වගකීමෙන් කියනවා.

මේ රටේ ජාති භේදය, ජාතිවාදය අවුස්සන වද කොත්තු, වඳ සැත්කම් කතා හදලා ඇති කරපු ජාති බේද යේ ප්‍රතිඵල අද විදින්න සිද්ද වෙලා තියෙන්නෙ රටේ ජනතාවට පෝලිම් වල ඉඳගෙනයි. එහෙම වද කොත්තු වද සැත්කම් තිබ්බනම් අපි තමයි ඒවට පළමුවෙන් දඩුවම් කරන්නේ. දැන් මේවා කියලා බලයට ආපු කට්ටිය දැන් ඒ මනුස්සයාට හිඟ පඩිත් එක්ක සේවය පිහිටුවලා තියෙනවා.
අපේ රටේ තිබිය යුත්තේ ජාතිභේදය නෙවෙයි ජාතිකත්වයයි. අපේ රටේ ජනතාව පාවල දෙන්නැතුව ලක්ෂ 220 ක් වූ ජනතාව අනාථ කරන්නෙ නැතුව පින් සිද්දවෙයි ගෙදර යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ජනතාවට ඒ තීන්දුව ගන්න නැවත වරක් ජනාධිපතිවරණයක් ඉල්ලනවා. එදාට රටේ ජනතාව වැඩ පෙන්නයි කියලා මම මේ අවස්ථාවේ කියනවා.
මේ විරෝධතාවයට සමගි ජන බලවේගය ට අනුබද්ධිත විශාල පිරිසක් කැප වුණා. මේ ආරම්බය විතරයි ඊළඟ පියවරට සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා. අපි විනයානුකූල පක්ෂයක්. අපි රට වෙනුවෙන් සාමෙන් එකතු වුණා වගේම අපි සාමයෙන් විසිර යනවා” යැයිද විපක්ෂනායකවරයා එහිදී කීවේය.

SendShareShare
Previous Post

සජිත් එක්ක සෙනග කොළඹට එන හැටි පෙන්වන උඩින් ගත්තු EXCLUSIVE VIDEO තුනක්!

Next Post

‌හෙටත් ලයිට් කපනවා! ජනාධිපතිට කලුවරේ ජාතිය අමතන්න වෙයිද?

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.