• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජීවිතයම මුහුද අරන් ගියා…
දුකත් අරගෙන යළිත් ඉපදුණා…

March 14, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ජීවිතයම මුහුද අරන් ගියා…  දුකත් අරගෙන යළිත් ඉපදුණා…
Share on WhatsAppShare on Facebook

ලෝක කාන්තා දිනය දවසෙත් කාන්තාවකට සමාජයෙන් සිදුවූ අසාධාරණයක් පිළිබඳ අසන්නට ලැබීම කනගාටුවට කරුණක්. මේ පුවත අසන්නට ලැබුණේ මැදිරිගිරියෙන්. අපේ රටේ කාන්තා දිනය මහ ඉහළින් සැමරුවත් මෙවැනි දුක්ඛිත සිදුවීම්වල අඩුවක් නම් නැහැ. කාන්තාවට සමාජයෙන් ලැබිය යුතු ගෞරවය වෙනුවට සමාජයෙන් ඇයට ලැබුණේ නොසැලකිල්ලකි.
අද දරුවන් දෙදෙනකුගේ මවක් ලෙස ජීවිතයට මුහුණ දුන්නත් මීට වසර 18කට පෙර සිවුහැවිරිදි වියේ පසුවෙද්දි සුනාමියෙන් අම්මා තාත්තා සහෝදර සහෝදරියන් සමග ඇයත් සුනාමි රකුසාට බිලිවුණා. පවුලේ සියලු දෙනා මියගියත්, දෛවෝපගත ලෙසින් ඉන් ඇගේ ජීවිතය බේරුණා. එලෙස මවුපියන් අහිමි වූ ඇයට මේ සමාජයෙන් විඳින්නට සිදුවූ අසාධාරණය නිමක් නැහැ.

ඇය මුහුණ දුන් කටුක අත්දැකීම් ‘මව්රට’ට පවසා සිටියා. අම්මා තාත්තා සහෝදර සහෝදරියන් අහිමි වීමෙන් පසු සමාජයෙන් සිදුවූ අසාධාරණයන් අති විශාල බවයි ඇය පැවසුවේ.
ඇය වරෙක සිතන්නට ඇති මම කවුද? මගේ ආගම මොකද්ද? කොහේද මම හිටියේ? මගේ අම්මා තාත්තා කවුද? මේ කිසිවක් කියන්නට ඇය දන්නේ නැත. ඇයට මතක ඇත්තේ සුනාමි දා අම්මා තාත්තා අක්කලා දෙන්නා, අයියලා දෙන්නා සහ මල්ලිලා තුන්දෙනා සමග ඇයද සුනාමි රකුසාට බිලිවූ බව පමණකි. ඇය පියවි සිහිය ලබන විට ඇය සිටියේ සුනාමි කඳවුරක් තුළයි.
දෛවය මේ තරම් අකාරුණික වෙලා ඇයට අත්කළ ඉරණම ගැන ඇය සිහිකළේ හැඬූ කඳුළින්.

‘සුනාමිය එනකොට මගේ වයස අවුරුදු හතරක් විතර ඇති කියලයි මං හිතන්නේ. හරියටම වයස කියන්න මං දන්නේ නැහැ. සුනාමිය එනවා මතකයි. මට අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි මල්ලිලා තුන්දෙනයි සේරම වතුරේ ගහගෙන යනවා විතරයි දන්නේ. එයාලා ඉන්නවාද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. මට උප්පැන්නෙකුත් නැහැ. තංගල්ලේ ටවුම කිට්ටුව පොඩි ගේක අපි හිටියේ. මාව තංගල්ලේම කෙනෙක් ගිහින් හදාගත්තා. ඒ ගෙනිච්ච නෝනා පෞද්ගලික පාසලක විදුහල්පතිනියක්. මට අවුරුදු 10ක් විතර වෙද්දි ඒ නෝනා පිළිකාවක් හැදිලා මැරුණා.

ඊට පස්සේ නෝනාගේ නංගි මාව නුගේගොඩ එයාගෙ ගෙදර අරන් ගියා. මං කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. ඒ ගෙදර වැඩකළා. ඒ නෝනලාගේ බබාලා බලාගත්තා. ඇඳුම් සේදුවා. ගෙදර වළං සේදුවා. මාව එයාලා බලාගත්තා. කඩේකටවත් යන්න දුන්නේ නැහැ. මම වැඩිවියට පත්වුණාම ඒ කටයුතුත් තනියෙම කරගත්තේ. ඒවා කවුරුත් කළේ නැහැ. මම හිටිය නෝනලාගේ ගෙදර ෆෝන් එකක් තිබුණා. නෝනයි මහත්තයයි වැඩට යනවා. ළමයි දෙන්නා ඉස්කෝලේ යනවා. ඒ ගිහින් එනකල් මම ගෙට වෙලා තනියම ඉන්නේ. දවසක් ඒකට මිස්කෝල් එකක් ආවා. ඒකෙන් කතාබහ කරලා තමයි මහත්තයාත් එක්ක යාළුවුණේ. මාසයක් විතර අපි ටෙලිෆෝන් එකෙන් කතා කළා. එයා පොළොන්නරුවේ. රස්සාව මොකද්ද ඇහුවාම ආමි ඒකේ කිව්වා. මට ඒ ආදරය හම්බවුණාම කවුරු හරි ඉන්නවානේ කියලා හිතට හයියක් දැනුණා. මගේ විස්තර එයාට කිව්වා. ඊට පස්සේ එයා කිව්වා එයත් එක්ක එන්න කියලා.

දවසක් මහත්තයා පොළොන්නරුවේ ඉඳලා මාව එක්කරගෙන යන්න ආවා. ඒ වෙනකන් මහත්තයා කළුද සුදුද කියලාවත් මම දැකලා තිබුණේ නැහැ. ගෙදර නෝනලාටවත් කිව්වේ නැහැ. එදා කට්ටිය නිදාගත්තාට පස්සේ පාන්දර 2ට විතර නැඟිටලා දොර ඇරලා මම, එයත් එක්ක මැදිරිගිරියේ කටුකිරියාවට ගියා. ඒ 2012 මැයි 04 වැනිදා. අපි ගහින් හිටියේ මහත්තයාගේ සීයලාගේ ගෙදර. අවුරුදු 2ක් විතර එහේ හිටියා. මුලදි මහත්තයා ආදරයෙන් හිටියා. පස්සේ පස්සේ මහත්තයා වෙනස් වුණා. ඒ ඉන්න අතරතුර සීයලාත් එක්ක රණ්ඩු වුණා. ඊට පස්සේ මැදිරිගිරියේ කුලී නිවෙසකට ගියා. මාව මේ විදියට දාලා යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. දෙවැනි දරුවා හම්බවුණේ ඒ කුලිගෙදරදි. ඒ දරුවා හම්බවෙනකොට මහත්තයා මාව දාලා ගිහින්. බබාට රෙදි අරන් දුන්නෙත් අහල පහළ අය. එයා කසිප්පු බොන්න පුරුදුවුණා. අනියම් සම්බන්ධකම් ගොඩාක් තිබුණා. දැන් එයා ජීවත් වෙන්නේ වෙන කෙනෙක් එක්ක. ඒ ගෑනු කෙනා ඊට කලින් කසාද බැඳලා දරුවෙක් ඉන්න කෙනෙක්.

මමයි දරුවෝ දෙන්නයි දැන් තනියම කුලී ගෙදර ජීවත් වෙන්නේ. සමහර දවසට මිනිස්සු රෑට ඇවිත් ගෙදර දොරට තට්ටු කරනවා. මම උණුවතුර මිරිස්කුඩු පවා ගහලා තියෙනවා. මගේ පුතාට අවුරුදු 10යි. මේ අවුරුද්දේ ශිෂ්‍යත්වේ ලියනවා. දුවට අවුරුදු 4යි. එයා පෙරපාසල් යනවා. මහත්තයා සල්ලි එවන්නේ නැහැ. සමහර දවසට අපි කන්නෙත් නැහැ. සමහර දවසට එක වේලක් කාලා කහට කෝප්පයක් බීලා දවස ගෙවනවා. අපි මහත්තයා හොයාගෙන මොරටුව පොලිසියටත් ගියා. මහත්තයාව පොලිසියට ගෙන්නුවා. ඒ වෙලාවේ සමාදාන වෙන්නම් කියලා පොලිසියට පොරොන්දු වුණත් එයා ආපහු ආවේ නැහැ. ‘තොපි තුන්දෙනා ජීවත්වෙනවට වඩා හොඳයි මැරිලා යනවා නම්, තොපි ඉන්නකම්ම මට කළේ හතුරුකම්’ කියලා මහත්තයා මට කුණුහරුපෙන් බැන්නා. මං කිව්වා ‘මට ඔයාව ඕනේ, යං අපිත් එක්ක’ කියලා. එතකොට ඒයා කිව්වා ‘මට මේ ගෑනි ඉන්නවා, තමුසෙව එපා’ කියලා. අදටත් මම දුකෙන් විඳවනවා. මේ දරුවෝ තාත්තාව ඉල්ලනවා. මං කොහෙන්ද තාත්තෙක් දෙන්නෙ? මට ඕනේ මේ දරුවන්ට හොඳට උගන්වන්න. මට උරුම වුණු ජීවිතය මෙයාලට වෙනවා දකින්න මම කැමැති නැහැ.

සුනාමිය ආවේ නැත්නම් මං අදටත් අම්මලා අයියලා එක්ක සතුටෙන් ජීවත් වෙනවා. සුනාමිය නිසා තමයි මගේ ජීවිතේම විනාශ වුණේ. ගේ තිබුණ තැනක්වත් අම්මා තාත්තාගේ ෆොටෝ එකක්වත් මගේ ළඟ නැහැ. අපි සේරම වතුරේ ගහගෙන ගියා කියලා විතරයි මම දන්නේ. මම අකුරු ලියන්න දන්නේ නැහැ. අස්සන විතරයි ගහන්න දන්නේ. කමලා පෙරේරා කියලා නම දැම්මේ නුගේගොඩ නෝනලා. මං ගෙදරින් හොරෙන් එනකොට ඒ නෝනලාගේ ෆෝටෝ අරන් ආවා එයාලාට මං ආදරේ නිසා. අපිට කුලී ගෙදරිනුත් යන්න කියලා තියෙන්නේ. ගියේ නැත්තම් එළියට ඇදලා දානවා කිව්වා. දරුවා ශිෂ්‍යත්වේ කරනකන් ඉන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලුවා. ඒත් එයාලා බැහැ කිව්වා. හැම තැනින්ම අපි අසරණ වෙලා. කඩේට ණය තියෙනවා. රුපියල් 26,000ක්. තව කඩේකට රුපියල් 6,000ක් තියෙනවා. අපිට මේ ගෙදර ඉන්න පුළුවන් ලබන මාසේ වෙනකල් විතරයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා.’

අසල්වැසි කාන්තාවක් ඈ පිළිබඳ කියා සිටියේ මෙවැනි කතාවකි.

‘මෙයාට අඩන්තේට්ටම් කරන්න අහල පහළ ගමේ අය එනවා. පොලිසියටත් මේ ගැන කිව්වා. නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. අපිට පුළුවන් උපකාර කරනවා. කියන්න බැරි වේදනාවක් තියෙනවා මේ ගැන’ යනුවෙනි.

ඇයට මේ වන තෙක් කිසිදු බලධාරියකුගෙන්වත්, දේශපාලනඥයකුගෙන්වත් සාධාරණයක් ඉටුවී නැහැ. ඒ තබා සුනාමියට හසුවී දිවි බේරාගැනීමෙන් පසුව ඇය හදාවඩා ගත් කාන්තාවද ඇයට නිසි අධ්‍යාපනයක් ලබාදීමට හෝ කටයුතු කර නැහැ. එම කාන්තාව විදුහල්පතිනියක් වුවත්, මේ අහිංසක දියණියට ඇගේ අධ්‍යාපන අයිතිය පවා ලබාදීමට කටයුතු කර නොතිබීම කනගාටුදායකයි. ඇයට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කර තිබුණා නම් මේ වන විට ඇය යම් වෘත්තියක නිරත වෙමින් හෝ සිය දරුවන්ව ජීවත් කරවීමට කටයුතු කරනු ඇත. නමුත් එම විදුහල්පතියත්, ඇගේ සහෝදරියත් සිදුකර ඇත්තේ මෙම අසරණිය මෙහෙකාරියක් ලෙස තබාගෙන තමන්ගේ සියලු කටයුතු ඇය ලවා සිදුකරගැනීමයි.

අපේ රටේ මෙවැනි දුක්ඛිත ඉරණමකට මුහුණ දුන් තවත් කොයි තරම් නම් තරුණියන් ඇද්ද? ලෝකයට නිරාවරණ නොවූ මෙවැනි පුවත් තවත් කොයි තරම් නම් ඇද්ද? මහා ඉහළින් කාන්තා දිනය සමරන අපේ රටේ මෙවැනි අසරණියන්ට පිහිටක් වන්නේ කවුද? බලධාරීන්, කාන්තා සංවිධාන ඒ ගැන මීට වඩා සොයා බැලිය යුතුය යන්න අපේ අදහසයි.

කෙසේ වෙතත් මේ අසරණ කාන්තාවට පිහිටක් වෙන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. ඇයට සහ ඇගේ දරු දෙදෙනාට ජීවත් වන්නට කුඩා නිවෙසක් හෝ බිම් කොටසක් පරිත්‍යාග කරන්නට හැකි නම් එය උතුම් පින්කමක්. ඇයට නැඟී සිටින්න අත දෙන්න. එය, මේ කාන්තා දිනයේ ඔබ සිදුකරන මාහැඟි සමාජ මෙහෙවරක් වනු ඇත.

ඇයව සම්බන්ධ කරගත හැකි විස්තර
දුරකතන – 0773768474
ලිපිනය
කමලා පෙරේරා,
නො. 191, ජයගම්පුර, මහ අඹගස්වැව, මැදිරිගිරිය.

ගිණුම් විස්තර :
මහජන බැංකුව – මැදිරිගිරිය ශාඛාව
ගිණුම් අංකය – 231-2001-20082578
ගිණුමේ නම – කේ.ඒ. කමලා පෙරේරා

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඇමැතිවරුන්ට තෙල් ගහලා දෙන හැටි ඇමැති ලොකුගේ කියලම දායි! (VIDEO)

Next Post

ජනාධිපති සවුදියට දෙන්න හදන්නේ මොනවාද?

MORE NEWS

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

Load More
අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...

Read more
සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.