• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපවත්වන්නට කළින් නුවරට අධිවේගී මාර්ගය ඉල්ලපු අනුනායක හිමිපානන්ට මව්රටින් විවෘත ලිපියක්! කියවලා අමනාප වෙන්න එපා!

March 9, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අපවත්වන්නට කළින් නුවරට අධිවේගී මාර්ගය ඉල්ලපු අනුනායක හිමිපානන්ට මව්රටින් විවෘත ලිපියක්! කියවලා අමනාප වෙන්න එපා!
Share on WhatsAppShare on Facebook

අනේ ඔබවහන්සේලා අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ. මේ මහ පොළොවට වටින්නෙ ඔබවහන්සේලාගෙ අවවාද අනුශාසනා. ඔබවහන්සේලා නැති දවසක මේ මහ පොළොව හරියට පුරන් වෙච්ච කුඹුරක් වගේ වෙයි. ඇත්තටම අපි හිතන්නේ මේ රටට ඕනෙ නායකත්වයක්. ඒ නායකත්වය දේශපාලන නායකත්වයක් නෙවෙයි. මානුෂීය නායකත්වයක්. ඒක ආගමික නායකත්වයක්ද, ඒක වෙන මොන විදියේ හරි නායකත්වයක්ද කියන එක අපි දන්නෙ නෑ. කොහොම නමුත් මේ කාරණාව මතක් වුණේ පහුගිය දවසක ඔබවහන්සේලාගේ අතින් කියවෙච්ච එක්තරා කතාවක් නිසා. ඒ, අපේ ජොනී ඇමැතිතුමා ආවට පස්සේ අපේ හාමුදුරු කෙනෙක් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව උන්වහන්සේ ඕක සිහිපත් කරන්නේ.

උන්වහන්සේ කියනවා උන්වහන්සේගෙ ජීවිත කාලෙ ඇතුළත මහනුවරට හයිවේ එක හදලා දෙන්න කියලා. අවසරයි අපේ හාමුදුරුවනේ, ඒක ඉතා වැදගත් ඉල්ලීමක්. හරිම හොඳයි. බොහෝ දෙනකුට නුවර එන්න පුළුවන් වේවි. නුවර යන එන අයට හුඟක් වරප්‍රසාද හම්බවේවි. අපේ හාමුදුරුවනේ හුඟක් දුරට නුවර පාර අයිනේ තියෙන සමහර කඩසාප්පු නම් වහන්න වෙයි. ඒක ඉතින් එහෙම තමයි. මේ රටේ අනිත්‍ය බව වටහා ගන්න ඔය කාටත් සිද්ධ වෙනවනේ. කොහොම නමුත් මේ කොළඹ ඉඳන් නුවරට හයිවේ එකේ එන්න පුළුවන් අපි හැමෝටම.

ඒක ලොකු වරප්‍රසාදයක්. ඒ වුණාට ඉතින් මෝටර් සයිකල්වලින් එන, ත්‍රීවීල්වලින් එන, පාරෙ බස් එකේ එන මනුස්සයින්ට සමහර විට මේ හයිවේ එක දිහා ඈතින් බලාගෙන සුසුම් හෙළමින් යන්න සිද්ධ වේවි.

කොහොම නමුත් හයිවේ එකක් කියන්නේ හොඳ වැඩක්. ලොකු දෙයක්. හැබැයි මේ මොහොතේ රටේ අවශ්‍යතාව ඔබවහන්සේලාට දැනෙන විදියට හයිවේ එක. අපි මේ කියන්නේ අපේ නොදැනුවත්කමට. සමහර වෙලාවට නූගත්කමට. මේ නොදැනුවත් මිනිසුන්ගෙ සමහර පෘථග්ජන ඉල්ලීම් ඔබවහන්සේලා වගේ යම් කිසි මානයකට හිත දියුණු කරගත්තු අධ්‍යාත්මිකව මේ ලෝකෙ දිහා බලන අයට නොතේරෙනවා වෙන්න ඇති. නැත්නම් අපට නොතේරෙන දේවල් ඔබවහන්සේලාට තේරෙනවා වෙන්න ඇති.

ඔබවහන්සේලා දන්නවද දන්නෙ නෑ අද වෙද්දී සාමාන්‍යයෙන් ඩීසල් පෝලිමක දිග කිලෝමීටර් දෙකක් තුනක් විතර වෙනවා. එක ෂෙඩ් එකකින් තවත් ෂෙඩ් එකකට දිග වෙච්ච පෝලිමක් සමහර තැන්වල තියෙන්නේ. කොච්චිකඩේ ෂෙඩ් එකේ ඉඳන් එහා පැත්තට, ඒ කියන්නේ වයඹ පළාතෙ ඉඳන් බස්නාහිර පළාතට පෝලිම. මේවා දැක්කාම ඇත්ත වශයෙන්ම පපුව හෝස්ගාලා යනවා. හෙට මොකක් වෙයිද, අපට කොහොම ඉදිරි අනාගතය ගැන හිතන්න වෙයිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. කරන්ට් එක නෑ හාමුදුරුවනේ. දැන් දවසකට පැය පහක් හයක් හතක් කරන්ට් එක නැතුව ගියාට පස්සේ හුඟ දෙනකුට කර්මාන්ත ශාලා කරගෙන යන්න බෑ. ඇයි ඉතින් ජෙනරේටර් තියෙන්නේ.

කෙනෙකුට එහෙම හිතෙයි. හැබැයි ජෙනරේටර්වලට දාන්නත් ඉන්ධන නෑ. කෑම උයන්න ගෑස් නෑ. ගෑස් වෙනුවට භූමිතෙල් ළිප් ගෙනාවාම දැන් භූමිතෙල් නෑ. මිනිස්සුන්ට කන්න විදියක් නෑ. හාල් නෑ. සමහර වෙලාවට පාන් පිටි ටික ගන්න විදියක් නෑ. ඩීසල් පෙට්‍රල් නැති නිසා පෞද්ගලික ගමනක් යන්න කොහොම හරි කීයක් හරි හොයලා වාහනයක් ගත්ත මිනිහට දැන් ඒකෙ යන්න එන්න බෑ. පාවිච්චි කරන්න වෙන්නේ පොදු ප්‍රවාහන සේවා. පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්න බෑ, ඒ අස්සේ කොරෝනා. කොරෝනා ගැන හිත හිතා ඉන්න ගියොත් ජීවත් වෙන්න විදියක් නැති වෙනවා. කොරෝනා හැදුණොත් මියයන්න පුළුවන්. ඉස්පිරිතාලවල මුත්‍රා බටේ ඉඳලා නෑ. බේත් ටික හොයාගන්න විදියක් නෑ.

ඒ අස්සේ දැන් පොදු ප්‍රවාහන සේවාවලත් යන්න එන්න විදියක් නෑ. කෝච්චිවලට ඩීසල් නෑ. පුද්ගලික බස් ගොඩක් මේ වෙනකොට නතර කරලා. ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න විදියක් නෑ. අපි රට වහන්නෙ නැතුව හිටියේ එදිනෙදා වැඩ කරගන්න මනුස්සයා ජීවත් වෙන්නෙ කොහොමද කියලනෙ. කොවිඩ් අස්සේ අපි රට කරගෙන ගියෙ එහෙම. හැබැයි කොවිඩ් අස්සේ කරගෙන ගිය රටක් දැන් අභාවයට පත්වෙලා. ඒකට හේතුව කරකියාගන්න දෙයක් නැති තැනට පත්වෙලා, ගොඩක් කර්මාන්ත ශාලා වහල දාන්න වෙලා.

තාවකාලිකව හෝ වහල දාන්න වෙලා. ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙන රටක හයිවේ එකක් හදන්න සල්ලි වෙන් කරන එකද වෙන්න ඕනෙ කියලා අපට නිකමට හිතුණා. මේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න කියලා ඔබවහන්සේලා ඉල්ලනවා නම්, අපේ රටේ දේශපාලකයො ඔබවහන්සේලාට බොහොම සම්ප්‍රයුක්තව කටයුතු කරන අය නිසා ටිකක් හිතාගෙන අඩුම තරමේ මේ ප්‍රශ්නෙ විසඳන්න බැරි නම්, අඩුම තරමේ සැලසුමක් ගැන ඒගොල්ලො හිතාවි. ඒ සැලසුම ගැනවත් හිතන්න අපේ හාමුදුරුවනේ මේ මිනිස්සුන්ට බලකරන්න. ඔබවහන්සේලාට පින් සිද්ධ වෙනවා. ප්‍රාර්ථන කරන බෝධියකින් නිර්වාණ ශාන්තිය ලබන්නට හේතු වාසනා වේවා. සමහර පුණ්‍යකර්මයන් හේතු වාසනා වෙනවා.

මොකද දළදා වහන්සේ වැඩඉන්න බිමේ ඉඳන් මේ දේවල් අපි හරියට කිව්වොත් මිනිස්සුන්ගෙ පපුවට ඇහෙයි. කනට අහලා අනෙක් කනෙන් පිටකරන දේශපාලකයො අපේ හාමුදුරුවනේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. එහෙම මිනිස්සුන්ට බල කරලා කියන්න අපිට ජීවත් වෙන්න ඕනෙ, අපේ ඊළඟ පරම්පරාවට කන්න අඳින්න ඕනෙ. හැමෝම හදන්නේ ලක්ෂ 10ක් වියදම් කරලා කරන්න ඕනෙ වැඩෙන්, ලක්ෂ 9ක් සාක්කුවෙ දාගෙන, ලක්ෂයක් වියදම් කරලා ඒ වැඩේ කරන්න. හුඟක් අය එහෙමයි. ඒ මිනිස්සුන්ව හදන්න නම්, ඒ මිනිස්සුන්ව හැදෙන්න නම් එක්කො රජ කාලෙ දඬුවම් දෙන්න ඕනෙ. නැත්නම් අපේ ගෞරව සම්ප්‍රයුක්ත ස්වාමින්වහන්සේලා ඉදිරිපත් වෙලා මේ ගැටලුව විසඳන්න ඕනෙ.

එහෙම නොවුණොත් මේ රට කරගෙන යන්න බැරි වෙනවා. දැන් අපි වැටිලා ඉන්නෙත් ඒ තැනට. හුඟක් වෙලාවට හුඟක් විදිවලට මේ රටේ දේශපාලකයො උපක්‍රමශීලී වෙලා තියෙන්නේ තමන්ගෙ බඩ වඩාගන්න. තාත්තගෙන් පුතාට දේශපාලන දෑවැද්ද දීලා අපේ පරම්පරාව හූරගෙන කාපු තක්කඩින්ගෙන් තමයි ඔබවහන්සේලා මේ අධිවේගී පාරවල් හදලා දෙන්න කියලා ඉල්ලන්නේ. මම කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි, සමස්තයක් විදියට ගත්තට පස්සේ.

මෙච්චර ඉර පායන රටේ මෙච්චර පහසුකම් තියෙන රටේ හුළඟ හමන රටේ ටර්බයිනයක් කැරකෙන්න වෙන විකල්පයක් නැතුව එකම විකල්පය විදියට ජල විදුලියයි, පිටරටින් ගෙන්වන තෙලුයි පාවිච්චි කරලා කරන්ට් එක හදාගන්න අපේ රටේ තක්කඩින්ගෙන්නෙ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා මේ හීන පිළිබඳ බලාපොරොත්තු ඉල්ලන්නේ. ඒ නිසා අපේ හාමුදුරුවනේ අපි මේක හදන්න නම් ඔබවහන්සේලා ඉස්සරහට එන්න ඕනෙ. පෙරමං වඩින්න ඕනෙ. එසේ පෙරමං නොවඩිනා රටකට කරන්ට් එක තිබුණත් එකයි, නැතත් එකයි. ඩීසල් තිබුණත් එකයි නැතත් එකයි. කන්න තිබුණත් එකයි නැතත් එකයි.

අපේ බඩ වැඩෙනවා නම්, අපි රජ වෙනව නම්, අපි ගොඩ යනවා නම්, අපේ හෙට දවස සර්ව සාධාරණ සම්පූර්ණ සුන්දර පරම පවිත්‍ර රටක් වෙනවා නම්, අපේ කාර් එක, අපේ ජීප් එක, අපේ පර්මිට් එක අපට හම්බවෙනවා නම් ඕනෙ දෙයක් කිසි ප්‍රශ්නයක් නෑ කියලා හිතාගෙන ඉන්න තක්කඩිත් එක්ක හයිවේ එකෙන් නුවර යනවට වඩා හොඳයි එයාර්පෝට් එකට ගිහිල්ලා යුක්රේනෙට හරි යනවා. අඩුම තරමෙ මිසයිල් එකක් හරි ඔළුවට වැදිලා මේ සංසාරෙන් සමුගෙන යන්න තිබුණා. මේ අපිට හිතෙන එක. ඔබවහන්සේලා අපි එහෙම කියනකොට අපිට බණීවි. මේවා තක්කඩි කතා, මිසදිටු කතා කියලා. නෑ අපේ හාමුදුරුවනේ, මේවා හදවතින් කියන කතා. මේවා පපුවෙන් කියන කතා.

මේවා වේදනාවෙන් කියන කතා. මේවා වෙන කියන්න දෙයක් නැති හින්දා කියන කතා. ඔබවහන්සේලාට කිව්වට ඔබවහන්සේලටත් කරන්න දෙයක් නෑ කියලා අපි දන්නවා. ඒක නිසා ඔබවහන්සේලාත් මේ දේවල් ගැන ඒ තරම් ලොකුවට හිතන්න එපා. අපේ හාමුදුරුවනේ මේවා කියන්නේ වේදනාවට. අපේ ඊළඟ පරම්පරාව ගැන අපට බයයි. අපට දුකයි. අපේ දරුවො හෙට කන්නෙ කොහොමද, අපේ දරුවො හෙට පාරෙ යන්නෙ කොහොමද, අපේ දරුවන්ට අනාගතයක් හම්බවෙන්නෙ කොහොමද කියන එක ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එක විශ්වාසයක් තියෙනවා. අපේ දරුවන්ට කොළඹ ඉඳන් නුවර යන්න අධිවේගී මාර්ගය නම් හැදෙයි. ඒකෙනුත් කීයක් හරි සාක්කුවට දාගන්න හුඟක් අයට පුළුවන් නෙ.

-ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මීටපස්සේ චීස්-බටර්-ඇපල්-අයිස්ක්‍රීම් ඇහැට දකින්නවත් නැතිවෙයි! රටින් ගෙන්වීම නවත්වපු බඩු 367ම මෙන්න!

Next Post

‘වනිතාවන් අටයි- මිනිත්තු අටයි’! ඩලස්‌ට හරි සතුටුයි!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.