• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරයා විකටයා වීම සහ විකටයා වීරයා වීම!

March 8, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
වීරයා විකටයා වීම සහ විකටයා වීරයා වීම!
Share on WhatsAppShare on Facebook

2019 ජනවාරි 01 වැනිදා උදාවුණු වෙලාව යුක්රේනයට පමණක් නොව, මුළු ලෝකයටම විනෝදජනක වෙලාවක් වුණා. හරියටම 2018 මධ්‍යම රාත්‍රී 12ට කිට්ටු වෙද්දී යුක්රේනයේ රූපවාහිනී තිරයේ හිටියේ එරට ජනප්‍රියතම රූපවාහිනී විකට නළුවකු වූ සෙලෙන්ස්කි. සෙලෙන්ස්කි රඟපෑම පටන්ගත්තේ රුසියාවෙන්. රුසියාවේ ටෙලිනාට්‍යවල රඟපාලා තමයි ඔහු යුක්රේනයට ඇවිත් රඟපාන්න පටන් ගත්තේ. මුලදී ඔහු යුක්රේනයේ ප්‍රකට රියැලිටි ෂෝවල නටපු නැට්ටුක්කාරයෙක්. යුක්රේනයේ ‘ඩාන්සිං සුපර් ස්ටාර්’ එකට තරග කරලා ඔහු සුපර් ස්ටාර් වුණු කෙනෙක්.

සෙලෙන්ස්කි යුක්රේනයේ විකට ටෙලිනාට්‍යයක් කළා. ඒකෙ නම තමයි ‘මහජනතාවගෙ සේවකයා’. ඔහු ඒ නාට්‍යයේ ගුරුවරයකුගෙ චරිතයක් රඟපෑවා. අවසානයේ ගුරුවරයා ජනාධිපති බවට පත්වෙනවා. ඔහුගේ මේ විකට රඟපෑමට යුක්රේන වැසියන් වශීවෙලා හිටියා. මේ නිසා තමයි 2019 අවුරුද්ද උදාවෙනවත් එක්කම යුක්රේන වැසියන් සතුටු කරන්න එම රූපවාහිනී නාලිකාව සෙලෙන්ස්කිට එන්න කිව්වේ.

සෙලෙස්න්කි මේ රූපවාහිනී වැඩසටහන මෙහෙයවමින් වෙලාව මධ්‍යම රාත්‍රියට ළංවෙද්දී අරුම පුදුම වැඩක් කළා. ඔහු කිව්වා ඔහු යුක්රේනයේ ඊළඟ ජනාධිතිවරණයට, ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්න සූදානම් කියලා. සෙලෙන්ස්කිගේ රූපවාහිනී වැඩසටහන බලපු හැමෝම හිනාවුණා මෙයා විහිළුවක් කරනවා කියලා. හැබැයි තත්පර ගානකින් ඒක විහිළුවක් කියලා හිතපු මිනිස්සු ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියේ තමා ජනාධිපති වුණොත් යුක්රේනයේ කරන විප්ලවය ගැන කතා කරද්දීයි. මේ වෙනකොට යුක්රේනයේ ජනාධිපති අලුත් අවුරුද්දට සුබ පතන්න ජාතිය අමතන්න සූදානම් වෙලා හිටියේ. හරියටම රෑ 12ට සෙලෙන්ස්කි තමන්ගෙ වැඩසටහන අවසන් කරලා යුක්රේනයේ ජනාධිපතිට ඉඩදිය යුතුව තිබුණා. ඔහු ජනාධිපති ධුරයට තරග කරන බව ප්‍රකාශයට පත් කරලා එම වැඩසටහන අවසන් කළා.

ඉන් පස්සේ යුක්රේනයේ ජනාධිපති අවුරුද්දට සුබ පතලා ජාතිය අමතන්න ආවේ දැඩි අපහසුතාවකින්. උදේ වෙනකොට යුක්රේනයේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම මේ ආරංචිය ලැව් ගින්නක් වගේ පැතිරුණා. යුක්රේනයේ අල්ලපු රට වුණු රුසියාවේ පුටින්ටත් ආරංචි වුණා. පුටින් මහ හයියෙන් හිනාවුණා. විකටයෙක් යුක්රේනයේ ජනාධිපති වුණොත් යුක්රේනය මගෙ අතේ කියලා. 2019 ජනාධිපතිවරණය පැවැත්වුණා. ජනාධිපතිවරණයෙන් සෙලෙන්ස්කි ජය ගත්තා. මේ වෙනකොටත් ලෝකෙම මිනිස්සු යුක්රේනයේ ජනතාවට හිනාවෙවී හිටියේ. විකටයෙක්ව ජනාධිපති කළා කියලා ඔවුන් හිනාවුණා.

ලංකාවත් මේ වෙනකොට ජනාධිපතිවරණයකට ලෑස්ති වෙලයි හිටියේ. ලංකාවෙ මිනිස්සුත් මේ කාලෙ පුටින් කෙනෙක්ව තමයි හොය හොයා හිටියේ. ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොට ඔහුගෙ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරලා නොතිබුණත්, ඔහුගෙ පාක්ෂිකයන් ඔහුව ඇන්දුවෙ පුටින්ට. ලංකාවෙ මිනිස්සු හිනාවුණා යුක්රේනයට. මෝඩ මිනිස්සු විකටයෙක්ව ජනාධිපති කරගත්තා කියාල. හැබැයි වැඩි දවසක් ගියේ නෑ. පුටින් හිතුවා යුක්රේනය ආක්‍රමණය කරන්න හොඳම කාලය සෙලෙන්ස්කිගෙ කාලය කියලා. සෙලෙන්ස්කි පෙනී සිටියේ ශක්තිවන්ත නායකයෙක් විදියට නෙවෙයි. ඔහුව මිනිස්සු දැක්කේ බොහොම මටසිලුටු බොළඳ නායකයෙක් විදියට. ඔහුගෙ කතාවලත් ඒ තරම් ලොකු හරයක් තිබුණෙ නෑ. නමුත් ඔහු කිව්වා යුක්රේනය බෝල්රූම් ඩාන්ස් ශාලාවෙන් එහාට ගෙනයනවා කියලා.

පුටින් ප්‍රසිද්ධ වෙලා හිටියේ ශක්තිමත් චරිතයක් විදියට. ලෝකයේ ලොකුම බලවතා විදියට ඔහු ඔහුගේ ප්‍රතිරූපයත් හදාගෙන තිබුණේ ඒකට ගැළපෙන්න. ඔහු කායවර්ධනය කරන ඡායාරූප ලෝකෙම ප්‍රසිද්ධ කරලා තිබුණා. කාන්තාවන් ඔහුගෙ පිටුපස පිස්සු වැටී එන ඡායාරූප ලෝකෙම ප්‍රසිද්ධ කරලා තිබුණා. ඔහු හිටියේ සිංහ සෙයියාවෙන්. ඔහුට සෙලෙන්ස්කිව පෙනුණේ නරියෙක් වගේවත් නෙවෙයි පුංචි බළල් පැටියෙක් වගේ. ඒ නිසයි ඔහු යුක්රේනය ආක්‍රමණය කරන්න තීරණය කළේ.

පුටින්ගෙ හමුදාව එනවිට සෙලෙන්ස්කි රට දාලා පැනලා යයි කියලා පුටින් විතරක් නෙවෙයි මුළු ලෝකෙම හිතුවා. පුටින්ගෙ හමුදා එන විට ඇමෙරිකානු ජනාධිපති බයිඩන් සෙලෙන්ස්කිට කිව්වා ඔහුගෙ ජීවිතාරක්ෂාව පතා, ඔහුව ආරක්ෂා සහිතව වෙනත් රටකට ගෙනයන්න ඇමෙරිකාව සූදානම් කියලා. ඒත් හැමෝම පුදුමයට පත්කරමින් සෙලෙන්ස්කි කිව්වා මම විතරක් නෙවෙයි මගේ බිරිඳත් සිටිය යුත්තේ යුද බිමේ කියලා. ඔහු, ඔහුගෙ බිරිඳත් එක්ක යුද බිමට ගියා. ඔහු යුද බිමේ ඉඳලා කිව්වා මම මේ යුද්ධයට මුහුණ දෙනවා කියලා. ඔහු කිව්වා මම පුටින්ට හොඳ පාඩමක් උගන්වනවා කියලා. එතැනදී තමයි පුටින්ගෙයි ලෝකයාගෙයි ඇස් ඇරුණේ. සෙලෙන්ස්කි යුද බිමේ ඉඳලා යුරෝපා පාර්ලිමේන්තුවට කතා කරද්දී සෙලෙන්ස්කිට ඇඬුණා. එතකොට මුළු යුරෝපා පාර්ලිමේන්තුවෙම මන්ත්‍රීවරු අඬන්න ගත්තා. යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කිව්වේ යුරෝපා පාර්ලිමේන්තුවම අඬවන්න පුළුවන් මේ මිනිහා, අරුමපුදුම මිනිහෙක් කියලා.

සෙලෙන්ස්කි ගත්ත මේ තීරණයෙන් යුක්රේනයට යුරෝපා සංගමයට ඇතුළු වෙන්න අවස්ථාව ලැබුණා. ඒක යුක්රේනය ලබපු ලොකුම ජයග්‍රහණයක්. පුටින්ට තව යුක්රේන දහසක් අල්ලලාවත් ඒ ජයග්‍රහණය ලබන්න බෑ. දැන් පුටින්ගෙ හමුදා යුක්රේනයෙ හිරවෙලා ඉන්නේ. පුටින් හිතුවේ දවස් දෙකෙන් මේ යුද්ධෙ ඉවර කරන්න. දැන් මේක දිග ඇදෙන යුද්ධයක්. පුටින්ගෙ සල්ලි යුද්ධෙට පිච්චෙනවා. ඇමෙරිකාව ලෝකෙ බැංකු පද්ධතියම රුසියාවට විරුද්ධව පාවිච්චි කරනවා. රුසියාවෙ ව්‍යාපාරිකයො ගනුදෙනු කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්නේ. ඔවුන් පුටින්ට කියනවා මේ යුද්ධය නතර කරන්න කියලා.

පුටින්ට තියෙන්නේ අවුරුදු 10ක් 20ක් හදපු ප්‍රතිරූපයක්. ඒක මහ සද්ධන්ත ප්‍රතිරූපයක්. ඔහුට තියෙන්නේ මහා පෞරුෂයක්. සෙලෙන්ස්කිට තියෙන්නේ විකට නළුවකුගෙ පෞරුෂයක්. ඔහු විකටයෙක්. පුටින් වීරයෙක්. හැබැයි අද වීරයා විකටයා වෙලා, විකටයා වීරයා වෙලා ඉවරයි. වීරයො හොයන ලංකාවටත් මේක හොඳ පාඩමක්.

සුරනිමල

SendShareShare
Previous Post

මේ රටේදැන් වැඩියෙන්ම දුක් විඳින්නේ කාන්තාවන් සහ ගැහැනු දරුවන්! සජිත් ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්න ටික මෙන්න! (VIDEO)

Next Post

ඇල්ලේ හිමියන් ජනතාව සමග පාරට බහින්න තීන්දු කරයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.