වහාම පළාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස ප්‍රබල තානාපති කාර්යාලයක් විසින් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දීමක් කොට ඇත.
ඊයේ දිනයේදී මෙම දැනුම් දීම සිදු කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
අප මීට පෙර අවස්ථා ගණනාවකදී ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය ඔස්සේ මේ බව වාර්තා කරමින් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට සූදානම් වන බව අනාවරණය කළෙමු.
එහිදී අප කියා සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගිය අවස්ථාවේදී පවා මේ බව ඉන්දියාව පාර්ශ්වයෙන් අවධාරණය කොට තිබූ බවකි.
ඒ අනුව බොහෝ දුරට අප්‍රේල් මස අවසන් සතියේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් සභා මැතිවරණය කැදවෙනු ඇති බවද දැනගන්නට ඇත.










