• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයිවේ එකේ නුවරටම යන්න පුලුවන් දිනය ජොනී අනුනායක හිමියන්ට හරියටම කියයි! (PHOTOS)

March 1, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
හයිවේ එකේ නුවරටම යන්න පුලුවන් දිනය ජොනී අනුනායක හිමියන්ට හරියටම කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

අනිවාර්යෙන් 2024 වනවිට නුවරට අධිවේගී මාර්ගය ඉදිකර අවසන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.

තෝරයාය ශ්‍රී නන්දාරාම විහාරාධිපති දෙණිකේ ශ්‍රී සිරිනිවාස ආනන්ද හිමියන්ට “ධර්මකීර්ති ” ගෞරව නාමය සහිතව සත්කෝරල මහදිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර එහිදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

. අභිනව උප ප්‍රධාන ස්වාමීන්වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ අතර, විජිනිපත පිළිගැන්වීම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන් වන නිලංග දෑල මහතා විසින් සිදුකළේය.

මෙහිදී අනුශාසනාව කළ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් වහන්සේ…

මම මහාමාර්ග අමාත්‍යතුමන්ට කියනවා, මෙම මධ්‍යම පළාත් අධිවේගී මාර්ග පද්ධතිය මධ්‍යම පළාතට තියෙන සුවිශේෂී දෙයක් කියලා. මම ඊයේ දින මාතරට යන්න ගියා. කඩවතට පැය දෙකක් ඇතුළත මට පැමිණෙන්න පුළුවන් වුණා. අපි නුවර ඉදන් කොළඹට යන්න ගියාම පැය 4කටත් වැඩිය යනවා. ඔබතුමා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස ජනතාවට කරන්නා වූ මෙහෙවර අගය කොට සලකනවා.

මේ මාර්ගවල වාහන යද්දී වාහනයක් ඉස්සර කරගන්නවත් බැරි තරමට මේ මාර්ග ඉතාමත් පටුයි. අපි නුවර ඉඳන් කොළඹට යන්න ගියාම පැය හතරක් යනවා. සමහර විට ඊටත් වැඩියි. ඉතින් අපේ මධ්‍යම පළාතේ මැති ඇමතිවරු නිදිද දන් නැහැ කියල මම කලිනුත් කිව්වා. මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ඔබතුමාට මම මතක් කරන්නේ කොළඹ අගනුවර වගේම නුවර දෙවැනි නගරය හැටියට කෝ අපිට යන්න මාර්ගයක්. එක පිටිපස්සේ එක තියාගෙන යන මාර්ගයක් තමයි අපිට තියෙන්නෙ. එකකටවත් ඉස්සර කරන්න බැහැ. පාර පුංචි නිසා. මටත් අවුරුදු අසූ එකක් වෙනවා දැන්. ඒක නිසා ඔබතුමාවත් අපිව අපවත්වීමට ඉස්සෙල්ලා හදලා දෙන්න. මට නුවරට හැදෙන හයිවේ එකේ යන්න පුළුවන් වෙයිද දන්නෑ. මහනුවර සිට කොළඹට අධිවේගී මාර්ගය හදල දෙන්න. මට නැති වුණාට කමක් නැහැ. මේ ජනතාවට අධිවේගී මාර්ගය හදලා දෙන්න මොන ක්‍රමයකින් හරි. දැන් හදලා තියෙන ටික එහෙටත් නෑ මෙහෙටත් නෑ. ඒක නිසා මේ මධ්‍යම අධිවේගී මාර්ගය හදලා දෙන්න කියලා කියනවා. අපි හැමදාම මේ කාරණය මතක් කරනවා. මේ කාරණය මතක් කරමින් ඔබ සැම දෙනාට ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා.

මෙම උත්සව සභාව ඇමතූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා…

මම දීර්ඝ කතාවක් කරන්න යන්නේ නෑ. අපේ අනුනායක හාමුදුරුවොත් ඒ වගේම රැකව හාමුදුරුවොත් අපේ දෙනිකේ ආනන්ද නායක හාමුදුරුවෝ ගැන උන් වහන්සේගේ සේවය ගැන අනන්ත අප්‍රමාණ දේවල් කිව්වා. උන්වහන්සේව අපි දන්නේ අවුරුදු තිහක විතර කාලයක ඉඳල. උන්වහන්සේ ශාසනයට දැවැන්ත සේවයක් කරපු ශාසනයට ණය නැති නායක හාමුදුරුවෝ නමක් හැටියටයි මම දකින්නේ. අධ්‍යාපනයත් එහෙමයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේත් මේ රටට දරුවන්ට බුද්ධිය දෙන්න උන්වහන්සේ මහ විශාල කැප කිරීමක් කළා. මේ සත් කෝරලයට විතරක් නෙවෙයි, මුලු ලංකාවටම විවිධ විද්‍යුත් මාධ්‍ය හරහා උන් වහන්සේ ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පිටරට ගිහිල්ලත් ධර්මය දේශණා කරලා තියෙනවා. ඒ නිසා බෞද්ධ ආගම ප්‍රචලිත කරන්න උන් වහන්සේ කැප වීමෙන් කටයුතු කරනවා කියන එක අපි කවුරුත් පිළිගන්න දෙයක්. අපි මැති ඇමතිකම් ගන්නවා වගේ නෙවෙයි අපේ නායක හාමුදුරුවනේ, අනුනායක හාමුදුරුවෝ අනුශාසනාවෙන් කිව්වා, ඒවා තෝරලා තරුණ නම් දෙන්නේ නෑ. මැදිවියේ නම්, කලපුරුද්ද, පළපුරුද්ද තියෙනවා නම් තමයි ඔබ වහන්සේලා තෝරාගන්නේ කියලා. ඉතින් මා විශ්වාස කරනවා මේ ගමේ අවට ඉන්න අයට මහා ලොකු ගෞරවයක් අපේ නායක හාමුදුරුවන්ට මේ නායක පදවිය ලබා දීම. ඒ නිසා තමයි විශාල සෙනගක් ඇවිත් ඉන්නේ. මේ දවස් කීපයේම ගොඩක් ය මහන්සි වෙලා ඉන්නේ. මම මේ වෙලාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේත් මුළු රජයේත් ගෞරවණීය සුභාශිංසන ඔබ වහන්සේට පුදකර සිටිනවා. චිරාත් කාලයක් බෞද්ධ ආගම ප්‍රචලිත කරන්න ශක්තිය ලැබේවා කියලා. ඔබ වහන්සේ රට ගැන පුදුම කැක්කුමක් තියෙන හාමුදුරු නමක්. රට තමයි ඉදිරියෙන් තියෙන්නේ. උන් වහන්සේ දන්නවා රට වැටුණොත් බෞද්ධ ආගමත් වැටෙනවා කියලා. ඒ නිසා අවශ්‍ය කරන හැම අවස්ථාවකදීම උන්වහන්සේ පෙනී හිටිය විතරක් නෙවෙයි, ඒ වෙනුවෙන් කැප වුණා. බය නැතුව හැම වෙලේම ඉදිරිපත් වුණා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් ඔබ වහන්සේට හරිම ආදරෙයි. ඔබ වහන්සේගේ පවුලේ අයත් අපිට හරිම හිතවත්. ඔබ වහන්සේගේ බාල සහෝදරයා අපි ගියාම කන්න බොන්න දීල අපිව බලාගත්තා. අපිට කිට්ටු පවුලක්. මම නැවත වාරයක් ඔබ වහන්සේට අපේ සුභාශිංසන පිරිනමනවා. අද මම අගමැතිතුමත් කැඳවා ගන්නා තමයි මම හැදුවේ. නමුත් අන්තිම මොහොතේ වෙනත් කටයුත්තක් නිසා ඒක වෙනස් වුණා. මට ආරාධනා කිරීම ගැන දායක සභාවට මගේ ස්තුතිය පිරිනමනවා.

අපේ අනුනායක හාමුදුරුවෝ අධිවේගී මාර්ගය ගැන කතා කෙරුවා. අනු නායක හාමුදුරුවනේ අධිවේගී මාර්ගය 2014 නොවැම්බර් මාසේ ගලගෙදර, කුරුණෑගල, දඹුල්ලේ මුල්ගල තියලා පස්වෙනි විධායක ජනාධිපතිතුමා කොන්ත්‍රාත් සියලුම දේවල් ප්‍රදානය කරලා එතුමා පැරදුනාට පස්සේ ඒ සියළුම දේවල් අවලංගු කෙරුවා. අවලංගු කලේ නැත්නම් 2018 ගිය ආණ්ඩුවට විවෘත කරන්න තිබුණා. ඒ ගොල්ලෝ හදපු විදියට විවෘත කරන්න තිබුණා. හැබැයි එතුමාගෙන් පලිගන්න ගිහින් මේවා ඔක්කොම අවලංගු කරලා, 2017 එතුමන්ලා ආරම්භ කළා 1, 2 කියලා කොටස් දෙකක් කඩවත ඉඳල මීරිගමට සහ මීරිගම ඉඳල කුරුණෑගලට. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා මාස තුනෙන් කඩවත සිට මීරිගම තමයි ඉස්සෙල්ලම දුන්නේ. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනනකල් බිලියන 36ක් දෙන්න තිබුණා. ඒක ගෙව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආවට පස්සේ. ඉතිරිය එක්සීම් බැංකුවෙන් ගත්ත ණයක්. අපේ රජය බලයට පත්වුණු ගමන්ම කඩවත සිට මීරිගම වැඩකටයුතු වලට බිලියන 36ක් අපි ලබා දුන්නා පලවෙනි දින 60 ඇතුලත. මම පුළුවන් තරම් මේක ඉක්මන් කරන්න හැප්පි හැප්පි කටයුතු කරන්නේ මේ වැඩේ ඉවර කරන්න. ඊළඟට මීරිගම ඉඳල කුරුණෑගලට දුන්නා, මම දැක්කා අනුනායක හාමුදුරුවෝ ඒ පාර ඇවිල්ල බලනවා. ඒකත් උසාවි ගිහිල්ලා, උසාවි නියෝගයක් ගත්තා අහවල් දවසේ ඉවර කරන්න ඕනේ කියලා. ඒ නිසා අපිට පුළුවන් උනා ඒකේ කිලෝමීටර් 40 අවසන් කරලා විවෘත කරන්න. ඔබවහන්සේත් එම මාර්ගයේ ගමන් කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

එමෙන්ම පොතුහැර ඉඳලා රඹුක්කනට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සෘජු කොන්ත්‍රාත් ක්‍රමයට මහා මාර්ග දෙපාර්තමේන්තුව හරහා අපි වැඩ ආරම්භ කෙරුවා. දැන් වැඩ යනවා. ඊළඟට ඊයෙ පෙරේදා ලොකු චෝදනාවක් කලා බිලියන ගානක් හොරකම් කරනවා කියලා. ඒ ඉතුරු කිලෝමීටර් විස්සට නුවර දක්වා අවසන් කරන්න. මම විශ්වාස කරනවා ඒක ඉදිරි සති දෙකක් යනකොට අස්සන් කරන්න පුළුවන් වෙයි කියලා. කනගාටුවට කරුණ ඒ හැම දෙයක්ම පරක්කු කරන්න තමයි හදන්නෙ. විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා මේ අධිවේගී මාර්ග කන්නද කියලා. කුරුණෑගල අධිවේගී මාර්ගයේ විතරක් කෝටි දහයකට වැඩි සල්ලි දීලා අපේ ජනතාව ගමන් කරලා තියෙනවා. ඔබවහන්සේ දන්නවා කඩවතින් ඇතුල් වුණහම කෙලින්ම හම්බන්තොට ගිහින් බහින්න පුළුවන් කියලා. ගෝඨාභය ජනාධිපති තුමාගේ නියෝගය මත 2024 වනවිට නුවරට අධිවේගී මාර්ග හදන ඉවර කරන්න ඕන. අනිවාර්යෙන්ම මේක හදලා ඉවර කරනවා. අනිවාර්යෙන්ම අපි එක හදලා දෙනවා. කොවිඩ් කොවිඩ් කියලා අපි කිසිම සංවර්ධන ක්‍රියාවලිය නතර කරේ නැහැ. අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටට ඩොලර් එවපු, අපි රටවිරුවෝ කියපු අය, ඒ රටවල් වල මිනිස්සු මැරෙද්දි අපි අපේ රටට රට විරුවන්ව ලංකාවට ගෙනාවා. දැන් ලක්ෂ දෙකක් ආපසු ගිහින්. එතකොට අපිට මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපේ ආදායම් වැඩිකරලා වියදම අඩු කරල කොහොම හරි මේ රට සංවර්ධනය කරනවා. නිසි වෙලාවට පඩි ගෙවනවා. ඒ නිසා නිසි වෙලාවට වැඩ කරලා තමන්ගේ කාර්යභාරය හරියට ඉටු කෙරුවනම් ප්‍රශ්න විසදෙනවා. අපි කැප වෙනවා මේ අධිවේගී මාර්ගය දළදා වහන්සේ වඳින්න පුළුවන් විදිහට විශේෂයෙන්ම බෞද්ධ ජනතාව සහ විදේශිකයන්ට අපි 2024 ජනාධිපතිතුමා ගේ නියෝගය පරිදි අපි හදලා ඉවර කරනවා. ඉඩම් සියයට අනුවක් පවරගෙන ඉවරයි. ගෙවීම් කරලා තියෙන්නේ. තව සියයට දහයක් පමණ ගෙවන්න තියෙනවා. ඒකත් ඉක්මනින් අවසන් කරනවා. නුවර අධිවේගී මාර්ග හැදිලා ඉවර වෙනකම් නායක හාමුදුරුවනේ අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. මමත් පුදුම ආසාවෙන් එන්නේ මීරිගමට වෙනකම්, කුරුණෑගල අධිවේගී මාර්ගයෙන් කුරුණෑගලට එන්න. අධිවේගී මාර්ග නිසා කාලෙ කොච්චර ඉතුරු වෙනවද? අපිට නුවරටත් ඉක්මනින් යන්න පුළුවන් වුනොත් විශාල දියුණුවක් මේ පළාතට සිද්ධ වෙනවා.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ කැරලිකාර පිලේ ‌රට හදන යෝජනාවලිය අද එළියට! පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් උත්සවයට යන්න තීන්දු කරයි!

Next Post

‘හසලක ගාමිණී’ යුක්රේනයෙන් උපදී! සදාතනික මතකයක් ලෝකයටම ඉතුරු කරයි!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.