අධිවේගී මාර්ග කොන්ත්‍රාත් සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.
මෙහිදී මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහබැංකු බැදුම්කර මුදල් හිටපු අගමැති සුදත් චන්ද්‍රසේකර මහතා විසින් සිරිකොතේදී මන්ත්‍රීවරුන්ට බෙදූ ආකාරය පිළිබදව දීර්ඝ විස්තරයක් කළේය.
එමෙන්ම අධිවේගී මාර්ග කොන්ත්‍රාත් රාජපක්ෂ පවුලේ ඥාතියකු වන ඩිල්ෂාන් වික්‍රමසිංහ මහතා වෙත පැවරූ ආකාරය පිළිබදවද විවාදයක් ඇති විය.










