සතොස සභාපති පුටුව සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ අර්බූදකාරී තත්ත්වයක් මතුව තිබේ.
ඒ, සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතාගේ වැඩ තහනම් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළද වෙනුර ඊට අභියෝග කරමින් ඊයේ දිනත් සේවයට වාර්තා කිරීමත් සමගය.
කෙසේවෙතත් මේ වනවිට බන්දුල ගුණවර්ධන මහතා සතොස වැඩ බලන සභාපති ධූරයට භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කිරීමට පියවර ගෙන ඇත.










