• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කිරුළු ගලවාගෙන.. කෙහෙවලු පටලවාගත්ත රූ රැජිනියෝ ලංකාවේම රෙද්ද ගැලෙව්වාද?

February 8, 2022
in Exclusive, News
Reading Time: 12 mins read
A A
කිරුළු ගලවාගෙන.. කෙහෙවලු පටලවාගත්ත රූ රැජිනියෝ ලංකාවේම රෙද්ද ගැලෙව්වාද?
Share on WhatsAppShare on Facebook

‘ලෝකෙන් උතුම්ම රට ශ්‍රී ලංකාව’ යැයි… පොතපතෙහි සඳහන්ව තිබුණේ අද ඊයේ නොවේය..,

‘පෙරදිග මුතු ඇටය’ යන විරුදාවලියද සිරිලකට ලැබුණේ අතීතයේ බොහෝ ඈත දවසකදීය…

ප්‍රවීණයැයි සම්මත කලාකරුවන්ද සිරිලක තේජස ගැන ගැයූ අලංකාර ගීත අප්‍රමාණය.

ඒක බොරුවක් නෙවේය… ඒ වර්ණනාව අතිශෝක්තියක්වත් නෙවේය.

ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාව යනු අසිරිමත් රටක්ව තිබූ විදේශීය ප්‍රජාවද තදින් ඇලුම් කළ කදිම නිජබිමකි.

ශ්‍රී ලාංකේය මිනිසුන් ආගන්තුක සත්කාරයට ප්‍රිය කරන මිත්‍රශීලී ජාතියක් බව කා අතරත් ප්‍රසිද්ධ විය. ආසියාතික මිනිසුන් වශයෙන්ද, ශ්‍රී ලාංකිකයන් විනය ගරුක බව කරපින්නාගත් සදාචාරාත්මක පිරිසකි.

ලෝක සිතියමේ පුංචි තිතක් ලෙස කෙළවරක සිට ඇසට හසුවන මේ ලස්සන පුංචි රට ගැන විදේශීය රටවල ප්‍රසිද්ධ වෙන්නට ගත්තේ බොහෝ විට ක්‍රිකට් ක්‍රීඩාව නිසාය.
‘සනත් ජයසූරිය ඉන්න රට.., එහෙමත් නැතිනම් ‘ලෝක කුසලාන දිනූ අර්ජුන රණතුංග ඉන්න රට’ යන සුන්දර විශේෂණයන් ඊට එකතු වූයේ අපේ කළු කොල්ලන් පිත්තෙන්, පන්දුවෙන් සුද්දන්ට පහර පිට පහර දෙනකොටය.

දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස්ලාගේ එකමුතුව මත ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයන් අර්ජුන සහ සනත් එකමුතුවෙන් නිමවූ තරුණ කණ්ඩායමකින් තව, තව කලඑළිවන්නට ගනිද්දි ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් අත්පොළොසන් දුන්නේ මහත් ප්‍රීතියෙනි.

එහෙත්..,

ක්‍රිකට් නිසා විරාජමාන වූ ඒ කීර්තිය… ක්‍රිකට් නිසාම දැන් දැන් කළු පැල්ලමකට මැදිව ඇත්තේ නොසිතූ ලෙසින් නොවේද..?

තරග පාවාදීම්, අල්ලස් ගැනීම්, තහනම් උත්තේජක සහ ක්‍රිකට් කමිටුවල ගසාකෑම්ද ක්‍රිකට් ජයග්‍රහණයන්ටත් වැඩි ඉක්මනකින් ජාත්‍යන්තරය පුරා පැතිර ගොස් අවසන්ය.
හොඳ ඵල දළුලනවාට වතුර පොදක් හෝ නැතිව වල්පැළ බිහිවෙන්නා වාගේ ක්‍රිකට් ක්‍රීඩාවෙහි ජයග්‍රහණයනට වඩා වැඩි ප්‍රතිචාරයක් හරහා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අශුද්ධ වූ කතා පදමට තව, තව ලුණු – ඇඹුල් දමමින් දසත පැතිර ගියේ කඩිනමිනි.

ඒ..,
‘සනත් ජයසූරිය’ ක්‍රිකට් ගහන රට යැයි පතළ වූ සිරිලකට ක්‍රිකට් නිසාම කළු පැල්ලමක් වූ කතන්දරයයි.

තවත් ඊනියා කතාවක ආරම්භයට මෙලෙස පෑන් තුඩෙහි මුවහත කඩදාසියට සමීප කරමි…

‘අනේ මෙහෙම ලංකාවක්…’ යන උපහාසයමය කියමන තුළ වඩා උළුප්පන්නට වුවමනා වූයේද දැන් මේ කියන්නට යන කතා පුවතය. හොඳම කතාව කවුරු වුණත් පසුවට තැබීම පුරුද්දකි… ඒ ‘හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන යාමටය’ කියන යාං හෑල්ලට සමගාමීව සිතන කල එය වඩා ‘කික්’ නිසාය.

තවත් ආටෝපයට කියනවා නම් එය ගැහැනු, ගැහැනු අතර කතාවක් වන නිසාය..,

ගැහැනු – ගැහැනු අතර කීවාට මෙය ගමේගොඩේ, ළිඳ ළඟ සංගමයට නම් සම්බන්ධ නැත… අනෙක ළිඳ ළඟ සංගමය හෝ ගොඩේ ගැහැනු ගති කවදත් පොතපතෙහි ප්‍රචලිතව තිබූ නිසා ගමේ ගැහැනුන් කෙහෙවලු පටවලා ගැනීම කිසිවෙකුට අමුත්තක් වූයේද නැත..,

ඒත්..,

උසස් යැයි සම්මත, හයිෆයි සමාජය තුළ ගැහැනුන් කෙහෙවලු පටලවා ගැනීම නම් ‘හායි හූයි’ ගාන තත්ත්වයට සමාජජාලා වෙබ්අඩවි සිසාරා ලුණු-ඇඹුල් ඇතුව පළවෙයි..,

මේ කියන්නට යන කතාවද දැනටත් හැමෝම හොඳින්ම දන්නා සිදුවීමක් ලෙස වෙබ්අඩවි සිසාරා පතළ වී හමාරය.

ශ්‍රී ලාංකේය කාන්තා සදාචාරය නිරුවත් කළ ඒ ශෝකජනක කතාවෙහි ආරම්භය සලකා 1985 අවුරුද්දට දුව යන්නෙමු.

ක්‍රිකට් නිසා සෑම රටකම ලෝක සිතියමේ පුංචි තිතක් වූ සිරිලක හැමෝම දැන හඳුනා ගත්තා වාගෙම 1985 අවුරුද්දේද සිරිලක නාමය විදේශිකයන් අතර මතක සිටින එක් ආශ්චර්යමත් සංසිද්ධියක් සිදුවිය.

ඒ ශ්‍රී ලාංකේය කාන්තාවක වූ ‘රෝසි සේනානායක’ විශ්ව රූ රැජින ලෙස ඔටුනු පැලඳීමය..,

සනත් ජයසූරිය ඉන්න රට කියා ඇතැමුන් කලෙක සිරිලක හඳුන්වන විට… තවත් ඇතැමුන් ‘රෝසි සේනානායක’ ඉන්න රට කියාද කලෙක සිරිලක හඳුන්වා දුන්නේය.

ඇත්තෙන්ම එය අපට අපූරු නම්බුනාමයක් විය.., තුන්වැනි පන්තියේ රටක කාන්තාවක් ජාත්‍යන්තර වේදිකාවක බුද්ධිය සහ රූපකාය සමග ගැටෙන තරගයක ‘වින්’ එක හෝ ‘ඔටුන්න’ ගැනීම එකල තාක්‍ෂණයවත් මෙතරමට නොදියුණු රටකට අභිමානයක්ම විය. ආසියාතික මෙන්ම සෑම රටකම ඒ අභිමානය පැතිර ගියේ රෝසි සේනානායකටත්, සිරිලක නාමයටත් මහා ගෞරවයක් අත්පත්කර දෙමිනි..,

අභාග්‍යයක මහත කියන්නේ… විශ්ව රූ රැජිනකගේ කිරුළ නිසා එදා ඒ තරම්ම අද්විතීය වූ ශ්‍රී ලාංකේය කීර්තිනාමය එකී කිරුළ නිසාම ඈ ඉතාම නින්දිත තත්ත්වයකට මැදිවී අවසානය.

විශ්ව රූ රැජින කිරුළ දිනූ රෝසි සේනානායකගේ නමද ඈඳාගෙන 2021 විශ්ව රූ රැජින කිරුළ සඳහා තරග වැදුණු 2020 ශ්‍රී ලාංකේය විවාහක රූ රැජින හොඳ කස්තිරමක් නටන්නට පටන්ගෙන ඇත.

ශ්‍රී ලාංකේය විවාහක රූ රැජින පුෂ්පිකා කියන ආකාරයට..,

  • රෝසි සේනානායක ඇයට හිමි වන්නට ආසන්නව තිබූ කිරුළ වක්‍ර අක්‍රමිකතාවකින් අහිමි කොට ඇත.
  • ඒ අතරම මිස් ශ්‍රී ලංකා තරගයෙන් ජාතික සංවිධායක චන්දිමල් ජයසිංහද රෝසි සමග තමාට කිරුළ අහිමි කළ ගේමට සපෝට්ය..
  • තමාගේම මුදලින් ටිකට් ගෙන ඒ දෙදෙනාම තරගයට පැමිණ ඇත්තේ බලෙන්මය.
  • ඉන්දියානු ජාතික සුප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු විසින් තමාම වියදම් කොට ලක්‍ෂ 75කට මැසූ ගවුම රෝසි සේනානායක විසින් යම් කුමන්ත්‍රණයක් කොට ඇගේ අතට නොලැබෙන තැනට පත්කර ඇත.
  • විනිශ්චය මණ්ඩලය සහ සංවිධායක මඬුල්ල විසින් ඇයට ලබාදුන් ලකුණු සියල්ලද රෝසි සේනානායක විසින් කුණු බක්කියට විසිකොට ඇත.

පොතේ හැටියට පුෂ්පිකා ද සිල්වා නම් සොඳුරු රූ රැජින රෝසි සේනානායකට තව චෝදනා බොහොමයක් එල්ලකොට ඇත.

පුෂ්පිකා සහ රෝසි අතර සිදුවූ දේ සහ සිදු නොවූ දේ ගැන සත්‍යය, අසත්‍යය වෙනම එකකි. ඒත් පුෂ්පිකා වැනි ප්‍රසිද්ධ කාන්තාවක් මෙලෙස හත්පොළේ ගාගත්තේ ඇයි..,

සමාජ මාධ්‍යවලට කුණු ප්‍රවෘත්ති හොයන පැපරාසින් හමුවේ පුෂ්පිකා මුළු ලෝකයටම ඇසෙන සේ ශ්‍රී ලාංකේය කාන්තා සදාචාරය සුනුවිසුනු කොට දමන්නේ ඇයි..,

තමා ‘හතරවැනි ස්ථානය දින්නා’ යැයි මුහුණු පොතේ මුසාවාද සටහන් කරන්නට තරම් පුෂ්පිකාගේ බුද්ධි මට්ටම බින්දුවට වැටුණේ ඇයි..?

‘හතර වන ස්ථානයක් නැහැ… ඔබේ උප කල්පිත සටහන නිවැරැදි කර ජයග්‍රාහිකාවට සුබපතා පෝස්ටුවක් දමන්න..,’ ලෝක විවාහක රූ රැජින සංවිධායක කමිටුවේ සාමාජිකාවක වන ‘ලිපීඩ් කෝප්‍රඩ්’ ‘තමා 4 වැනි ස්ථානයට ජයග්‍රහණය කළා යැයි පුෂ්පිකා සටහන් කළ ෆේස්බුක් පෝස්ටුවක යටින් එලෙස සටහනක් තැබීම ඇගේ රෙදි ගැලවීයෑමට හේතුවී ඇති බව තවමවත් ඇය තේරුම් අරගෙන නැත.

‘ඔබ කියන්නේ රෝසි සේනානායක මහත්මිය පැමිණ කුමන්ත්‍රණය නොකළා නම් අද මේ මා ඉදිරියේ සිටින්නේ 2021 විශ්ව රූ රැජිනියද..?’ කියා,
‘චමුදිත පුෂ්පිකාගෙන් අසන මොහොතේ..,’ ‘අනිවාර්යයෙන්ම ඔව්..,’ කියා පුෂ්පිකා උත්තර දුන්නේ ඇඟටපතට නොදැැනීමය. ඇමෙරිකානු කතකට ගිය කිරුළ තමාගේය කියා ඈ කීවේ ඇත්තටම වගකීමෙන්ද..?

විනිශ්චය මණ්ඩලයේ සියල්ලන් තරගය අවසානයේ තමා ළඟට පැමිණ.., ‘කෝ පුෂ්පිකා අපි ඔයාට දුන්න ලකුණු… ඒවාට මොනවාද වුණේ…’ කියාද ඇගෙන් අසා ඇත.., ඒ තරම් භාරදූර කතාවක් පුෂ්පිකා කීවේ කුමන ආකාරයේ වගකීමකින්ද..,

මෙහි සත්‍ය, අසත්‍යය කුමක්දැයි කියා විමසනවාට වැඩිය… පුෂ්පිකාට මේ සියල්ල මීට වඩා නුවණින් විසඳා ගැනීමට තිබුණා නොවේද අපි අසමු…

තමාගේ බුද්ධිමත් බව ගැන විනිශ්චය මඬුල්ල දැඩි විමතියකට පත්වූ බව කියන පුෂ්පිකා ශ්‍රී ලාංකේය විවාහක රූ රැජින වශයෙන් රටේ සායමත්, කාන්තා සදාචාරයේ සායමත් සෝදා හැරියේ ඉහත කී නුවණ පන්පෙට්ටියක දමා ඒ මත ඉඳගෙන කතා කළ නිසාද..?

ඒ අතරම රෝසි සේනානායක මහත්මිය විසින් හතරවැනි ස්ථානය තමා ලද බව පුෂ්පිකාට කියන්නට උපදෙස් දෙනවා යැයි හැඟවෙන හඬ පටයද ලීක්වී අවසානය..,

පුෂ්පිකා පවසන කතාවල ඇත්ත, නැත්ත හෝ ඇතුළාන්තය දන්නේ එය කියන ඈ’මය..,

නමුත්..,

සිදුවූ සියල්ල මීට වඩා හොඳින් කරන ක්‍රම ඕනෑ තරම් ඈ වටා තිබිණි. නීතිය කියා දෙයක්ද රටෙහි වන්නේය. අර තරම් තමා බුද්ධිමත් යැයි කී ඇයට ඒ නුවණ අමතක වීම පුදුමාකාරය. බලනකොට ගමේකමට ප්‍රබන්ධයක් වූ ආදි ‘කාන්තාවකට සම්මත’ යැයි කියන ‘හැඳි මිටේ නුවණවත්’ ඈ සතුව නැත..,

සිදුවූයේ කුමක්දැයි නොදන්නවාට.., කිව යුතුදේ නොකියා බැරිය..,

එදා… අපේ පුංචි රටට මහා නම්බුවක් ගෙනදුන් ලෝක විවාහක රූ රැජින තරගය මෙදා අපේ පුංචි රටට ව්‍යසනයක් මෙන්ම වාතයක්ද වී හමාරය..,

පසුගිය අවුරුද්දක කැරොලයින් ජුරි සහ චූලා පත්මමේන්ද්‍ර ඇතුළු පිරිස පුෂ්පිකාගේ කිරුළ අවිනීත ලෙස හමුවන්නට ගොස් ජාත්‍යන්තර තලය පුරාම ලංකාවේ සදාචාරය අමු නිරුවතට ඇද දැමූහ..,

එහි අශෝභන උණුසුම කෙමෙන් පහව යද්දී..,

ඔටනු පලන් විවාහක ශ්‍රී ලංකා රැජින වූ පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජින තරගයට ගිහින් ඇවිදින් සියල්ල හතරපොළේ ගාගත්තාය..,

ගාගත්තා පමණක් නොව… එහි අප්‍රසන්න ගඳ නොදැනුණු තාලෙටද හැසිරුණාය. සුපිරි තලයේ මේ ගෑනු හුටපටය හෝ කෙහෙවලු පටලවා ගැනීමේ අවසානය කුමක්දැයි තවම සිතාගන්නට බැරිය..,

හැබැයි… ශ්‍රී ලාංකිකයන් වූ අපට දුකය… නැත්නම් අපි පවුය..,

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තැබූ ඉසව් හරහාම එය බිම වැටී කුඩු පට්ටම් වන නිසාය.

ඉතින්..,
‘අබුද්දස්ස කාලෙට ලබු ගෙඩියේ තිත්ත හිටින එක’ එතරම් පුදුමයට කාරණා නොවේ යැයි නොකියා බැරිය.

දමයන්ති ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගහපල්ලා බදු පොඩි එවුන්ට නෙමෙයි ලොකු එවුන්ට! ඉන්දියාවෙ එහෙම කියනවා..! අපේ නම් එහෙම කියයිද?

Next Post

යාලේ දිවියකුගේ පෝස්ටර් එකක සජිත්ගේ ෆොටෝ එක ගහලා ඒක ඉස්සරහා ඉඳන් මොනවද මේ යාලට දෙන්නේ..? (VIDEO & PHOTOS)

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.