නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” 11 වැනි අදියර ඊයේ (01) ආරම්භ විය.
“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක” සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් අටලක්ෂ පනස්දහසක් (රු.850,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මැදවච්චිය, අගුනොච්චිය මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ (01) සිදුවිය.
එහිදී විපක්ෂ නායකතුමා සභාව අමතන අවස්ථාවේදී අනපේක්ෂිත ලෙස විදුලිය විසන්ධි විය.
ඒ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි මේවන විට දැඩි සැක මතුවී තිබේ .
කෙසේ වෙතත් විපක්ෂ නායකතුමා රැසින් සභාවෙන් පිටව ගිය පසු නැවත විදුලිය පැමිණ තිබේ .
ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා එක වැඩපිළිවෙළක් ලෙස තොරතුරු තාක්ෂණ විප්ලවය දියත් කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් බලයක් නැතුව පවා එම විප්ලවය සිදු කරන බව කීය. ආර්ථික වර්ධනය වේගවත් කරන ගාමක බලවේගය හැටියට තොරතුරු තාක්ෂණ විප්ලවය , ඩිජිටල් ආර්ථික විප්ලවය ලෙස හදුන්වන්න පුළුවන් බව කී විපක්ෂ නායකතුමා , ලෝකයේ බොහෝ රටවල් වල මේ විප්ලවය ක්‍රියාත්මක කරන බවද කීය. ඇමරිකානු ඩොලර් බිලියනයේ ව්‍යාපාර නොහොත් කඟවේනන් ව්‍යාපාර ලෝකය බොහොම වේගයෙන් ඉදිරියට ගොස් ඇති බව කී හෙතෙම මේවා නිර්මාණය කරනකොට අපේ රටේ විදේශ විනිමය ප්‍රශ්නයක්, හිගයක් එන්නේ නැති බවද කීය.
සක්වල වැනි වැඩසටහන් පිලිබදව ඇතැමුන් කුහක ලෙස උපහාසයෙන් කතා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඒවා පිලිබදව තමන් මායිම් නොකරන බවත්,මේ රටේ දරු පරපුර වෙනුවෙන් සක්වල රටපුරා රැගෙන යනබවත් කීය.










