තම සංවිධානය රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා රජයේ සියලුම පක්ෂවල වෘත්තීය සමිතිවලට ලිපියකට අස්සන් කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අස්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බව රන්ජන් නිදහස් කර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව පැවසීය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ වසන්ත සමරසිංහ මහතාට ඒ සම්බන්ධයෙන් කළ දැනුම්දීමකදී ‘අනේ වෙන වැඩක් නැද්ද’ යනුවෙන් කියා සිටි බවකි.
වෘත්තීය සමිතියක් හා දේශපාලන පක්ෂයක් රන්ජන නිදහස් කරගැනීමට සහයෝගය නොදක්වන්නේ ඔවුන්ගේ දේශපාලන බඩගෝස්තරයට බාධාවක් වෙයි කියල හිතන නිසා බවටද ඔවුහු චෝදනා කළහ.










